අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

අන්තවාදී ‘බෝන් අගේන්’ කල්ලිය ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශ කරන හැටි

January 26, 2021

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.

වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක‍්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක‍්‍රිකට් ක‍්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක‍්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්ථාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

මෙලෙසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.

ඒ කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ”බෝර්න් අගේන්” (Born Again) ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක (හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිලධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.

මේ වනවිට මෙම පිරිස ක‍්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප‍්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් (Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රබලයෙක් වන ‘පාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ තක්කඩියා (ජෙරම් ප‍්‍රනාන්දු) ක‍්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.

ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය. නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් වැනි බෝර්න් අගේන් නිකායේ ක‍්‍රිස්තියානි ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි.

කුසල් මෙන්ඩිස් දෙවියන්ගේම පිහිටින් ගහන්නෙම නැත…

born2මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ අණින් ක‍්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ ප‍්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන කළමනාකරු චරිත් සේනානායක ඉවත් කළේය.

මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළඳගැනීම ප‍්‍රතික්ෂේප කළ නිළධාරීන් ය.

චරිත් වෙනුවට පත් කළ කළමනාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.

සහාය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික‍්‍රම පසුගිය සමයේ ඉවත් කළේය. ඔහු වෙනුවට එක්වන්නේ රුවන්

කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළඳ ගත්තෙකි.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.

මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පස්දෙනකුගෙන් යුතු උපදේශක සභාවක් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක‍්‍රිස්තියානි භක්තිකයෙකි.

එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිලධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ අන්ධ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදය මෙන්ම ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්ත්වය වෙනස් නැත.

කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක‍්‍රීඩකයන්ට අසන්ත ද මෙල්ගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැඳී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළඳගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව අසන්ත ද මෙල්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයන් එළියේය. උපුල් තරංග පසුගිය සමයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප‍්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යෙෂ්ඨයෙකි.

තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.

මෙම තත්ත්වය දරුණු වන්නේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට මානසික සුවතාවට යැයි කියා ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.

වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත‍්‍රික කල්ලියක් ශ‍්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක‍්‍රීඩාව ප‍්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත‍්‍රස්තවාදයකි.

වහාම මෙම බෝර්න් අගේන් ත‍්‍රස්තවාදය පාලනය නොකළහොත් අනාගත සනත්ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ෂාන්ලාට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත.

ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති. පාලකයන් මෙම ගැටලූව ඉක්මනින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක‍්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි.

එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක‍්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක‍්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.

එම cricket Management Company ගිවිසුමට අනුව සමාගම හසුරුවන හැම ක‍්‍රීඩකයෙකුගේම Match Fee එකෙන් බාගයක් මේ ආයතනයට දීම අනිවාර්යය.

මේ සුද්දා ”මයික්” නම් මයික් එක්ක ගිවිසුම් අත්සන් නොකරන කිසිම නවක ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමේ ඉඩ නොලැබෙන අතර ගිවිසුම් අත්සන් කර Born Again කල්ලිය හා එක්වන හැම ක‍්‍රීඩකයෙකුගේම ජාතික කණ්ඩායමේ තැන ස්ථීර වන අතර ඔහුන්ගේ ප‍්‍රධාන රාජකාරිය ලෙස කරන්න ඇත්තේ ක‍්‍රිකට් ගසනවාට වඩා උඩ බැලීමත් හැමදේකටම කුරුස ප‍්‍රදර්ශනය කිරීම පමණිය. අවසන් වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමනාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

”තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුණත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”

රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අලුත් කෙළි කවට

ගයාන් සමරසිංහ

cricket3වර්තමානය වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැත්තටම නැති වී ගොසින්ය. ඔහුන් ක‍්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇත. එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10කි. පන්දුවාර 20 තරග 18න් ජයගෙන ඇත්තේ තරග 4කි.

දිගින් දිගටම ලබන මෙම පරාජයන් හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් කණ්ඩායම් අතර 6 වන ස්ථානයත්, එක්දින කණ්ඩායම් අතර 8 වන ස්ථානයත්, විස්සයි විස්ස කණ්ඩායම් අතර 7 වන ස්ථානයත් හිමිකරගෙන තිබේ. මින් පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම කිසිම දිනෙක මෙම අංශ තුනෙන් මෙවැනි ස්ථානවලට පත්ව නොමැත.

ලෝක ශුරතාවය පවා දිනූ අපේ ක‍්‍රිකට් කණ්ඩායමට අත්වූ මේ ඉරණම සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ ක‍්‍රීඩා ලෝලීන් සිටින්නේ ඉතාම කනස්සල්ලෙනි.

මෙලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බිඳ වැටීමට අදාළ බලධාරීන් මෙන්ම ක‍්‍රීඩකයන්ද වගකිව යුතු යැයි බොහෝ අය පවසති.

ඉහළ ආදායම් හා වරප‍්‍රසාද හේතුවෙන් කැපවීම ගිලිහී යෑම, දුර්වල ශාරීරික පුහුණුව හා දරාගත නොහැකි මට්ටමේ අන්තර් සමාජ තරග හේතුවෙන් ක‍්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය පිරිහී යෑම, පරිපාලනයේ දූෂණ, දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, ක‍්‍රීඩක කළමනාකරණ මාෆියාව, ක‍්‍රීඩකයන් අල්ලස් ලබා ගැනීම, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ, ක‍්‍රීඩකයන් තුළ එක්සත්කම හා කණ්ඩායම් හැඟීම නොමැති වීම සහ ආගම්වාදය ඇතිවීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව බිඳ වැටීමට හේතුවී ඇති ප‍්‍රධාන කාරණා වේ.

මෙම තත්ත්වයන් නිසා අවස්ථා කිහිපයකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉතාමත් දූෂිත බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවා පැවසුවේය.

හිටපු ක‍්‍රීඩකයන්ගේ චෝදනාව වී තිබෙන්නේ එකළ ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාවට ආදරය නිසා ක‍්‍රීඩාවේ නියැලූණ බවත් වර්තමානය වන විට ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුදු ව්‍යාපාරයක් බවට පත්වී ඇති බවත්ය. එම නිසා වර්තමාන ක‍්‍රීඩකයන් රට ගැන හැඟීමකින් තොරව තමන් ගැන පමණක් සිතමින් කි‍්‍රකට් ක‍්‍රීඩාවේ නියැළෙන බවයි.

වත්මන් ක‍්‍රීඩකයෝ රැකියාවක් ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙනවා විනා ක‍්‍රීඩාවට ඇල්මක් නොදක්වති. අතීතයේදී සිටි ක‍්‍රීඩකයන් වෙනත් රැකියාවල නියැළෙන අතරතුර ක‍්‍රීඩාවේ යෙදුණ ද ඔවුහු ඉතාම මහන්සියෙන් රට වෙනුවෙන් ක‍්‍රීඩා කළ අය වෙති.

එකළ පැරණි ක‍්‍රීඩකයන් තරග සඳහා මාස ගණන් පුහුණු වෙද්දී වර්තමාන ක‍්‍රීඩකයන් පුහුණු වන්නේ දින දෙක තුනක් පමණි. හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසා තිබුණේ දකුණු අපිකානු සංචාරය සඳහා පුහුණු වූයේ එක් දිනක් පමණක් බවයි.

cricketඑලෙසම වර්තමාන බොහෝ ක‍්‍රීඩකයන්ගේ විනය පිළිබඳ එල්ලවන චෝදනා ද ඉතා බරපතළ ඒවා වේ. පසුගිය අවුරුදු කිහිපය දෙස බැලූ කල එය මනාව පැහැදිලි වේ.

පසුගිය මස පැවැත්වූ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී විනය කඩකිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල විය. ඇතැම් ක‍්‍රීඩකයන් තරග අතරතුරදී දුම්පානය සහ මත්පැන් පානය කිරීම සඳහා යොමු වී සිටි බවට ද චෝදනා එල්ල විණි. ඒ අතර තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් කණ්ඩායමේ වෛද්‍යවරිය සමඟ ලිංගිකවද හැසිරී තිබේ.

එංගලන්ත සංචාරයේදී ද නවක තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් එම වෛද්‍යවරිය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත් වූ බවට චෝදනා එල්ල විය. ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුවන අතර දැනට වෛද්‍යවරිය එම තනතුරෙන් ඉවත් කර තිබේ. මේ අයුරින් සමහර ක‍්‍රීඩකයෝ කිසිදු බියක් සැකක් නොමැතිව තරග පවතින කාලය අතරතුර ද මෙවැනි ආකාරයේ විනය විරෝධී වැඩ සිදු කරති. එයට ප‍්‍රධානම හේතුව වන්නේ පරිපාලනයේ දුර්වලතාවයන්ය.

ක‍්‍රීඩකයන් එලෙස පිස්සු නටද්දී පරිපාලනය අතින්ද විවිධ වැරදි සිදු වුණි. ඒ මෙලෙසින්ය.

රට පුරා දක්ෂතා ඇති ක‍්‍රීඩකයන් සිටිද්දී ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත. සෑම විටම අසාර්ථක වන ක‍්‍රීඩකයන් යොදා ගනිමින් ක‍්‍රීඩා කරන්නට අපේ තේරීම් කමිටුව ක‍්‍රියා කළේය. එලෙස දිගටම සිදු කරද්දී ආණ්ඩු වෙනස් වුණත් තේරීම් කමිටුව වෙනස් වූයේ නැත.

කලක් ඥාති සම්බන්ධතා ගැන කියවුණු තේරීම් කමිටු ලොක්කන්ගේ අන්තවාදී ආගමික සම්බන්ධතා ගැනද මේ වන විට චෝදනා නැෙ`ගමින් තිබේ. ඒ කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ”බෝර්න් අගේන්” (Born Again) ආගමික අන්තවාදයයි.

දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩිකර ගැනීමයි.

මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. මෙම පිරිස ක‍්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි.

සිය බිරිඳගේ බලපෑමට 2007 වසරේදී බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.

අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.

ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වූයේ හිටපු ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්තද මෙල්ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩන`ගා ගත්තේ එලෙසින්ය.

cricket4කණ්ඩායම අතර ආගම්වාදය එසේ පතුරුවද්දී තෝරා ගන්නා ලද කණ්ඩායම් අසාර්ථක වීම දිගින් දිගටම සිදුවන්නේ නම් තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුව තිබේ. ඒහෙත් මෙම තේරීම් කමිටුව කිසි දිනක ඉල්ලා අස් වූයේ නැත.

අවසානයේ දිගින් දිගටම ලද පරාජයන් හමුවේ අසන්ත ද මෙල් කණ්ඩායම් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්විය. එලෙසම තේරීම් කමිටුවේ වෙනසක්ද අත්‍යවශ්‍යවී තිබේ.

අනෙක් ප‍්‍රධාන ප‍්‍රශ්නය ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට ගෙවන ගෙවීම්ය. මාසිකව මොවුන්ගේ දීමනාව රුපියල් ලක්ෂ ගණනකි. දීමනා සහ වෙනත් දැන්වීම් ආදියෙන් තවත් ලක්ෂ ගණනක මුදලක් උපයා ගනියි. එම නිසා හොඳින් ක‍්‍රීඩා කළත් නොකළත් ලක්ෂ ගණනින් වැටුප් ලැබෙන නිසා ක‍්‍රීඩකයන්ට ක‍්‍රිකට් ගැන වගකීමක් නොමැත. එම නිසා සමහර ක‍්‍රීඩකයන් කෙසේ හෝ කණ්ඩායමට රිංගා ගෙන කවර හෝ ක‍්‍රමයකින් ස්ථානය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරයි.

මෙම තත්ත්වය මත මාසික වැටුප් ක‍්‍රමය වෙනුවට සාමාන්‍ය වැටුප් ක‍්‍රමයක් සකස් කර දක්ෂතා මත අදාළ ගෙවීම් වැඩිවන ආකාරයේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය. එවිට ක‍්‍රීඩකයන් වගකීමකින් යුතුව කටයුතු කරනු ඇත.

සමහර ක‍්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ස්ථානය ඔහුනට දිගටම හිමිවීම ගැටලූවකි. එසේම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් පවා දක්ෂතා නැති නම් තාවකාලිකව හෝ කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය.

මෙවැනි ආකාරයේ ක‍්‍රමවේදයක් අනුගමනය කළ විට ක‍්‍රීඩකයන් ලකුණු අතරට ඒමට හෝ කඩුලූ අතරට ඒමට වැඩි උත්සාහයක් ගනු ඇත. එසේම සෑම අසාර්ථක තරගාවලියක් අවසානයේම තේරීම් කමිටුවෙන් නිදහසට කරුණු විමසීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය.

තවත් එක් ගැටලූවක් වන්නේ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ ක‍්‍රියා කලාපයයි. මේ වන විට සමාජ ජාලා ඔස්සේ එම ප‍්‍රශ්නය එළියට පැමිණ තිබේ. ඒ ප‍්‍රශ්නය එළියට ආවේ ඇමෙරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසූරිය හෙළිකළ සිද්ධීයත් සමගයි.

මේ සමග වසර ගණනාවක් තිස්සේ මේ බිරින්දෑවරු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට කර ඇති බලපෑම ඇති විශාලය. මේ නිසා වහාම කළ යුත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරු ක‍්‍රිකට් සංචාරවලට රැගෙන යෑම හා මෙරට තරගවලදී පවා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කාමරවලට යෑමට ඇති අවස්ථා තහනම් කිරීමය.

විදේශ සංචාරවලදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරු කල්ලි ගැසී කණ්ඩායම් තෝරා ගැනීමට පවා බලපෑම් කළ බව කියවේ. මේ නිසා දක්ෂ ක‍්‍රීඩකයන්ට ඇතැම් විට සිදුවූයේ කණ්ඩායමට වතුර අදින්නටය.

cricket2එසේ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ සම්බන්ධය මත ගැටුම් ඇතිවූ තරගාවලියක් වන්නේ 2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියයි. එහිදී බිරින්දෑවරුන්ගේ ගැටුම් නිසා ඇතිවූ ක‍්‍රීඩක ආරවුල් නිසා ශ‍්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයටද පරාජය වී පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. සමහර ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ මෙම නොමනා හැසිරීම් ද වහාම නැවැත්විය යුතුය.

එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් පසුගියදා පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු විවිධ බලපෑම් මගින් සිය වාර්තාව වෙනස්කර ඇතැයි ද චෝදනා එල්ල වේ. ඒ අනුව මෙම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයා අදාළ වාර්තාවේ ප‍්‍රධාන කොටස් දෙකක් සම්බන්ධ අවසාන ලකුණු අගයන් එසේ තමාට වාසි වන අයුරින් වෙනස් කරගෙන ඇති බවයි පැවසෙන්නේ.

තවත් සමහර ක‍්‍රීඩකයන් තමාගේ ශරීර යෝග්‍යතා වාර්තා අදාළ පාර්ශ්ව වෙත විවිධ අල්ලස් ලබා දීමෙන් වෙනස් කරගනී. එලෙස වෙනස් කිරීමේ ක‍්‍රියාවලිය දීර්ඝ කාලයක් පුරා සිදුකරගෙන ගොස් තිබේ.

එලෙස බලන කල සමහර ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කර ඇත්තේ නියමිත ශරීර යෝග්‍යතාව නොමැතිවයි.

ලබන මස පැවැත්වෙන බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක‍්‍රීඩකයන් 20 දෙනකු පසුගියදා යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් 8 දෙනකු එහිදී අසමත් විය. එසේ අසමත්වූ ක‍්‍රීඩකයන් හට එළැඹෙන පෙබරවාරි 3 දා නැවත වරක් එකී පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවස්ථාව උදාවනු ඇත. එම පරීක්ෂණයෙන්ද ඔවුන් අසමත් වුවහොත් එකී සංචාරයට ඔවුන්ව සහභාගි කර නොගනී. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ මේ පරීක්ෂණ නිසි පරිදි සිදුවේද යන්නයි.

මේ අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසකගේ පුද්ගලික කළමනාකරු ලෙස කටයුතු කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරන පිටස්තර කළමනාකරුවකු සම්බන්ධයෙන්ද බරපතළ ප‍්‍රශ්න පවතී. ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය ආරක්ෂා කර ගන්නට මේ කළමනාකරුට අයත් සමාගමට අදාළ සංචාර සඳහා ලැබෙන මුදලින් විශාල කොටසක් ගෙවිය යුතුව තිබේ.

හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර ස්කයි රූපවාහිනිය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡුාවකට එක් වෙමින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වැටී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ‘‘අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා. සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ. මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවක් ශ‍්‍රී ලංකාවේ නොමැති වීමයි. අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්ෂ ක‍්‍රීඩකයන් රැසක්ම බිහි කළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, මේ තියෙන ක‍්‍රමවේදයේ ගැටලූවක් දක්නට ලැබෙනවා. සෑහෙන කාලයක් අපි දක්ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා. ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ.” යනුවෙනි.

ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.

‘‘ක‍්‍රීඩකයන්, වසරකට ආසන්න කාලයක් ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින හෝ විස්සයි 20 ක‍්‍රීඩා කර නැත. එල්.පී.එල්. විස්සයි විස්ස ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආරම්භය විය. එතැන් සිට ඔවුන් කෙලින්ම ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ගියා. ඒ නිසා ඔවුන් එයට හැඩගැසිය යුතුයි. නමුත් එය වෘත්තීය ක‍්‍රීඩකයන්ට නිදහසට කරුණක් නොවේ.”

‘‘කෙසේ වෙතත්, අපි ඉදිරියේදී ක‍්‍රිකට් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා.”

වළපල්ලට ගොස් තියෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ගොඩනැ`ගීමට වගකිව යුතු නිලධාරීන් දැන්වත් නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොවුණොත් නොබෝ දිනක දීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැත්තටම නැති වී යනු ඇත.

වික්ටර්ට මොකද වුණේ… පනස් වසරක මිතුරා දයා විජේසේකර කියන කතාව

..

* දෙවෙනි කසාදයට අත්සන් තැබුවෙත් ඔහුයි

dayasss222වික්ටර්ගේ සමදුක මිත‍්‍ර, දයා විජේසේකර වෙත, අප ඇමතුමක් ලබා දෙන්නේ, වික්ටර් රත්නායක නම් මහා ජාතික වස්තුව පිළිබඳව පැතිර පවත්නා, කතාව සහ ඒ වන විටත් සමාජ මාධ්‍ය ජාලා හි ප‍්‍රචාරය වෙමින් පවතින වීඩියෝවේ ඇත්ත නැත්ත පිළිබඳව, ඔහු දන්නේ කුමක්දැයි අසා දැන ගන්නටය. ඒ කතාව දික් ගැස්සී, වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අපි ඔහුගේ නිවසට ගියෙමු. මාධ්‍යවේදියෙකු ලෙස දවස පුවත්පතේ සේවය කරන ලද ඔහු, අමාත්‍යංශ ගණනාවක රජයේ ජ්‍යෙෂ්ඨ පුවත් නිලධාරියෙකු ලෙස සේවය කළේය. පසුව ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරයෙකු, අමාත්‍යාංශ උපදේශකවරයෙකු ලෙස ද සේවය කරන ලද ඔහු, වික්ටර් සමග ලෙන්ගතු දයාවකින්, දශක ගණනාවක් අඛණ්ඩව කටයුතු කළේය. වික්ටර් දෙවැනි වරට, විවාහය සඳහා පිවිසෙන විට, ඒ සඳහා පිටත් වූයේ, ඔහුගේ දියණියගේ නිවසේ සිටය. එම කසාදයට වික්ටර් වෙනුවෙන් අත්සන් තැබුවේ දයාය. ඒ තරමට වික්ටර් – දයා මිත‍්‍ර සන්ථවය ප‍්‍රබලය. සිය මිතුරාට සිදු වූයේ කුමක්ද…? ඒ ප‍්‍රශ්නය සඳහා දයා විජේසේකර මහතා දුන් පිළිතුර මෙසේය.

ප‍්‍රශ්නය – ඔබට මුලින්ම වික්ටර් රත්නායක මහතා හමුවන්නේ කොහොමද…?

පිළිතුර – වික්ටර් රත්නායක මහතාව මම මුලින්ම දැක්කේ 1970 වසරේදී. එදා පත්වූ නව ආණ්ඩුව වෙනුවෙන් ‘ජනතා ජයග‍්‍රහණය’ කියලා, නිදහස් චතුරශ‍්‍රයේ උත්සවයක් පැවැත්වුණා. ඒ සඳහා ‘අරුණු රැසක්…

රැසක්…රැසක්…’ කියන ගීතය ඔහු ගායනා කළා. එදා තමයි, මම මුලින්ම ඔහුව දැක්කේ. හැබැයි මම ඔහුව හඳුනාගන්නේ, පේ‍්‍රමකීර්තිගේ මාර්ගයෙන්… පේ‍්‍රමකීර්ති ද අල්විස් සහ මම දවස පත්තරයේ එකට වැඩ කළා. දවසක් මම, පේ‍්‍රමකීර්ති හමුවීම සඳහා ඔහුගේ නිවසට ගියා. ඔහු එතකොට හිටියේ නුගේගොඩ, පාගොඩ පාරේ… පේ‍්‍රමකීර්ති ඒ වෙලාවේ වික්ටර්ගේ ගෙදර ගිහින්… ඊට ගෙවල් හතරක් එහායින් තමයි වික්ටර් හිටියේ. මම, පේ‍්‍රමකීර්ති හොයාගෙන එහෙට ගිහින් තමයි, මුලින්ම වික්ටර් හඳුනා ගන්නේ… ඒ, 1971 වසරේ විතර…

ප‍්‍රශ්නය – ඊට පසුව ඔබ සහ වික්ටර්, කුළුපග මිත‍්‍රයන් වෙනවා..,.

victor3පිළිතුර – ඔව්… අපි දෙන්නා සහ පවුල් දෙක එකට ගමන් බිමන් යන තරමට මිත‍්‍ර වෙනවා, ඒ ගැන කියන්න දෙයක් නැහැ. අපි එක පවුලක් වගේ තමයි ජීවත් වෙන්නේ…

ප‍්‍රශ්නය – වික්ටර් රත්නායක මහතා දෙවැනි වරට විවාහ වෙන්න යන අවස්ථාවේ දී ඒ සඳහා ඔහුගේ දරුවන් විරුද්ධ වෙනවා. එහිදී ඔබ දරන්නේ කිනම් ස්ථාවරයක් ද…?

පිළිතුර – මේ කතාව මට ආරංචි වෙනවා. ඒ වුණාට මම ඔය ගැන වික්ටර්ගෙන් අහන්න ගියේ නැහැ. එයා මට කිව්වෙත් නැහැ. අපි දෙන්නා වෙනදා වගේ ආශ‍්‍රය කළා. කතා කළා. එක දවසක් ජයන්ත මට කතා කරලා

”දයා මාමා… හරි වැඬේ… ඊයේ ඉඳන් තාත්තා ආයෙත් බොනවා …’’ කියලා කිව්වා…

”ඒ මොකද කියලා’’ මම ඇහව්වා

” පොඩි අවුලක් වුණා ඊයේ… අපි ගිහිල්ලා, ඊයේ තාත්තාට අවවාදයක් දුන්නා. තාත්තා අපි සේරම එලෙව්වා. මරණයටවත් එන්න එපා කිව්වා…’’

මම ඒ පාර, වික්ටර් බලන්න ගියා.

”මොකද වුණේ…ජයන්ත මට විස්තරයක් කිව්වා’’

” ඔව් මචං… මම දන්න ළමයෙක් මෙහෙ ඇවිල්ලා හිටියා… මුන් කට්ටිය එකතුවෙලා, ඒ ළමයට ගහලා එලෙව්වා…’’

victor4”කවුද ගැහැව්වේ…’’

”ලෙලූම්ගේ වයිෆ් තමයි ගැහැව්වේ… මම මචං, මුන් ඔක්කොම ගෙදරින් එලෙව්වා…’’

” දැන් මොකක්ද උඹ කරන්න හදන්නේ’’

”බෝතලයක් ගෙනහල්ලා බොමු…’’

” දැන් බොන්න බැහැ… මුලින්ම මේක කතා කරලා ඉවරයක් කරගමු… උඹ මේ ගැන හරියට තීන්දුවක් ගනින්…’’

” ඒක තමයි මචං, මම මේ ඒ ගැන හිත හිත දෙගිඩියාවෙන් ඉන්නේ…’’

” මේ වැඬේ සීරියස් ද…’’

”ඔව් මචං දැන් අවුරුදු ගාණක් අපි මේ ආශ‍්‍රය කරගෙන ගියා… ඒ ළමයත් කැමතියි… දැන් මේක නවත්වන්න බැහැ.’’

victor5” එයා කැමති නම් උඹව බඳින්න, උඹ කැමති නම් එයාව බඳින්න, ඇයි යකෝ මේ හොරට ඉන්නේ… නීත්‍යනුකූලව කරන දෙයක් කරපන්… නැත්නම් මේක නවත්වපන්… උඹලා දෙන්නා ස්වාධීන මිනිස්සුනේ…’’

මෙහෙම කතා කරලා, මම එන්න ආවා. පහුවදා වික්ටර් ඇවිල්ලා, මාව හමු වුණා.

”මචං වැඬේ බරපතළයි. මට මොකක් හරි තීන්දුවක් ගන්න ඕනේ… උඹ මොකක්ද මේ  ගැන කියන්නේ…’’

”මුලින්ම උඹේ තීන්දුව කියපන්…’’

”ඒ ළමයා බඳින්න කැමතියි. මාත් කැමතියි…’’

”එහෙනම් මේ වැඬේ කරපන්…’’

”කොහොමද මචං මේක කරන්නේ’’ කියලා වික්ටර් මගෙන් ඇහැව්වා…

මේ වෙනකොටත් මම මේ ගැහැනු ළමයාව හඳුනන්නේ නැහැ… ඒත් වික්ටර් වෙනුවෙන් මම ඔහුගේ විවාහය සඳහා කටයුතු, ඉතා රහසේම, රෙජිස්ටර් ජෙනරාල් කාර්යාලයේ සූදානම් කළා. මමයි, මගේ වයිෆ් වික්ටර් එක්ක, එක කාර් එකේ එතැනට ගියා. ළමයත් අපිත් එක්ක, අපේ ගෙදර ඉඳලා වෙන කාර් එකක ආවා. වික්ටර්ගේ පැත්තෙන් මම අත්සන් කළා. අර ළමයාගේ පැත්තෙන්, හොංකොං විශ්වවිද්‍යාලයේ ඉංග‍්‍රීසි කථිකාචාර්යවරයකු වෙන ජෝර්ජ් අත්සන් කළා. ඔහුත් වික්ටර්ගේ මිත‍්‍රයෙක්… එතකොට වික්ටර්ට හැත්තෑ පහයි… ඒ ළමයාට අවුරුදු තිස් දෙකයි…

ප‍්‍රශ්නය – මේක නොගැළපෙන කසාදයක් කියලා ඔබට හිතුණේ නැද්ද…?

පිළිතුර – පළවෙනි දේ තමයි, ඒ දෙන්නාගේ කැමැත්ත… ඒ වෙනකොට වික්ටර්ගේ දරුවෝ ඔක්කොම බැඳලා හිටියේ… බිරිය මැරිලා අවුරුදු දහතුනක් වෙනවා… මේ මනුස්සයාට කාත් කවුරුත් නැතුව ඔහේ ඉන්න බැහැනේ… මේ නිසා, ඒ පැත්තෙන් තමයි මම බැලූවේ… අනිත් එක දරුවෝ එපා කියපු එක, මම එපා කිව්වට නවතින්නේ නැහැනේ…

ප‍්‍රශ්නය – මේ භාර්යාව නිසා ඒ මහා කලා පෞරුෂය වෙනස් වුණා කියන එක හැමෝම කිව්වා…

පිළිතුර – ඔය ඊයේ පෙරේදා ආපු වීඩියෝ එක එනකම්, මම එහෙම හිතුවේ නැහැ. මොකද වික්ටර් කියන්නේ, ප‍්‍රතිපත්තිගරුක, කොන්ද කෙළින් තියාගෙන ඉන්න, නම්බුකාර, ආගමානුකූල කෙනෙක්… ඔහුව මෙතැනට වෙනස් කිරීම ලෙහෙසි දෙයක් නෙමෙයි. එදා මම හිටියේ, මේ දෙන්නාගේ කැමැත්තට සහ වික්ටර්ගේ යහපතට මේ විවාහය හේතුවක් කියන මතයේ… එහෙම වුණාට අද මම ඒ මතය දරන්නේ නැහැ. මම ඒ මතය දැන් වෙනස් කරලා, මේ මිනිහව, විනාශ කළේ මේ ගැහැනිය කියලා, මම කියනවා.

ප‍්‍රශ්නය – අසරණව වැටී සිටි, වික්ටර් රතනායකයන්, මේ විවාහයෙන් පස්සේ, යළි ප‍්‍රමුදිත වුණා කියලා කියන්න පුළුවන්…?

පිළිතුර – වික්ටර්ගේ නව නිර්මාණ එළි දැක්කේ නැහැ. ඒත් ඔහුට ගොඩක්, සංදර්ශන සඳහා සහභාගි වෙන්න පුළුවන් වුණා. ඒවායෙන් හොඳ ආදායමක් ලැබුණා. මේ බිරින්දෑට ලොකු ආර්ථික ප‍්‍රශ්න ගණනාවක් තිබුණා. උන්දැ, බැංකුවේ වැඩ කරන කොට කරපු වංචාවක් නිසා, ලොකු නඩුවකට පැටලිලා හිටියා. ඒ නඩුවෙන් ඇය රිමාන්ඞ් වෙලා හිටියා. අඟුණකොලපැලැස්සේ  බන්ධනාගාරයේ තමයි හිටියේ… මාත් බලන්න ගියා. වික්ටර් එක්කමයි ගියේ… තාම ඒ නඩුව තියෙනවා. මෙයාට වික්ටර්ගේ සල්ලි ලොකු වුණා.

ප‍්‍රශ්නය – මේ කාන්තාව මොන ආගමේද…?

පිළිතුර – මුල් වෙලාවේ එහෙම ආගමක් ගැන මම නම් දැනගෙන හිටියේ නැහැ…

ප‍්‍රශ්නය – වික්ටර්ගේ සහ ඇයගේ නිවසේ, ආගමික පසුබිම කොහොමද තිබුණේ…?

පිළිතුර – වික්ටර්ගේ ගෙදර මෙයින් හෝල් එකෙන් එළියේ, තාප්පය අයිනේ, ලස්සන, ලොකු බුදු පිළිමයක් තිබ්බා. තාප්පයට අල්ලලා, ගල් ගුහාවක් වගේ හදලා, අඩි තුනක විතර ලස්සන බුදු පිළිමයක් තියලා තිබ්බා. එතැන ඉස්සරහ පොන්ඞ් එකක් හදලා, මල් වවලා, තිබ්බා. වික්ටර් උදේ හවා, ඒ පිළිම වහන්සේට මල් පූජා කරනවා. එහෙම තමයි ඒ ගෙදර පරිසරය තිබුණේ… වික්ටර් බෞද්ධාගම ගැන හොඳ දැනීමක් තිබ්බ කෙනෙක්… ඔහුගේ නිවසේ බෞද්ධාගම ගැන මහා පොත් ගොඩක් තියෙනවා. ඒ වගේම ටී. එන්. එල්. නාලිකාවේ, ස්වාධීන රූපවාහිනියේ බෞද්ධාගමික වැඩසටහන් සඳහා ඔහු සහභාගි වුණා.

ප‍්‍රශ්නය – මේ අතරේ වික්ටර් අසනීප වෙනවා…

පිළිතුර – ඔව්… දිගටම එයාට උණ ගන්නවා… අර මනුස්සයා මට කතා කරලා ”බලන්නකෝ දයා අංකල්, උදේටත් උණ, හැන්දෑවටත් උණ… මොකද කරන්නේ කියලා, මගෙන් ඇහැව්වා… ඒ පාර පරීක්ෂණ ගණනාවක් කළා. ගිය අවුරුද්දේ, පෙබරවාරි අග වගේ වෙනකොට, වික්ටර්ගේ කකුල් දෙක ඉදිමුණා… මෙයාට ඇවිද ගන්න බැරිවෙන ගාණට ආවා… මෙහෙම යනකොට අපිට වෛද්‍යවරු කිව්වා, අක්මාවේ ආබාධයක් තියෙනවා කියලා. ඒ සඳහා ශල්‍යකර්මයක් කරන්න තිබ්බා. ඒක නොපමාව කරන්න කියලා වෛද්‍යවරු උපදෙස් දීලා තිබ්බා. එහෙම තියෙද්දී පෙබරවාරි මාසයේ ගෙදර ආවා. ආයෙත් අසනීප වුණා. ශල්‍යකර්මය සඳහා වෛද්‍යවරු මාර්තු මාසයට දින දීලා තිබ්බා. ” මාර්තු මාසයේ මට ෂෝස් ගාණක් තියෙනවා. ලක්ෂ විසි අටක් විතර මට එන්න තියෙනවා. මම දැනටමත් ලක්ෂ අටක් විතර, ඇඞ්වාන්ස් අරගෙනයි, තියෙන්නේ… ඒ නිසා මේක අපි අපේ‍්‍රල් වල කරමු.’’ කියලා, වික්ටර් මට කිව්වා. මාර්තු අගවෙනකොට කොරෝනා ආවා. ෂෝස් එහෙම්ම නතර වුණා. ලෙඬේ වැඩි වුණා. පස්සේ, ශල්‍යකර්මය, බාහිරින්, අලූත් ක‍්‍රමයට කළා. ශල්‍යකර්මය සාර්ථක වුණා… ටිකට් කපන් එන්න හදන කොටම, හාර්ට් ඇටෑක් එකක් ආවා. 

ඒ වෙලාවේ එයාට හුඟක් අමාරු වුණා… මළ මිනියක් දාලා වගේ තමයි ඇඳේ හිටියේ…

ඔහුට දොස්තරලා ප‍්‍රතිකාර කළේ නොමිලේ… මහාචාර්ය සමන් කේ. ගුණතිලක, විශේෂඥ වෛද්‍ය ප‍්‍රියංකර ජයවර්ධන වගේ අය පුදුම කැපවීමකින් වික්ටර් බලා ගත්තා. දොස්තරලා, වික්ටර්ට කතා කළේ ”සර්’’ කියලා. එතරම් ගෞරවයකින් තමයි, ඔවුන් කටයුතු කළේ…

වික්ටර්ට සිහිය ආවාට පස්සේ, වෛද්‍යවරු උපදෙස් දුන්නේ, හිතවත්ම අයට ඔහුත් එක්ක කතා කරන්න, එන්න යන්න ඉඩ දෙන්න කියලයි. ඒත් පැමිණෙන පිරිස සීමා කරන්නත් ඕනේ. මොකද විෂබීජ යන්න ඉඩ තියෙන නිසා… ඒ අනුව වික්ටර්ගෙන් එන්න, කතා කරන්න කැමති අයගේ නම් කියලා අහලා තියෙනවා. එයා කැමති වුණේ, මායි කුලයයි (කුලරත්න ආරියවංශ) එනවට… සිහිය ආවාම ඔක්කොම හොඳට මතකයි… ඊට පස්සේ මාස දෙකක් තුනක් පිශියෝ තෙරපි කළා. මම ඒ හැමදාම ගියා. මේ වෙනකොට ලොකු බිලක්, රෝහල් ගාස්තු විදිහට ගෙවන්න තිබ්බා. ලක්ෂ විසි අටක් විතර බිල තිබුණා. ඒ වෙනකොට සල්ලි ඉවරවෙලයි තිබ්බේ. මම මුල් වෙලා අරගෙන දුන්න, ප‍්‍රිමියෝ කාර් එක, මම ලක්ෂ අසූ දෙකකට විකුණලා දුන්නා. ඊට පස්සේ, එයාගේ වයිෆ්ගේ අක්කලාගේ ගෙදර තමයි ඇවිල්ලා හිටියේ… මම ඉතින් හැමදාම බලන්න යනවා. මගේ කාර් එකේ ඇවිදින්න එක්කගෙන යනවා.

මේ වෙනකොට මම දේවල් කිහිපයක් නිරීක්ෂණය කළා. වික්ටර් රෝහලේ ඉන්නකොට, එයාගේ රූම් එක ඇතුළේ, යේසුස් වහන්සේගේ පින්තූරයක් තියලා, ලාම්පුවක් පත්තු කරලා තිබ්බා. මම හිතුවේ එයාගේ වයිෆ්ගේ ආගම තමයි මේක. ඒ නිසා මෙහෙම කරනවා ඇති කියලා. මම දවසක් වික්ටර්ගේ අතුරුගිරියේ ගෙදරට ගියා. එතකොට අර, මනරම් බුදුපිළිමය තිබ්බේ නැහැ. ඒ වෙනුවට එතැන, බයිබල් පාඨයක් ගහලා තිබ්බා. ගෙදර උළුවස්සේ තිබ්බ, බුදු සරණයි කියන බෝඞ් එක ගලවලා, එතැනත් බයිබල් වාක්‍යයක් ගහලා තිබ්බා. වික්ටර්ගේ ගෙදර තිබ්බ, බෞද්ධ පොත් පත් ටිකත් පල්ලියෙන් ඇවිල්ලා, ලොරියක දාගෙන විනාශ කරන්න අරගෙන ගියා කියලා, මට ආරංචියක් පස්සේ කාලෙක අහන්න ලැබෙනවා. ඊට පස්සේ තමයි මේ වීඩියෝ එක දැක්කේ…

ප‍්‍රශ්නය – මොකද මෙහෙම වුණේ…?

පිළිතුර – වික්ටර්ට සිහිය නැතිවනේ හිටියේ… අර මනුස්සයා, මෙයාට කියලා තියෙන්නේ ”ඔයාව බේරාගත්තේ දෙවියන් වහන්සේ…’’ කියලයි. එතකොට දොස්තරලා කරන්න තියෙන ඔක්කොම කරලයි තිබ්බේ. ඒ අය එහෙම කිව්වා… ඒක ඇත්ත… ඒ වුණාට දොස්තරලා අතහැරියේ නැහැ. පුදුම කැපවීමකින්, වික්ටර් වෙනුවෙන් ඔවුන් සේවය කළා. දිගින් දිගටම ප‍්‍රතිකාර කළා. පැයෙන් පැයට, දොස්තරලා මෙයා ගැන හොයලා බැලූවා.

ප‍්‍රශ්නය – මේ සාකච්ඡා වට පෙර වික්ටර් රත්නායක මහතාව හමුවුණේ කවදාද…?

පිළිතුර – ගිය සතියේ අපේ ගෙදර ආවා. එදා කුලයත් ආවා. උදේ ඇවිල්ලා, කාලා බීලා හවස තමයි, වික්ටර්  ගියේ… වික්ටර්ගේ උපන් දිනය පෙබරවාරි දහ අටවෙනිදා… ඒ නිසා මොකක් හරි වැඩක් කරමු කියලා, කුලයත් එදා කිව්වා. එංගලන්තයේ පිරිසකුත් විශාල මුදලක් උපන් දිනේට වියදම් කරලා, ඒ වෙනුවෙන් රූප රචනා දාලා, වීඩියෝ වගයක් හදන්න පටන් ගෙන තිබුණේ…

ප‍්‍රශ්නය – ඔය අතරේ, අර වීඩියෝව ඔබ දකිනවා…

පිළිතුර – ඔව්… මම ඉතින් දවස් දෙකකට තුනකට පාරක් එයාට කතා කරනවනේ… ඒ වගේ මම කතා කළා…

”කොහොමද මචං’’

”දැන් නම් හොඳයි මචං… මම උඹට හෙට උදේ කෝල් එකක් දෙන්නම්…’’ කියලා වික්ටර් ඒ වෙලාවේ ෆෝන් එක තිබ්බා. පහුවදා උදේ එයා කතා කළේ නැහැ. මම අඟහරුවාදා උදේ කතා කළා. එතකොට මට අර වීඩියෝ එක ගැන ආරංචිය ඇවිල්ලා, ඒක බලලයි තිබ්බේ… මම ඒක දැක්ක ගමන් දෙන්නගේ ෆෝන් වලට ගත්තා. දෙකෙන් එකක්වත් ආන්සර් කළේ නැහැ. හැන්දෑවේ හයාමාරට විතර වික්ටර් මට කතා කළා…

” උඹ ඊයේ කතා කරනකම් මම බලාගෙන හිටියා…’’

”ඔව් බං මට කතා කරන්න බැරි වුණානේ…’’

”මොකක්ද බං, මේ උඹේ වීඩියෝ එකක් හෝ ගාලා යන්නේ…’’

”ඔව්නේ මචං… අර මගේ උගුරේ තිබ්බ අමාරුව අයින් කළානේ…’’

”කවුද මචං ඒ උගුරේ එක අයින් කළේ… කොහෙද හොස්පිටල් එක…’’

”නැහැ මචං… දෙවියන් වහන්සේ අයින් කළානේ…’’

”දෙවියන් වහන්සේ උගුරේ අමාරුව අයින් කළා…?’’

”ඔව් මචං, දෙවියන් වහන්සේ මගේ උගුරේ අමාරුව අයින් කළා… මගේ කිඞ්නි එකේ අමාරුව සනීප කළා… මගේ ලිවර් එකේ ආබාධය සනීප කළා. මගේ ලංග්ස් වල අමාරුව සනීප කළා. හාට් එක සනීප කළා. ඔක්කොම දෙවියන් වහන්සේ කළේ…’’

” දෙවියන් වහන්සේ කොහොමද මචං ඒක කරන්නේ… උඹ හොස්පිටල් එකේ නතර කරලා, නහයෙන් බට දාලා, මාස තුනහමාරක් ඉඳලනේ සනීප කර ගත්තේ…’’

”නැහැ මචං… දොස්තරලා බැහැ කියලා, මාව අත ඇරියනේ මචං… ඊට පස්සේ මාව භාර දුන්නේ දෙවියන් වහන්සේට… දෙවියන් වහන්සේ තමයි, මාව බේර ගත්තේ…’’

”උඹ විශ්වාස කරනවාද ඕක…’’

”ඔව් මචං…’’

”උඹ විශ්වාස කරනවා නම් විශ්වාස කරපන්… දෙවියන් වහන්සේට කරන්න පුළුවන් දෙයක් නැහැ…එයාට මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් නම්, අර ඉතාලියේ ලක්ෂ ගාණක් මැරිලා, එයාට කියපන්, ඒ මිනිස්සුන්ට උදව් කරන්න කියලා… ඇයි බං, ඔය වගේ බොරුවලට රැවටෙන්නේ…’’

”මම රැවටිලා නැහැ… මම උන් වහන්සේගේ බලය විශ්වාස කරනවා… උන් වහන්සේ තමයි මාව බේරා ගත්තේ…’’

”උඹ ඔහොම රැවටුනාට, අපිට ප‍්‍රශ්නයක් තියෙනවා… උඹ හෂිනි අමේන්ද්‍රගේ දෙවැනි මිනිහා වුණාට, උඹ මේ රටේ ජාතික වස්තුවක්… උඹට මේ රටේ මිනිස්සු ආදරෙයි… උඹ ඒ ඔක්කොම බල්ලට දාලා මේ වගේ වැඩ කරන එක හරිද…?’’

”එහෙම කතා කරන්න එපා මචං… මගේ විස්වාසය මට ලොකුයි…මේක මගේ කැමැත්ත…’’

”මට මේ වීඩියෝ එක දැකපු අය කිහිප දෙනෙක් කිව්වේ, උඹ ඒ වෙලාවේ මළා නම්, ගෞරවාන්විතව මළේ කියනවා… දැන් උඹ බල්ලෙක් වෙලා මැරෙන්නේ කියලා…’’

”එහෙම කියන්න එපා…’’

”උඹේ ජීවිතය බේර ගන්න හෂිනි කැපවුණා. ඒ ගෞරවය, ඒ මනුස්සයාට අයිතියි… ඒ වගේම උඹේ ගෞරවය විනාශ කිරීමේ සාපයත් ඒ මනුස්සයාට අයිතියි…’’

මේ කෝල් එක දෙනකොට හෂිනිත් ළඟ හිටියා කියන එක මට තේරුණා…

”කොහෙන්ද මේ දෙවියන් වහන්සේ උඹට හම්ඹු වුණේ…’’ කියලා මම ඇහැව්වා…

එතකොට හෂිනි කියනවා, ”ජාඇල කියන්න… ජාඇල කියන්න…’’ කියලා.

”ජාඇල දී මචං…’’

”උඹ ආයෙත් සැරයක් අසනීප වුණොත් යන්න වෙන්නේ දෙවියන් වහන්සේ ගාවට… මේ සැරේ ගියොත් ආයෙත් ගෙදර එන්න වෙන්නේ නැහැ…’’ කියලා මම කිව්වා.

ඒ එක්කම එයා කෝල් එක කට් කළා…

ඕක තමයි කතාව…

මේ ඔක්කොම වුණේ, මෙයාව බේරා ගත්තේ දෙවියන් වහන්සේ කියන එක හෂිනි මෙයාගේ ඔළුවට දැමීමෙන්….

‘‘දෙවියන් වහන්සේ හරි මහසෝනා හරි කමක් නැහැ, උඹේ ජීවිතය බේරාගත්තා නම්… හැබැයි මේ දේවල්, උඹ මීට වඩා මොළය ඇතුව, කල්පනාවෙන් කරන්න තිබුණා.’’ කියලා මම කිව්වා. වික්ටර්ට සියලූ දේවල් මතකයි, එක දෙයක් හැර… ඒ තමයි, එයාට හාර්ට් ඇටෑක් එක ඇවිල්ලා, ඒ දවස් ගාන යනකං වෙච්ච දේවල් ඔහුට අමතකයි.

හෂිනි ඒ ගැන වික්ටර්ට කිව්වේ ”අරගොල්ලෝ අත ඇරියාම, මම ඔයාව දෙවියන් වහන්සේට බාර දුන්නා’’ කියන එකයි. ”දෙවියන් වහන්සේ තමයි, ඔයාව බේරා ගත්තේ….’’ කියන එක හෂිනි වික්ටර්ට කිව්වා…. අර දේවල් අමතක නිසා, මෙයා දැන් පිළිගන්නේ අර මිථ්‍යාව…

මෙච්චර කල් ජේසුස් වහන්සේට පවා අපහාස කරමින්, එක එක කල්ලි දුප්පත් මිනිස්සුන්ව, අසරණයන්ව බිලිබා ගත්තා… ඒ අල්ල ගත්තේ හාල් මැස්සන්, කූනිස්සන්… මේ පාර ඒ අය අල්ල ගත්තේ, ලොකුම මෝරෙක්… මේ වගේ වන් ඇන්ඞ් ඔන්ලි කෙනෙක්ව ඒ අය අල්ල ගත්තේ. ෆස්ට් ටයිම්…

ප‍්‍රශ්නය – එසේ නමුත් අර පාස්ටර් වරයා, උගුර පිරිමැද, වික්ටර් රත්නායකයන් වෙත ආශිර්වාද කළාට පසු ඔහුට ගීත ගායනා කිරීමේ හැකියාව එවෙලේම ලැබුණා…

පිළිතුර – කළු සූට්කාරයා මෙයාගේ උගුර අතගාලා, ඔය සියල්ලට කිරීමට සති කිහිපයකට පෙර, හෂිනිගේ ලොකු අක්කාගේ හස්බන්ඞ්ගේ උපන් දිනය පැලවත්තේ, ගෙදර තිබ්බා. මස්සිනා ඒ වෙලාවේ කිව්වා, ”අද මගේ බර්ත් ඬේ එකනේ… සර්… අද සින්දුවක් කියන්නකෝ’’ කියලා, ඉල්ලා සිටියා. ඒ වෙලාවේ වික්ටර් ඉතාම හොඳට ගීත කිහිපයක් ගායනා කළා. ”පෙම්බර මධු…’’ කියන ගීතය තමයි මුලින්ම ඔහු ගායනා කළේ…. ඔය කළු කෝට්කාරයා කරපු දෙයක් නැති වග, ඒකෙන්ම පේනවා… මේ වික්ටර් කියන වටිනා, මහා චරිතය බිලිගන්න,  ගායිකාවක් සහ ගායකයෙක් වන අඹු සැමි යුවළක් සම්බන්ධව සිටින බව මට ආරංචියි. ඒ අයගේ දරුවෝ පවා මේ පල්ලියේ සල්ලිවලින් ඉගෙන ගන්න රට යවලා තියෙන බව අපිට ආරංචියි… මේ දේවල් තවදුරටත් වෙන්න ඉඩ තියන්න එපා… මම මහා නායක හාමුදුරුවරු ප‍්‍රමුඛ මහා සංඝරත්නයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා, මේ දේවල් දැන්ම නවත්ත ගන්න කියලා….,

ප‍්‍රශ්නය – ඔබ දැන් මිත‍්‍රද්‍රෝහියෙක්…

පිළිතුර – නැහැ… මම ඔහුට තවම ආදරෙයි… ඔහු මේ කළ අමනෝඥ ක‍්‍රියාව මට දරා ගන්න බැහැ… මේ රටේ සිටින ඉහළම, සම්මානනීය කලා පෞරුෂය ඔහුයි. එවැනි කෙනෙක් තව සියවසකට මේ රටේ ඉපදෙන්නේ නැහැ. ඔහු මේ උගුලට හසු වුණා නම්, මේ ජාතියේ, ආගමේ අනාගතය වෙනුවෙන් මට තව ඉවසාගෙන ඉන්න බැහැ… ජාතිය, ආගම වෙනුවෙන් සහ මගේ සදාදරණීය මිත‍්‍රයාට වෙච්ච දේ පිළිබඳව සත්‍ය හෙළිකර ඔහු බේරාගැනීම සඳහා තවත් ඉඩක් තියෙනවා නම්, ඒ සඳහා තමයි මම මේ දේ කළේ…

මනෝජ් අබයදීර

Sri Lanka cardinal raises the LTTE flag again – Hudson McLean

Posted on Dec 21, 2011 by VOI

Cardinal Malcolm Ranjit

“The Catholic clergy in Sri Lanka has created immense bad will amongst the Sri Lankan citizens by openly supporting  a criminal, Velupillai Prabhakaran and his coterie of murderers.” – Prof. Hudson McLean

As a Catholic I am dismayed and disappointed that the new Cardinal Malcom Ranjit’s decision to resurrect the LTTE flag against a leadership of President Mahinda Rajapaksa and his government.

Catholic clergy has in many instances played a role to support the “under dog” in many countries. In this case the LTTE is not the under dog, more of a wild mad dog, the Devil in disguise.

Catholic clergy in Sri Lanka has created immense bad will amongst the Sri Lankan citizens by openly supporting a criminal, Velupillai Prabhakaran and his coterie of murderers.

The government under Mahinda Rajapaksa and his cabinet has done an exemplary salvation of Sri Lanka after 33 years of blood shed and annihilation created by the Tamil Tiger terrorists.

Moreover, President Rajapaksa has created an atmosphere of reconciliation, goodwill, fair play, and put the Island on a fast track development programme.

LTTE Emblem

By playing into the hands of Norwegians, USA under the influence of the remnants of Tamil Tigers in USA, France, Canada, Cardinal Malcolm Ranjit, as the leading shepherd, is dragging his Catholic flock into a quagmire.

I do hope, Rome is informed of this bigoted behaviour of the Cardinal, taking a political slant whilst on duty and be instructed to behave according to his call of duty, but not act as a messenger of terrorists.

If the Cardinal in his wisdom, feels he wishes to play a real constructive role in the development of Sri Lanka and with that the Catholic Church faithful, and in that order, he should first take a long serious look at what President Rajapaksa has done during his tenure, till now!

Cardinal better get off his tight rope act before he sacrifices all the Catholics in Sri Lanka to the Devil. – Lankaweb, Nov. 6, 2011

https://bharatabharati.wordpress.com/2011/12/21/sri-lanka-cardinal-raises-the-ltte-flag-again-hudson-mclean/?fbclid=IwAR3OsnUG8UVHvrwOOLqPWkXKeLT7WD1V-KlsG8aongUVrvhCPjODS1PWC4s

Christmas in early Sri Lanka:

nestorian cross anuradhapura

article_image

Mr. Andrew Scott’s article under the above caption in The Island, 26th December, is based on hearsay and conjecture.
Many are driven to conclude that Christians lived in Anuradhapura in ancient times because of a sunken Relief Cross 2.7/8″ x 31/4″ discovered in the citadel of Anuradhapura by E F Eyreton, the Archaeological Commissioner in 1912. The Cross was found on a square pillar which had been re-used as material for later building.

Continue reading “Christmas in early Sri Lanka:”

Catholic Church, an ally of Tamil Tiger terrorists

April 04, 2009By Ranjan Jayakody, Mohan Gunaratnam and Ranjit Surendran

(April 04, Colombo, Sri Lanka Guardian) Desperate situations call for desperate measures and desperate measures can leak out material factors that may have begot or moulded certain movements, their hidden agendas and even ultimate intentions. It has been suspected for a long time that the powerful force behind the Liberation Tigers of Tamil Eelam (LTTE) was the Catholic Church continuing with the Catholic Portuguese colonial traditions of atrocities and carnage that was led by this church in Sri Lanka.

Continue reading “Catholic Church, an ally of Tamil Tiger terrorists”

ELAAM IS A CHURCH FUNDED LTTE-DRIVEN PAN-CHRISTIAN POLITICAL AGENDA

– by Shenali Waduge –

Abrahamic religions and the violence, expansionism and advocacy of conversion are nothing that can be kept hidden or denied. “Spreading the Good” has led to purging of territories and their wealth and excommunicating natives and their unique cultures.Current fears associated with the repetition of past colonial crimes needs to be empathized in view of the objective of both Christianity and Islam competing for world hegemony. The Church is Christianity’s first soldier and it is becoming more and more evident that behind most terrorists’ activities the Abrahamic religions prevail. LTTE was simply a pawn of the Church to advance a Pan-Christian political agenda that aims to create a satellite Christian autonomous state out of Tamil Nadu and North Sri Lanka (in a Sudan style divide). LTTE’s demise does not mean that ambition is over.

Continue reading “ELAAM IS A CHURCH FUNDED LTTE-DRIVEN PAN-CHRISTIAN POLITICAL AGENDA”

LTTE-Christian-Ties

While most Tamil people are Hindus, they also have significant populations of Christians and Muslims in both India and Sri Lanka.

The LTTE, the Sri Lankan ethnic Tamil separatist group that engaged in terrorist activities, was not a “Hindu group.” The tigers’ ideology on paper was mostly secular “Tamil nationalism”, but it also had anti-Hindu aspects to it such as its members shunning their given Sanskritic Hindu names to assume “native Tamil” (or Christian) ones, eg, Prabhakaran became Pirapaharan in later years.

One of the best kept secrets is that the LTTE had many ties to the Church. For example, most of the top cadre of the LTTE were apparently Christians:

Prabhakaran aka Pirapaharan (Christian convert, a lapsed Methodist)
S.P. Tamil Selvam – Christian
Balraj (Balasegaram Kandiah) – Christian
Pottu Amman (Christian)
Prabhakaran’s son Charles Anthony – Christian
Anton Balasingham – Christian
Soosai (Thillaiyampalam Sivanesan) – Christian
Thenmozhi Rajaratnam (nickname Dhanu), Rajiv Gandhi’s suicide bomber assassin – Christian

While the LTTE’s terrorist methods should be squarely condemned, one cannot lose sight of the fact that the Sinhalese majority was egregiously persecuting their Sri Lankan Tamil minorities since the country became independent from the British, such as denying jobs and seats in educations institutes to Tamils. Rajiv Gandhi tried to broker a peace agreement in the 1980s, but it backfired, with Christian suicide bomber Thenmozhi Rajaratnam taking his life in 1991.

The following news article mentions that Pirapaharan (Velupillai Prabhakaran) was a lapsed Methodist Christian.

Continue reading “LTTE-Christian-Ties”