ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම

සම්පුර්ණ ලිපියම කියවන්න එසේ නොහැකි නම් මෙම හඩ පටය අහන්න >>https://soundcloud.com/user-741571400-924960442/3wolkav44vno
ඉoග්‍රීසින් විසින් ලංකාව සමිපුර්ණයෙන්ම යටත් කර ගන්නා ලද්දේ 1815දී උඩරට රදලයින් විසින් අත්සන් කරදන ලද උඩරට ගිවිසුම මගින් යයි බොහෝ ඉතිහාසකරුවන් සඳහන් කරති. එහෙත් එම ගිවිසුම අත්සන් කරන ලද්දේ 1815 මාර්තු 2 දින සිට එම මාසය අවසන් සතිය වන තෙක් විටින් විට උඩරට රදලයින් විසින් අත්සන් තැබීම
මගිනි, රජතුමා අල්ලා දෙන ලද්දේ 1815 පෙබරවාරි 18 දින සවස් භාගයේ අඳුරු වැටීමට පැයක් පමණ තිබියදීය.
රජතුමා අල්ලා දීමෙන් පසුව ඊට සහයෝගය දුන් උඩරට රදලයින් සඳහා තනතුරු හා ගම්බිම් පවරාදීම අවසන් වූ පසු එසේ ඉංග්‍රීසින් විසින් පත් කරන ලද උඩරට රදල නෑයකයින් විසින් එය සිදු කරන ලදී. ඉතිහාසයේ ඇත්ත කතාව වන්නේ පෘතුගීසින්, ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසින් ද උඩරට සිංහලයින් විසින් පරාජය කර පළවා හරින ලද බවයි.
නමුත් අපි කුඩා කාලයේ අසා තිබුණේ සුද්දාගේ අවි බලය හමුවේ සිංහලයාට සටන් කිරීමට නොහැකි වූ හෙයින් 1815 වසරේ දී ගිවිසුමක් මගින් සුද්දන්ට රට භාරදුන් බවයි. මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි.
පෘතුගීසි හෝ ලන්දේසිකාරයන්ට වඩා දරුණු ලෙස ප්‍රහාරය කර ඇත්තේ ඉංග්‍රීසි කාරයාටය. එහෙත් ඔවුනට සිංහලයන් සමග සටන් කරන්නට නොහැකි විය. අපි සටන් වදින්නේ ඉංග්‍රීසි ජාතියේ ආත්ම ගවුරවය වෙනුවෙන්ය යනුවෙන් ඔවුන් තම මවුබිමට ලියා යැව්වේ එබැවිනි. උඩරට දී ඉංග්‍රීසින්ට විරුද්ධව කළ සටන්වලින් සිංහලයා සිය යුද ජග්‍රහණය සම්පුර්ණ කරන ලද්දේ 1803 ජුනි 26 දින දීය. මෙම වසරේ දී මහනුවර පිහිටි ඉංග්‍රීසි කඳවුර සම්පුර්ණයෙන්ම වට කරන ලද්දේ උඩරට සිංහල ගැමියන් විසිනි. ඔවුන් මාවිල්මඩු ,නිත්තවෙල, වාගොල්ල, සියඹලාගස්තැන්න හා වටපුළුව යන ගම්වල සිටි ගම්වැසියෝ වුහ. ඉංග්‍රීසි කඳවුර වටකළ මොවුන් කඳවුරට සිව් දිගින් ප්‍රහාර එල්ල කළහ. ඒ අතරතුර ඔවුන්ගෙන් පිරිසක් කඳවුරේ පිටුපස තාප්පය බිඳ දමා කඳවුර තුළට ගොස් කාලතුවක්කු නිහඩ කොට ඒවා අල්ලාගත්හ. තවත් පිරිසක් කඳවුරේ ආයුධ ගබඩාව අත්පත් කර ගති. තවත් පිරිසක් ඉංග්‍රීසි හමුදාව යටතේ සටන් වදිමින් සිටි සිපොයි, මැලේ සහ ජා හමුදා භටයින් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගෙන රජතුමා වෙත භාර දුන්හ.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම් සිංහලයින් මෙම සටන්වල නියුක්ත වූයේ ද්‍රවිඩ රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේය. සිංහල සොල්දාදුවන්ගේ එකම පරමාර්ථය වූයේ රට නායකයෙක් හා රජෙක් මිස ඔහුගේ ආගම හෝ ජාතිය සෙවීම නොවේ.
ජාතිවාදය ආගම්වාදය සහ වර්ගවාදය මෙරට සමාජය තුළ ඇති කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. ඒ ඔවුන්ගේ බෙදා වෙන්කොට පාලනය පවත්වා ගැනීමේ උපාය මාර්ගය නිසාය.
සටන පරාජය වන බව වටහාගත් ඉංග්‍රීසිහු සුදු කොඩි පෙරටු කොටගෙන කඳවුරෙන් එළියට අවුත් දෑත් ඔසවා ඔවුන් මරා නොදමන ලෙස ආයාචනය කළහ. ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට යාපනයට යාමට ඉඩ සලසා දෙන ලෙසටය. ඔවුන්ට කටුගස්තොට තොටුපොළ වෙත යාමට ඉඩ ලබාදෙන ලද්දේ ඉන් අනතුරුවය. මහනුවරින් ඉංග්‍රීසින් පළවා හැරි පසු රජතුමා විසින් යුද නීතිය ප්‍රකාශකොට ඉංග්‍රීසින් මෙරටින් එලවා දැමීමට කටයුතු යොදන ලදී.
ඒ අනුව ගලගෙදර ගිරිහාගම ඉංග්‍රීසින් සතු බලකොටුව ද අල්ලා ගන්නා ලදී. ඉන්පසු උඩරටට අයත්ව තිබූ එකම බළකොටුව වූයේ හත් කෝරළයේ දඹදෙණීය බළකොටුව පමණි. එහි සිටියේ ඉංග්‍රීසි සෙබළු දහනව දෙනකු සහ රෝගි මැලේ භටයින් විසි දෙදෙනකු පමණි, සිංහල සෙබළු 4000ක් එය වටකොට සිටි අතර එහි නායකත්වය දරන ලද්දේ මිගහැන්න අදිකාරම්භය. ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝළියක් වූ මාම්පිටිය දුක්ගන්නා උන්නාගේ පුතකු බව ඩොයිලි සඳහන් කරයි. මොහු ඉංග්‍රීසින් සමග කුමන්ත්‍රණයක් සිදුකොට තිබූ බව පසුව පැහැදිලි විය. දින හතරක් තිස්සේ බළකොටුව වටලා සිටිය ද එය යටත් කර ගැනීමට ඔහු අසමත් විය. ඉංග්‍රීසි කුඩා බළඇණි දෙකක් රැගෙන පැමිණ උඩරැටියන් සමග සටන් කරමින් බළකොටුව බේරාගති. එහෙත් අණ ලැබී ඇති පරිදි ඔවුහු රාත්‍රී කාලයේ දී සියලු භටපිරිස් රහසින් පළාගියහ. එන්සේ පළා ගියේ කඳවුර තුළ තිබූ ද්‍රව්‍යයන් ද විනාශ කර දැමීමෙනි.
මේ අනුව දින දහයක් ඇතුළත උඩරැටියෝ විසින් අන්තිම ඉංග්‍රීසි සෙබළාද පන්නා දැමීමට සමත්වී සිටියහ. ඉංග්‍රීසින්ම සඳහන් කරන පරිදි එය නැගෙනහිර ඉන්දියා දූපන්හි සිටි බ්‍රිතාන්‍යයන් ඉතාම කලාතුරකින් පමණක් අන්දුටු අන්දමේ විනාශයක් විය. මේ වනවිට ඉංග්‍රීසින් සතු හමුදා ශක්තිය දුර්වලව පැවති ආකාරය ඔවුන් සඳහන් කර ඇත්තේ මෙසේය. අවුරුද්ද ආරම්භයේ දී බ්‍රිතාන්‍ය බළඇණිය භටයින් පන්දහසක් පණ වන තෙක් වර්ධනය වී තිබිණි. එහෙත් ජුනි අවසාන වන විට ඉන් දෙදහසක්ම පමණ පිරිසක් මියගොස් හෝ සිරකරුවන් බවට පත්ව හෝ සිටියහ. කොළඹ රෝහල රෝගී හා මරණාසන්න
සෙබළුන්ගෙන් පිරී ගියේය. හමුදා නිවහන්හි ආබාධිතයෝ ද සුවය ලබනෝ සුළු පිරිසක් ද සිටියහ. පනස් එවැනි පාබල සේනාංකයත් හැටපස් වැනි සේනාංකයෙන් විශේෂ කාර්ය සඳහා වෙන් කෙරුණු කොටසක් සහමුලින්ම පාහේ වැනසී ගොස් තිබුණු අතර දකුණේ සහ බටහිර විසු බ්‍රිතාන්‍යයන්ගේ ආරක්ෂාවට එතෙක් සටන්වල නොයෙදී සිටි සෙබළුන්ගෙන් යුත් ලංකා ජාතික සේනාංකය මහග හා අලුතෙන් බඳවා ගනු ලැබ හදිසියේ පුහුණු කැරුණු නිදහස් මැලේ බළඇණි කීපයක් මත ද රැඳී තිබිණි. වෙරළ දිගට විසිරී තිබුණු බලකොටුවලට සීමා වී සිටි දුබල සේනා සහමුලින්ම වනසා දමන්නට කඳු ඉස්මත්තේ කුමන මොහොතක හෝ සිය දහස් ගණනින් නැගී එන උඩරැටියනට පිළිවන්කම තිබිණි.
Geoffrey Powell-Kandyan wars සිං/ප ප්‍රේමචන්ද්‍ අල්විස්ගේ කන්ද උඩරට සටන් – පිට 174‍
නෝර්ත් ආණ්ඩුකරු විසින් 1803 ජුලි 08 දින යන ලද ලිපියක් මගින් බෙංගාලයෙන් මදුරාසියෙන් සහ බොම්බායෙන් අමතර සේනා එවන මෙන් ඉල්ලීම් කරන ලදී. කන්ද උඩරට වැසියෝ පෙරහර කාලය අවසන්වන්ම ආයුධ සන්නද්ධව වෙරළබඩ පෙදෙස්වල පිහිටි ඉංග්‍රීසි බළකොටුවලට පහරදීම ආරම්භ කළහ. පහතරට සෑම පෙදෙසකම වැසියෝ උඩරැටියනට පක්ෂපාතීව කටයුතු කළහ.
උඩරැටියන් පළමුවෙන්ම පහර දෙන ලද්දේ මාතර පිහිටි ඉංග්‍රීසි බලකොටුවටය. ඉංග්‍රීසි භටයෝ ප්‍රතිප්‍රහාර එල්ල නොකොට සිටි අතර සිංහලයෝ පහසුවෙන්ම එම බල කොටුව අල්ලා ගත්හ. ඉන්පසු තංගල්ල බලකොටුවට පහර දුන් අතර එහි සිටි ඉංග්‍රීසි භටයෝ කොටුව අතහැර මාතරට පළා ගියහ. තත්වය බරපතළ බව වටහා ගත් නෝත් ආන්ඩුකාරයා ඔහුගේ සහායකයාව සිටි බීවර් සේනාවක් සහිතව මාතරට යැවීය. මෙම ගමනේ දී
සිංහලයින් බහුලව පදිංචි ප්‍රදේශ ඔවුන්ගෙන් ප්‍රහාර එල්ල විය හැකි තැන් එම ස්ථාන මගහරවා ගෙන යා හැකි ගමන් මාර්ග පසුබැසීමට සිදු වුවහොත් ඒ සඳහා සුදුසු කැලෑ ප්‍රදේශ උදව් සහ උපකාර ලබා ගැනීමට හැකි පුද්ගලයින් හා ගම් ප්‍රධානීන් පිළිබඳ විස්තර ආදිය ඉංග්‍රීසි හමුදාවට ලබාදෙන ලද්දේ තම්බි මුදියන්සේ විසිනි.
මොවුන් පැය හැටක් ගතකොට කොළඹ සිට සැතපුම් එකසිය තුනක මගක් ගෙවා පැමිණි නමුත් සිංහලයින්ගේ අවහිර කිරීම් නිසා ගමන්නේ අවසන් සැතපුම් 13 යාමට සිදුවූයේ කුඩා බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙනි. අතිරේක හමුදාවල සහාය ලබාගත් ඔවුන්ට දකුණු පළාත සන්සුන් කිරීමට සති ගණනාවක් ගත කිරීමට සිදුවිය. පවෙල් සඳහන් කරන පරිදි, බීවර් ඔහුගේ සේප්නව වෙරළ ඔස්සේ මාතර දෙසට මෙහෙයවද්දී කොළඹ නගරය දරුණු අවදානමකට ලක්වූයේය.
එහි සිට සැතපුම් විස්සක් දුරින් කැලණි ගඟට මුහුණලා හැබැල්ලෙහි වූ කුඩා බළකොටුව වෙත අගෝස්තු 20දා රාත්‍රියේ කඩාවැදුණු උඩරැටියෝ විශාල පිරිසක් එය අල්ලා ගත්හ. පසුදා ඔවුහු තවත් සැතපුම් පහක් ඉදිරියට ගියහ, මෙසේ වුවද මැක්ඩොවල් විසින් සපයා දෙන ලද අමතර සෙස්නාවන් සමග ලුතිනන් මර්ෂසර් හංවැල්ලට යවා බළකොටුව නැවත අල්ලා ගන්නා ලදී. සිංහලයින් විශාල පිරිසක් මරා දමන ලද අතර 40 දෙනකු සිරකරුවන් ලෙස අල්ලාගෙන තිබුණි.
මේ අතර හලාවත පුත්තලම සහ මිගමුවේ ඉංග්‍රීසින්ගේ යුද කඳවුරුවලට සිංහලයෝ එකවර පහර දුන්හ. මෙහිදී ද විශේෂ යමක් කිව යුතුය. උඩරැටියන් දොළොස් දහසක ස්නාවක් ද රජුගේ ආරක්ෂකයින් සහ මැලේ භටයින් ද මහනුවර දී ඉංග්‍රීසින්ගෙන් අල්ලාගත් කාලතුවක්කු දෙකක් හා අවි ආයුධ ද සහිතව කොළඹ සිටි ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් ආරම්භ කළහ. කොළඹ බලා යන සිංහල හමුදාවන්ට බාධාවක් වූයේ නගරය කරා යාමට පෙර හමුවන හංවැල්ල බළකොටුව විය. පැවැති සටන්වලින් අඩක් අබලන්ව තිබූ බළකොටුව තුළ සිටි සෙබළුන් ප්‍රමාණය සියයකට ද වඩා අඩුය. දින ගණනක් තිස්සේ උණ රෝගයෙන් පෙළෙමින් සිටි ඔවුන් අතර රෝගයේ බරපතළකම නිසා දණහිස් අමාරුවලින් පෙළෙනෝ ද වූහ. කඳවුරේ නායකත්වය දැරූ ලුතිනන් කර්සර් ඔහු යටත්තේ සිටි සෙබළුන් ප්‍රදේශයේ මුදලි කෙනෙකුගේ වලව්වක් තුළට රැගෙන ගොස් එහි රඳවන ලදී. එම වලව්ව තම්බි මුදියන්සේගේ හංවැල්ල වලව්ව විය.
ඉංග්‍රීසීන් කොළඹින් පළවා හැරීම සඳහා උඩරට හමුදාවේ 12,000ක් කොළඹ බලා ආවෝය. කොළඹ ජය ගැනීමට පෙර හංවැල්ල කොටුව යටත් කරගත යුතු විය. මසර් විසින් අතිරේක වශයෙන් රඳවන. ලද කුඩා භට කණ්ඩායම තම්බි මුදියන්සේ වලව්ව තුළ රඳවා තැබූ නිසා වලවේ තාපයෙන් ඔවුන් ආවරණය වී සිටියහ. බළකොටුව තුළ සිටි භටයින් අතුරින් තිස් දෙනෙකු රෝගීව දණහිස් අමාරුවලින් පෙළෙනෝ වූහ. රජුන්ගේ හමුදාවේ හමුදාපතිවරයා වූයේ සතර කෝරළයේ දිසාව වූ ලෙක්ය. ඔහුගේ සහායකයා පළිපාන නිලමේ විය.
සිංහල හමුදාව බලවේලා මුහුදට ද දහසකටම,
දින දෙකක් තිස්සේ ප්‍රහාර එල්ල කළහ. වලවේ තාප්පයට ආවරණය වෙමින් ඉංග්‍රීසි භටයින් ප්‍රහාර එල්ල කළ ද වැඩි දෙනෙකු තුවාල ලැබූහ.
යුද්ධයේ ජයග්‍රහණය අත ළඟවිය. ලංකාව තුළ ඉතිරිවී සිටි ඉංග්‍රීසින් ප්‍රමාණය දෙදහසකටත් වඩා අඩුවිය. ඔවුන් අල්ලා මුහුදට විසි කර දැමීමට තරම් සිංහල බලවේගයක් ගොඩනැගී තිබුණි. හංවැල්ල නාගරයේ අලංකාර ගමන් මාළිගාවක් ඉදි කර තිබුණි. එය ඉදිරිපිට යකඩ උල් සිටුවා තිබුණේ අල්ලා ගනු ලබන ඉංග්‍රීසි භටයින් උල තැබීමටය. ඉංග්‍රීසි භටයින් සුළු පිරිසක් සමග පැමිණි පොලොක්
හොර රහසින්ම බළකොටුවට ඇතුළු වී කඳවුරේ නායකත්වය භාරගත්, ඔහු පැමිණියේ දෙවැනි දින රාත්‍රියේය. මෙම වේවටම වාගේ උඩරට රජුද දහසක සේනාවක් සමග යුද භූමියට පැමිණියේය. ඉංග්‍රීසින් මෙරටින් තුරන් කර ලංකාව එක්සේසත් කර ගැනීමේ මහා ජයග්‍රහණය අත ළටගම පැමිණ තිබුණි.
එහෙත් එය කණපිට පෙරලුණේය. තම්බි මුදලි සහ දොන් සොලමන් ළඟටම පැමිණි ඔහුගේ පහතරට සේනාවෝ ජයග්‍රහණය සිංහලේ අවමගුලක් බවට පත් කළහ.
දේශද්‍රෝහී මෙම කුමන්ත්‍රණය ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම ලෙස සැලකිය හැකිය, සටන් පැවතෙමින් තිබෙන අතරවාරයේ දී රජුව විරුද්ධව සකස් වී තිබුණු කුමන්ත්‍රණය ක්‍රියාත්මක මවමින් තිබුණි. කුමන්ත්‍රණය වී තිබුණේ යුද භූමිය තුළ දී රජතුමා ජීවග්‍රහයන් අල්ලා ඉංග්‍රීසින්ට සභාරදීමටය.
මේ සඳහා මැලේ භටයින් 40 දෙනෙකුගේද සහාය ලබාගැනීමට නියමිතව තිබුණි. උඩරට දී ඉංග්‍රීසින් වෙතින් අල්ලා ගන්නාලද කාල තුවක්කු දෙක සවිකිරීමේ දී හංවැල්ල බලකොටුවේ තාප්පයට උඩින් උඩ යන ලෙස සවි කරන ලදී. මෙම තුවක්කු ක්‍රියාත්මක කරන ලද්දේ මහනුවර දී සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගත් මදුරාසි සහ බෙංගාල ලැස්කිරිඤ භයින් විසිනි. කුමන්ත්‍රණකරුවෝ මොවුන්ට උපදෙස් දී තිබුණේ විහිදී යන මුණිෂ්සම් වෙනුවට ෆවුන්ඩර් තුනේ සහ හයේ තනි උණ්ඩයක් භාවිත කරන ලෙසටය. එල්ලයට වඩා උසින් තිබූ එම තුවක්කු වලින් තබන ලද වෙඩි වලින් කොටු බැමීමට කිසිදු හානියක් සිදු නොවිය,
පොලොක්ගේ හමුදාවෙන් අඩක් ද සමග තම හමුදාව සමග හොර පාරකින් ගමන් කළ මසර් පිටුපස සිට සිංහල හමුදාවට වෙඩි තැබීය. ඒ සමගම ඉංග්‍රීසි සහ මුදලිවරුගේ ලැස්කිරිඤ්ඤ හමුදා සිංහල භටයින් වටකර වෙඩි තැබුහ. සිදුවන්නේ කුමක්ද? යන වග උඩරැටි හමුදාවට අවබෝධ කර ගැනීමට හැකි වුයේ පැයකට පමණ පසුවය. ඒ අනුව මෙය සටනක්
නොව හුදෙක්ම මිනිස් ඝාතනයක් බවට පත්විය. සටන අතරතුර රජුගේ හමුදාවේ සේවයේ යෙදී සිටි මැලේ හටයින් (කුලී හමුදාව) අවි බිම තබා හොර රහසේම ඉංග්‍රීසින් සමග එක්වූහ. රැය පහන්වී හිරු නැගී එද්දී දක්නට ලැබුණේ උඩරට භටයින් 270 දෙනෙකුගේ මළ සිරුරුය. ගං ඉවුර දිගට මළ කඳන් දහස් ගණනකි. හංවැල්ල නගරය තුළ ද මළ කඳන් දහස් ගණනක් වෙඩි වැදී දුව යාමේ දී ඔවුන් මරණයට පත්වී සිටි බව පැහැදිලි විය. උඩරට හමුදාවේ 80 දෙනකු ඉංග්‍රීසියේ අත්අඩංගුවට පත්වී තිබුණි, උඩරට දී සිංහලයින් විසින් අල්ලා ගන්නා ලද සහ ඉංග්‍රීසින් යටතේ සිටි මැලේ භටයින් 26 දෙනෙක් ද ඉන්දීය සිපොයි භටයින් 150ක් ද නැවත ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වී තිබුණ. සිංහල හමුදාව සතුව තිබූ අවි ආයුධ විශාල තොගයක් සහ උණ්ඩ රාශියකුත් ඉංග්‍රීසින් අතට පත්වී තිබුණි, එපමණක් නොව සිංහලයින්ගේ කොඩිය ද ඉංග්‍රීසින් අතට පත්වී තිබුණි. හවැල නගරය තුළ ඉදි කර තිබු අලංකාර ගමන් මාළිගය ඉංග්‍රීසින් විසින් ගිනි තබා විනාශ කළහ. මෙයින් අනතුරුව උඩරට හමුදාවේ හමුදාපති ලෙක් සහ ඔහුගේ දෙවැන්නා වූ පළිපාන නිලමේ කොහේදැයි සෙවීමට පටන් ගත්තා, ඔත්තුවක් ලැබුණි, ඩොයිලි සඳහන් කරන්නේ එම ඔත්තුකරුවා රත්වත්තේ බවයි. ඔවුන් දෙදෙනා පාළු කමතක වෑවර (කුරුම්බා) බොමින් සිටිය දී රජුගේ අත්අඩංගුවට පත්විය.එහිදී ලෙව්කේ දිසාව පවසා ඇත් තව අඩ හෝරාවකින් කඳවුර නැවත අත්පත් කරදෙන බවය.
රජතුමා ලෙව්කේ සහ පළිපාන නිලමේගේ හිස් ගසාදමන ලෙස සිය ආරක්ෂකයින්ට අණ කරන ලදී. රජුගේ ප්‍රධාන සේනාංකංයේ ආඥාපතිව සිටි ලෙව්කේ පිළිමතලාවගේ ප්‍රතිවාදියා බවත් බ්‍රිතාන්‍යයන් සමග එක්ව කුමන්ත්‍රවල
යෙදුණු බවත් දැන සිටි රජු ඔහුගේ සේනාවට අත්වුණු පරාජය ලෙව්කේ දිසාවගේ හිස කඳින් වෙන් කිරීමට හේතුවක් කොට ගත්තේය. “Geoffrey powell kandyan wars Bolo ජුවක්ලු අස් කන්ද උඩරට් සටන් 174′
ඉතිරිවූ උඩරට හමුදාව සමග රජතුමා මහනුවර බලා පිටත් විය. ඔවුන් පසුපස හඹත් රජු අල්ලා ගැනීමට තරම් ශක්තිමත් හමුදාවක් ඉංග්‍රීසි හමුදාව සතු නොවීය, උඩරට සෙබළු මහනුවර සීමාවට පැමිනීමත් සමග ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි හමුදාව රුවන්වැල්ල ට පැමිණ රජුගේ යුද මධ්‍යස්ථානය අත්පත් කරගෙන අනතුරුව එය ගිනි තබා විනාශ කළහ. “
ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම
සම්පුර්ණ ලිපියම කියවන්න හෝ මෙම හඩ පටය අහන්න >>https://soundcloud.com/user-741571400-924960442/3wolkav44vno
මතු සම්බන්ධයි……………
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ. ජයසේන

නිදහස් ගැන වචනයක් – මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

අද අපේ නිදහස් දවස. එ වුනාට තාමත් මේ රටේ තියෙන්නෙ බටහිර අධ්‍යාපනය, බටහිර නීතිය, බටහිර ජනමාධ්‍ය හා තවත් එවැනි දේ. අලි මදිවට හරක් කීව වගේ ඊනියා රාජ්‍ය නොවන ආයතනත් තියෙනවා. සමහරු කියනවා පෙබරවාරි 4 වැනිදා කියන්නෙ අයිවෝර් ජෙනිංග්ස්ගෙ භාර්යාවගෙ උපන් දිනය කියල. මට ඒක නිච්චියට ම හොයා ගන්න බැරි වුණා. කොහොමටත් ජෙනිංග්ස් ඉංගිරිසින් වෙනුවෙන් මහා සේවයක් කළ අයෙක්. ඔහු පසු කලෙක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙහි ත්‍රිත්ව විිද්‍යාලයෙහි අධිපති ලෙසත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙසත් සේවය කර තියෙනවා. ඉංගිරිසි රජු ඔහු තමන්ට කළ සේවය වෙනුවෙන් නයිට් පදවියකින් පුදල තියෙනවා.

ඔහු හතළිස්අටේ ව්‍යවස්ථාව සකස් කළ තැනැත්ත. ඔහු නේපාලයේ හා මලයාවේ ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලවලත් උපදේශකවරයකු ව ඉඳලා තියෙනවා. නේරුගේ අදහස වෙලා තිබුණා ඉන්දීය ව්‍යවස්ථාවත් ඔහු ලවා සම්පාදනය කරවන්න. එහෙත් මහත්මා ගාන්ධිගේ විරෝධත්වය නිසා ඒ වැඩේ අම්බෙඩ්කාර්ට පවරලා. කොයි හැටි වෙතත් විශ්වවිද්‍යාල ආයතනයෙ අවසාන විදුහල්පති ලෙසත් ලංකා විශ්වවිද්‍යාලයේ පළමු උපකුලපති ලෙසත් විශ්වවිද්‍යාලය පේරාදෙණියට ගෙන යෑමේ පුරෝගාමියකු ලෙසත් ජෙනිංග්ස් මෙරටට කර ඇති අනර්ථය අධිකයි. අදත් අපි ඔහුගෙ වැඩ නිසා බැට කනවා. ඔහු කොළඹ කාන්තා විද්‍යාලයෙහි උත්සවයක දි ලංකාව සංස්කෘතික කාන්තාරයක් බවට කී කතාවකුත් තියෙනවා. ඒකත් මට තහවුරු කර ගන්න බැරි වුණා.

අපට නිදහස තියෙන්නෙ බොහෝ විට බටහිරට අවශ්‍ය ප්‍රමාණයට කටයුතු කරන්න. අප කොහොමත් යම් යම් සම්මුතීන්වලින් බැඳිල ඉන්නවා. උදාහරණයක් හැටියට තානාපතිවරුන් බැඳිල ඉන්නවා වියනා සම්මුතියෙන්. ඒ අනුව තානාපතිවරුන්ට තමන් ගිහින් ඉන්න රටේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගහන්න බැහැ. එහෙත් අපේ රටවල ඉන්න බටහිර තානාපතිවරු අපේ රටවල කටයුතුවලට සෘජු ව ම මැදිහත් වෙනවා. අර රජ්ජුරුවන්ගෙ අඹ ගහේ අඹ අනෙක් අයට කඩන්න බැරි වුණාට රජ්ජුරුවන්ට බැරි නැහැ කියන කතාව මෙහි දී මතක් වෙනවා.

ඊයේ මා දැක්කා මුහුණු පොතේ මව්රට කියල වෙබ් අඩවියක මියන්මාරයේ පෙළපාලි යන හාමුදුරුවරුන්ට හමුදාව පහර දෙන වීඩියේ පළ කරල තිබුණා. පසුගිය සඳුදා සිට අද වන තුරුත් මියන්මාරයේ එහෙම දෙයක් වෙලා නැහැ. ඒ විඩියෝව 2007ට පෙර හමුදා ආණ්ඩුව කාලෙ ගිය පෙළපාලියක් ගැන. මා දන්නේ නැහැ අල්ජසීරා පුවත්පතේ ඊයේ පෙරේදා ඒ පුවත පළ වුණා ද කියා. එහෙත් මෙරට වෙබ් අඩවිවල ඒ වීඩියෝව පළ කරන අය බෞද්ධ ද කියා මා දන්නේ නැහැ. බෞද්ධයන්ට හිතවත් කම පෙන්වමින් මුසා පළ කරන්නේ ඇයි ද කියන එක ලංකාණ්ඩුව සොයා බලන්න ඕන. මේ වෙබ් අඩවිවලට මුසා පළ කිරීමේ නිදහස තියෙනවා.

එහෙත් අපට කොරෝනා හැදුනොත් අපට වුවමනා බෙගෙහතක් ගන්න බැහැ. අප තවමත් පාලනය වන්නෙ ඉංගිරිසින්ගෙ 1898 හෝ ඒ ආසන්න කාලයක හෝ නිරෝධායන රෙගුලාසිවලින්. අපට කොරෝනා හැදුණොත් ඒ රෙගුලාසි අනුව බටහිර වෙදකම් කර ගන්නවාට වඩා දෙයක් කරන්න බැහැ. ඒත් බටහිර වෙදකමට කොරෝනාවට බෙහෙත් නැහැ. පාරම්පරික හරි ආයුර්වේද හරි වෙදකමේ ප්‍රතිකාර තියෙනවා. එහෙත් අපට කොරෝනා හැදුණොත් ඒ ප්‍රතිකාර ගන්න බැහැ. මේක තමයි නිදහස. අද පාරම්පරික වෙදමහතුනට තමන්ගේම වෛද්‍ය සභාවක ලියා පදිංචි වීමේ නිදහස නැහැ. ඔවුන් ද ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියා පදිංචි වෙන්න ඕන.

මා පසුගිය දිනවල ධම්මික වෙද මහතාගේ පැණිය මියන්මාරයට ගෙන්වා ගැනීමට උත්සාහ කළා. එහෙත් රේගුව එයට ඉඩ දෙන්නේ නැති බව විදේශ අමාත්‍යාංශයෙන් දැන ගන්න ලැබුණා. රේගුවේ රෙගුලාසිය මොකක් ද කියන්න මා දන්නේ නැහැ. බටහිරයන්ගෙ නීති රීති රෙගුලාසි වැඩ කරන්නෙ ඔවුන්ගෙ පද්ධතිය තියා ගන්න මිසක් වෙන දේකට නො වෙයි. කංසා වැවීම පිළිබඳ නීතිය සලකන්න. කංසා පාරම්පරික වෙදකමට අවශ්‍යයි. ඉංගිරිසින් ඒ වැවීම තහනම් කළා. අදත් ඒ තහනම ඒ ආකාරයෙන් ම පවතිනවා. අපට ඉංගිරිසි නීතිය වෙනස් කිරීමට තබා අපට වුවමනා ආකාරයකට සංශෝධනය කිරීමටවත් නොහැකි වී තිබෙනවා.

මා කියන්නේ 1948 දී අපට කිසිම නිදහසක් නොලැබුණු බව නො වෙයි. අප 1972 දී ඒ නිදහස තවත් වැඩි කර ගෙන බිරිතානි රාජ්‍යත්වයෙන් මිදුණා. එහෙත් අපට දිනාගැනීමට තවත් බොහෝ දේ තියෙනවා. විශේෂයෙන් ම සංස්කෘතික හා දැනුම් ක්‍ෂෙත්‍රයෙහි නිදහස. අප ඒ නිදහස දිනාගත යුතුයි. එහෙත් එය එක් රැයකින් දිනාගන්න පුළුවන් දෙයක් නොවෙයි. එය දේශපාලන නිදහස දිනාගැනීමට වඩා අමාරුයි.

දේශපාලන නිදහස ආර්ථික නිදහස ආදිය නැති වුණා ම තේරුම් ගන්න අපහසුවක් නැහැ. එහෙත් සංස්කෘතික හා දැනුම පිළිබඳ නිදහස නැති වූ විට එය තේරුම් ගැනීමටත් කල් යනවා. බටහිරයන් ලෝකයට දී ඇති ප්‍රධාන ම දැනුම ලෝකයේ තියෙන්නේ එක ම දැනුම් පද්ධතියක් පමණක් බව. පෙරදිග සංගීතය අපරදිග සංගීතය අතර ඇති වෙනස හඳුනාගන්නා අයටත් පෙරදිග දැනුම හා බටහිර දැනුම අතර ඇති වෙනස හඳුනාගන්න බැහැ. බටහිරයන් අපට කියන්නේ දැනුම ක්‍රමයෙන් දියුණු වන බවක්. ඇහුවොත් කියාවි පෙරදිග වෙදකම දියුණු වීමෙන් තමයි බටහිර වෙදකම ඇති වී තියෙන්නෙ කියා. එහෙම එකක් නැහැ. පෙරදිග සමහර දැනුම් බටහිරයන් තම චින්තනයට අවශෝෂණය කරගෙන තියෙනවා. එය වෙන ම කරුණක්. අපි අපේ චින්තනය මත අපේ දැනුම සකස් කර ගන්න ඕන. ඒකට ජෙනිංග්ස්ගෙ නිදහසෙන් හරි විශ්වවිද්‍යාලයෙන් හරි කෙරෙන්නෙ බාධාවක් පමණයි.

සිංහළයන්ගේ නිදහස් සටන ඉංග්‍රීසි න්ට විරුද්ධවයි. එය පාවා දෙන්නේ අසිංහළ වූ තුප්පහින්ය.

නිදහස් සටන කියන්නේ සිංහලයන් ඉංග්‍රීසීන්ට විරුද්ධව කළ සටනයි.
එම සටන කළේ ඉංග්‍රීසීන්ට සින්හලයන් විසින් 1815 පාලනයට පමණක් පවරපු සිංහලයන්ගේ බලය අයුතු ලෙස පරිහරණය කිරීම නිසයි.

උඩරට ගිවිසුමේ ගිවිසගත් වගන්ති කඩ කිරීම නිසයි උඩරට ගිවිසුමේ ගිවිසගත් වගන්ති කඩ කිරීම නිසයි සටන් ඇතිව ඇති උනේ.

නිදහස් සටන කළේ සිංහලයන් පමණයි.

මුsලිම් අය කළේ පාවා දීමයි.

දෙ Mල අය කරේ ඉංග්‍රීසීන්ට බැලමෙහෙවර කිරීමයි.

කතෝලික ක්‍රිස්තියානි කියන්නේ ත් ඉංග්‍රීසි ලන්දේසි පරංගි න්ය..

ඉතින්
සිංහලයන්ට තනියම යි සටන් කරන්න වුනේ ඔවුන් සියල්ලන්ටම විරුද්ධව.

උඩරට ගිවිසුමෙන් සිංහලයන් විසින් ඉංග්‍රීසීන්ට පවරපු ආණ්ඩු බලය නැවත නිදහස ලෙස 1948 දී සිංහලයන්ට ලබා දුන්නා .

එය ලබා දුන්නේත් දෙවන ලෝක යුද්ධය අවසන ගත්තු තීරණයක් අනුවයි.

එය සිංහලයන් කරපු සටන් වල ප්‍රතිඵලයකින් ලැබුණු එකක් නොවෙයි.

අද තියෙන්නෙ ඒ ලැබුණු බලය කතෝලික ක්‍රිස්තියානි අය ගන්නවාද සිංහලයන් ගන්නවද කියන ප්‍රශ්නයයි.

අද සිංහලයන්ට තියෙන නිදහස් සටන එයයි.

අද ඒ සඳහා කතෝලික ක්‍රිස්තියානි යොදවන්නේ proxy එනම් බළල් අත් ය.
ලංකාවේ ඉන්න කතෝලික ක්‍රිස්තියානි .බ්‍රිතාන්‍ය ඇමරිකා ඊශ්‍රායල් සම්බන්ධතා ඇතිව බලගැන්වී ලා . මෑතකදී ඉන්දියාවත් එකතු වෙලා NGO , path finder වැනි බලල් නඩ මෙහෙයවලා. රට අරාජික කරනවා.

අද සිංහලයන්ට නිදහස් සටන තියෙන්නෙ මෙතනයි. ඒ එන්නේ ථෙරවාද බෞද්ධයන් ටත් එරෙහිවයි. අද බුද්ධාගම බේරගන්නත් වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් .

1983 නිදහස් අරගලය විනිවිද දකිමු.


✔️නිදහස් අරගල වලදි හිරිහැර පැහැරගැනීම්, ලේගැලීම් පවා සිදුවිය හැක. ඒයට අරගලයේ හේතුව වගකීමෙන් පිලිතුරු සපයයි.
✔️හිරිහැර ලේගැලීම් වලින්තොර නිදහස්අරගල සිදුවූයේ කොහොද?
✔️ 83 සිදුවූ නිදහස් අරගලයට ද්වේශ කරන සින්හලයින් 1818 ගැන හඩක් නැගුවාද?
✔️1818 කියවීමකින් තොර 83 නිදහස් අරගලය ගැන කියවීමක් නැත. 83 ඔවුන්ගේ කඳුළු සැලුනේ 1818 සින්හලයින් කඳුළු සැලූ නිසයි.
✔️1818 සින්හලයි කදුලු නොසැලුනේ නම් 83 කඳුළු සලන්නට දෙම#ක් වත් නැත.

සාමන්ත ඒකනායක මහතා


වැඩිදුර කියවීමට : ~ එවකට කැලනිය මන්ත්‍රි සිටි සී සිරිල් මැතිව් විසින් රචිත සිංහලයිනි නැගිටිව් ! උතුරු නැගෙනහිර බේරාගනිවි ! කෘතිය කියවන්න.

නිදහස ගැන කාදිනල්තුමාට ප්‍රශ්නයක්========================මහ ඇදුරු නලින් ද සිල්වා මහතා

අද නිදහස් දිනය. එය මෙරට එක ම හා නිල නිදහස් දිනයයි. අපට අවුරුදු හැත්තෑහතරකට පෙර අද වැනි දිනක ඩොමීනියන් තත්වයේ නිදහසක් ලැබුණා. එහෙත් අපේ රජු වූයේ හයවැනි ජෝර්ජ්. අපට ඔහුගෙන් හා ඔහුගේ දියණියගෙන් නිදහස් වීමට තවත් අවුරුදු විසිහතරක් ගියා. ඒ 1972 මැයි 22 වැනි දා. අප එදින සමරන්නේ නැති එක ගැන නම් මට ඇත්තේ කණාගාටුවක් මෙන් ම කළකිරීමක්. ජේ ආර් ඒ දිනය උපක්‍රමශීලී ව අමතක කළේ තම 1977 ව්‍යවස්ථාවෙන් පෙබරවාරි හතර ජාතික දිනය ලෙස නම් කිරීමෙන්. මා හිතන්නේ අපේ ජාතික දිනය විය යුත්තේ මැයි 22. පෙබරවාරි හතරත් සැමරුවාට වරදක් නැහැ. අපට නිිදහස ලැබීම පටන් ගත්තේ 1931 සර්වජන ඡන්දය ලැබීමත් සමග. ඉංගිරිසින් තමන් මෙරට බිහි කළ නායකයන් කෙරෙහි වූ විශ්වාසය නිසා ම අපට සර්වජන ඡන්දය දුන්නා. ඒ නිදහසත් 1948 නිදහසත් මෙරට ප්‍රභූන්ට සීමා වූ නිදහසක්. සාමාන්‍ය ජනයාට නිදහස ලැබෙන්න පටන් ගත්තේ 1956 දී. එයට මුල් වුණෙ ශ්‍රී ල නි පක්‍ෂය. ඒ නිදහසට අදත් බොහෝ දෙනා විරුද්ධයි. අද සිංහල බෞද්ධ විරෝධය වශයෙන් ක්‍රියාත්මක වන්නේ ඒ පනස්හයට දැක්වූ විරෝධයයි. එහි සරදම වන්නේ පනස්හය නිසා ම බිහි වු ඇතැම් පඬි නැට්ටන් ඒ නිිදහසට විරුද්ධ වීමයි.
පනස්හයේ නිදහස තවමත් සම්පූර්ණයෙන් ම ජනතාවට ලැබී නැහැ. එය දිනා ගැනීම අපේ කාර්යභාරය වෙනවා. එහෙත් එය ජාතිකත්ව පක්‍ෂයක නායකත්වයකින් මිස ලිබරල් හරි මාක්ස්වාදී හරි පක්‍ෂවල නායකත්වයකින් ලබා ගන්න බැහැ. සජිත් රනිල්දාස මෙන් ම චම්පකත් ඒ නායකත්වය සඳහා සුදුස්සන් නො වෙයි. ඒ කුමක් වුවත් අද නිදහස් උත්සවය ගාම්භීර ව පැවැත්වුණා. හමුදා පෙළපාලි නරඹන විට මට සිතට (ඔළුවට නොවෙයි. ඔළුවේ ඇති මනසක් නැහැ) ලෝකයේ අති භයානක ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමුවේ මේ හමුදාව නො වේ ද යන්නයි. එපමණක් නොව ත්‍රස්තවාදයක් මුලිනුපුටා දැමීමට ලොවේ එතෙක් මෙතෙක් සමත් වූ හමුදාව මේ හමුදාවයි. හමුදාව ඒ සමත්කම දැක්වයේ ඊනියා යුද විශේෂඥයන් දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නොකැකි බව කැට තියා ප්‍රකාශ කර තිබිය දී. එහෙත් අවාසනාවකට එකී රොහාන් ගුණරත්නලා වැන්නන් අද ආණ්ඩුවේ උපදේශකයන් වී තියෙනවා. ඊයේ අයි එස් නායකයා ඝාතනය කළ බව බයිඩන් දැනුම් දුන්නා. අයි එස් නායකයාගේ මානව අයිතිවාසිකම් ගැන කතා නොකරන පඬි නැට්ටන්ට ප්‍රභාකරන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතා කිරීමට මෙරට නිදහස තිබෙනවා. ඒ නිිදහස බටහිර සම්ප්‍රදායකින් ලැබුණක් නො වෙයි. එ තමයි සිංහල සම්ප්‍රදාය.
කාදිනල්තුමා රාජ්‍ය නිදහස් උත්සවය වර්ජනය කරලා. එතුමා ඒ බව නොකියන්න එය කිසිවකුට නොදැනෙන්න ඇති. එතුමා අද පොලිස්පති නීතිපති පමණක් නොව විනිසුරු පදවි ද දරණවා ද කියා අහන්න වෙනවා. අපට එතුමාගෙන් තමයි අහන්න වෙලා තියෙන් අහවල් අහවල් වරදට වැරදිකරුවන් කවුරුන් ද කියා. එහෙත් ජනමාධ්‍ය අපේ අදහස්වලට ප්‍රචාරය දෙන්නේ නැහැ. අප කිහිප දෙනකු එක් වී කාදිනල්තුමාගේ ප්‍රකාශ ගැන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. ජනමාධ්‍ය ඒ මාධ්‍ය සාකච්ඡාවට එතරම් ප්‍රචාරයක් දුන්නේ නැහැ. දෙරණ ඒ ප්‍රචාරය කෙළේ මගේ කතාව සම්පූර්ණයෙන් ම කපා දැමීමෙන්. දෙරණට අරුණට අනුව මා වැදගත් දෙයක් කියන්නේ නැහැ. ඔවුන් ජාත්‍යන්තර ගණයේ විද්‍යාත්මක මාධ්‍යවේදීන්. මා දන්නා විද්‍යාවක් නැහැ.
ඒ කොයිහැටි වුවත් කාදිනල්තුමාගෙන් හා අනෙක් අයගෙන් අහන්න මට ප්‍රශ්නයක් තියෙනවා. අද අප නිදහස දිනාගත් දිනය නම් අපට නිදහස නැති වුණේ කවදා ද? 1815 මාර්තු දෙවැනි දා කියන්න පුළුවන්. ඒත් අපට නිදහස නැතිවෙන්න පටන් ගත්තේ කවදා ද? කතෝලික පෘතුගීසීන් මෙරටට පැමිණි දා ද? සිංහලයන්ට පළමුවෙන් ම නිදහස නැති කෙළේ කතෝලික පෘතුගීසීන් ද? ඊට ටික කලකට පෙර මෙරටට පැමිණ සිටි මුස්ලිමුන් වෙනත් රටවල කෙසේ වෙතත් මෙරට සිංහලයන්ට නිදහස නැති කිරීමට මුල දී කටයුතු කෙළේ නැහැ. පසු කලෙක නම් ඉංගිරිසින් ඔවුන් යොදා ගත්තා.
කතෝලික පෘතුගීසීන්ගෙන් පසුව රෙපරමාදු ලන්දේසින් (අද නෙදර්ලන්ත උපාධි කම්හලේ නායකත්වයෙන් තවදුරටත් කෙරෙන) ඇංග්ලිකන් ක්‍රිස්තියානි ඉංගිරිසින් සිංහලයන්ට නිදහස අහිමි කිරීම දිගට ම කරගෙන ගියා අදත් කරනවා. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන උපාධි කම්හල් ඒ සඳහා යොදා ගන්නා මෙවලම් පමණයි. අපට බටහිර දැනුමෙන් නිදහස් වීමට තව සෑහෙන කාලයක් ගතවේවි. ඒ ඊනියා සමාජයීය විද්‍යාවන්හි මහිමය නිසා නො වෙයි. ඒ ඊනියා සමාජයීය විද්‍යා බංකොළොත් දැනුම් පද්ධති පමණයි. බටහිර දැනුම ඒ සමාජයීය විද්‍යාවන් මගිනුත් අපට පටවන්නේ බටහිර තාක්‍ෂණයේ බල මහිමයෙන්. අද බටහිර විද්‍යාව කඩා වැටිලා. බටහිර තාක්‍ෂණය පමණක් තවමත් නව නිපැයුම් ලොවට දෙනවා. අලි හෙම්බිරිස්සාව ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියන දේ හා මෙරට මහජන උපයෝගිතා කමිටුව කියන දේ අතර එතරම් වෙනසක් නැහැ. තමන් කියන්නේ මොකක් ද කියා ඒ දෙගොල්ලන් ම දන්නේ නැහැ. මනස ඇත්තේ කොහේ ද යනුවෙන් මා ඇසූ ප්‍රශ්නයට තබා ඊනියා ගුරුත්වාකර්ෂණ බලය දැනෙන්නේ කිනම් ඉන්ද්‍රියකට ද යන සුළු ප්‍රශ්නයටවත් කිසිවකුගෙන්වත් පිළිතුරක් නැහැ. නාථ දෙවියන් ගැන පඬි කතා කීමට පෙර මා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න.
බටහිර ගණිතය ස්වසිද්ධි මත පදනම් වෙන්නෙ. ඒ ස්වසිද්ධිවල ඊනියා නිරවද්‍යතාව ගැන කවුරුන්වත් අහන්නෙ නැහැ. ඒ උපකල්පන පමණයි. බටහිර යුක්ලීඩිය ජ්‍යාමිතිය පදනම් වන්නෙ ඊනියා දාර්ශනිකයන් කියන අන්දමට ත්‍රිකෝණ හරි වෙනත් බහුඅස්‍ර හරි මත නොවෙයි. ත්‍රිකෝණත් ඇතුළු යුක්ලීඩිය ජ්‍යමාතිය පදනම් වන්නේ වෙනත් ස්වසිද්ධි මත. එ ස්වසිද්ධිවලින් ඉතා ම ප්‍රසිද්ධ එක අර සමාන්තර අක්‍ෂ ස්වසිද්ධිය. ඒ ස්වසිද්ධිය වෙනස් කළොත් නිර්යුක්ලීඩිය ජ්‍යාමිති ලබා ගන්න පුළුවන්. අයින්ස්ටයින්ගෙ සාධාරණ සාපේක්‍ෂතාවාදය පදනම් වන්නෙ එවැනි නිර්යුක්ලීඩිය ජ්‍යාමිතියක් මත. එහි ත්‍රිකෝණයක කෝණ තුනේ එකතුව අංශක 180 නො වෙයි.
බටහිර සෑම දැනුමකට ම මුලක් තියෙනවා. බටහිර දර්ශනයටත් තියෙනවා. මහා පොළොවේ යථාර්ථයක් ගැන පඬි නැට්ටන් කියවනවා. දර්ශනයේ පදනම පොළොව ද? පොළොව කියන්නෙ මොකක් ද? එය සංකල්පයක් නො වෙයි ද? එහි පදනම කුමක් ද? බටහිර දැනුම ඇරිස්ගේ දැනුම මේ සියල්ලට මුලක් තියෙනවා. ඒ මුල අර්ථදැක්වෙන්නෙ නැහැ. එහෙමත් නැත්නම් නිර්වචනය කෙරෙන්නෙ නැහැ. ඒක අර පුද්ගලයා මූලධර්ම මගින් නිර්වචනය කෙරෙනවා කියන බහුබූත කතාවට තරමක් වෙනස්. යුක්ලීඩිය ජ්‍යාමිතියේ ලක්‍ෂ්‍යය නිර්වචනය කරන හැටි දන්නවා ද? ලක්‍ෂ්‍යයක් කියන්නෙ නිර්වචනය නොකරන ලද භූතාර්ථයක් (entity). පොළොව නිර්වචනය නොකරන ලද්දක් ද?
බටහිර දැනුමට රේඛීය චින්තනයෙන් හා නිර්වචනය නොකරන ලද භූතාර්ථවලින් ගැලවෙන්න බැහැ. දෙවියන් වහන්සේ තමයි පළමු සංකල්පය. එය නිර්වචනය කරන්න බැහැ. කාදිනල්තුමා නිතර අහන්නෙ මහා මොළකරු කවුද කියලා. එතුමාටත් ඕන මුල දැන ගන්න. ඒත් දෙමළ ත්‍රස්තවාදයෙ මුල ගැන එතුමා ඇහුවෙ නැහැ. ඇතැම් කතෝලික පූජකවරුන් දෙමළ ත්‍රස්තවාදයට උදවු කිරීම ගැන එතමා විනිශ්චයක් දුන්නේ නැහැ. අපට එච්චර මුලක් ඕන නැහැ. සිංහලයන්ට නිදහස නැති වෙන්න පටන් ගත්තෙ කොහොම ද කියල දැන ගන්න පුළුවන් නම් ඒ ඇති. බටහිර දාර්ශනිකයන්ට පොළොව නිර්වචනය කරන්න බැහැ. බටහිර ගණිතයෙ ලක්‍ෂ්‍යය නිර්වචනය කරන්න බැහැ. යම් සංකල්පයක් නිර්වචනය කරන්න වෙන්නෙ තවත් සංකල්පවලින්. එතකොට එ සංකල්ප. බටහිර දැනුම කියන්නෙ වැලි ගොඩක් මත නිර්මාණය වූ වැලි මාළිගාවක්. එය සමහර වෙලාවට වැඩ කරනවා. එච්චරයි. ඒකට කමක් නැහැ. කාදිනල්තුමා රාජ්‍ය නිදහස් උත්සවයට සහභාගි නොවූයේ අපට නිදහස නැති වෙන්න පටන් ගත්තෙ කොහොමද කියල දන්න නිසාවත් ද?
පොඩි කරුණක්. මේ ලිපි පළවෙන්නෙ අප මිලට ගන්නා වෙබ් අඩවියක. එයට අමතරව සකර්බර්ග්ගෙ පිටුවකත් පළවෙනවා. මා මේ ලිපි පනස් දෙනකුට පමණ දිනපතා හරි විටින් විට හරි යවනවා. එය ඔවුන්ගේ නිදහසට බාධාවක් කියා මට මේ නිදහස් දිනයේ හිතුනා. මින්මතු එ අයට ලිපි එවන්නේ නැහැ. අවශ්‍ය නම් සකර්බර්ග් පිටුවට හරි කාලය වෙබ් අඩවියට හරි යන්න පුළුවන්.