ඉංග්‍රීසීහු කන්ද උඩරට ආක්‍රමණය කරති
ක්‍රි.ව 1803 දී යුද්ධ ප්‍රකාශ කරමින් නෝත් ආණ්ඩුකාරයා කන්ද උඩරටට හසුන් පතක් යැවුවේය. නැවතත් සාම ගිවිසුමකට එළඹීමේ වැදගත් කම රජතුමාට එම හසුන් පතින් ද පැහැදිලි කෙළේය. එම යෝජනාවට රජතුමා එකඟ වූයේ නම් ඉංග්‍රීසීන්ගේ කන්ද උඩරට ආක්‍රමණය වැළකී යාමට ඉඩ තිබුණි. ක්‍රි.ව 1803 ජනවාරි 31 දින ජනරාල් මැක්ඩෝවල් සෙනෙවියාගේ ප්‍රධානත්වයෙන් යුත් ස්නාකයක් කොළඹ සිට මහනුවර බලා පිටත් වූ අතර තවත් සේනාංකයක් ත්‍රිකුණාමලයෙත් පෙබරවාරි මස 4 දින පිටත් විය. මේ සේනාංක දෙක දින කීපයකට පසු මහවැලි ගං ඉවුරේ දී එකට සම්බන්ධව මහනුවර බලා ගමන් ගත්හ. මෙතෙක් කලක් ඉංග්‍රීසීන්ගේ රැකවරණ යටතේ යාපනයේ ජීවත්ව සිටි මුත්තුසාමි කුමරාද ත්‍රිකුණාමලයෙන් පැමිණි සේනාංකය සමග විය.
මුත්තුසාමි රජවෙයි
මහනුවර නගරයට ඇතුළුවූ පසු දැක ගන්නට ලැබුණේ මහ ජනයාගෙන් හිස් වූ ගිනි තබන ලද පාලු නගරයකි. දළදා වහන්සේ ඇතුළු අනෙකුත් වස්තුවද රැගෙන රජතුමා හඟුරන්කෙතට පලාගොස් තිබුණි. කිසිම සටනක් නොමැතිව නගරය අත් පත් කර ගත් ඉංග්‍රීසීහු ගිනි නිවා දමමින් කඩිනමින් බලකොටු තනවා එහිම වාඩිලා ගත්හ. අනතුරුව නෝත් ආණ්ඩුකාරයා දී තිබුණු උපදෙස් පරිදි ඉංග්‍රීසීන් යටතේ සිටි මුත්තුසාමී කුමාරයා සිංහාසනාරූඪ කරනු ලැබිණ. ඔහු විසින් ඉංග්‍රීසීන්ට උවමනා පරිදි සකස්කරන ලද ගිවිසුමකට ද අත්සන් කරන ලදී.
මෙම අවස්ථාව ක්‍රි.ව 1592 වර්ෂයේදී පෘතුගීසීන් විසින් දොන් පිලිප් කුමරා උඩරට රජු හැටියට පත්කිරීමට සමාන බැව් ඉතිහාසඥයෝ පෙන්වා දෙති. දොන් පිලිප්ට මෙන්ම උඩරැටියෝ මුත්තුසාමීට පක්ෂපාතීත්වයක් නොදැක්වූහ. විදේශිකයන් විසින් ඔහු සිහසුනේ හිදුවන ලද බැවින් මුත්තුසාමි කිසිසේත් ජනාදරයටපත් නොවීය. එබැවින් ඔහු එම තනතුරෙහි රදවා ගැනීම හා ආරක්ෂකර ගැනීම ඉංග්‍රීසින් සතු වගකීමක් විය.
පිළිමතලව්වේගේ ප්‍රයෝගයක්
තමා කෙරෙහි කිසිම සැලකිල්ලක් නොදක්වා මුත්තුසාමිට රජකම දීම පිළිබඳව පිළිමතලව්වේ කෝපාග්නියෙන් දැවෙන්නට විය. තමාට කළ අවනම්බුවට ඉංග්‍රීසීන්ට යස පාඩමක් ඉගැන්වීමට ඔහු තීරණය කළේය. ඔහු මේ පිළිබඳ කිසිවක් නොහගවා මැඩෝවල් සෙනෙවියා හමුවී සුහද සාකච්ඡාවක නිරත වෙමින් සිට පැවසුවේ දැනට රජතුමා හඟුරන්කෙත මාලිගාවෙහි සිටින බවත් සේනාංකයක් එවන්නේ නම් ඔහු ජීවග්‍රහයෙන් අල්ලා දිය හැකි බවත්ය. පිළිමතලව්වේගේ උගුලට අසු වූ මැන්ඩෝවල් කරල් මේ යටතේ සේනාංකයක් හගුරන්කෙත බලා පිටත් කළේය. ඔවුන්ට පහර දීමට අදාළ සියළු කටයුතු කවේලා ඇතිව සංවිධානය කර තිබුණි.
අතර මගදී එම සේනාංකයට සැගවී සිටි සිංහල භටයන්ගේ ප්‍රහාරවලට මුහුණ දීමට සිදු විය. එම ප්‍රහාරවලට ලක් වී හෙම්බත් වූ ඔවුහු මහත් ආයාසයකින් හගුරන්කෙතට ළගා වූහ. රජතුව? මාළිගාව හැර දමා ගොස් සිටි බැවින් ඔවුන් කළේ එය ගිනි තැබීමය. ආපසු එන අතර මග අද ඔවුන්ට ප්‍රහාරයන් ගණනාවකට ම මින් දීමට සිදු විය. ඉංග්‍රීසි හේවායෝ බොහෝ දෙනෙක් මළහ.
කාලාන්තරයක් තිස්සේ විදේශීය සතුරන් සමග සටන් වැදීම නිසා පරපුරෙන් පරපුරට අඛණ්ඩව පැවැත ගෙන ආ රණකාමිත්වය විදහා දැක්වූ සිංහල හේවායෝ ඉංග්‍රීසි සේනාංකයට කිසිදා අමතක නොවන ප්‍රහාරයක් එල්ල කළහ. යුද්ධ උපක්‍රමය නිපුනත්වය මැනවින් ප්‍රකට කළහ. අනතුරුව මහ අදිකාරමත්ම මැදිහත් වීමෙන් ඉංග්‍රීසීන් සමග සාම ගිවිසුමක් ඇති කර ගත් බැවින් සිදු වූ සටන් නතර විය. මේ ගිවිසුම සකස් කරන ලද්දේ මහ අදිකාරමටත් ඉංග්‍රීසීන්ටත් යන දෙපිරිසටම වාසිදායක වන අන්දමිනි. එයින් පිළිමතලව්වේට “උතුම් කුමාරයා” යන නමින් කිරුළ දැරීමටත් රට මැදින් කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා මාවතක් සෑදීමට ඉංග්‍රීසීන්ට ඉඩ දීමටත් ගිවිසුමට අන්තර්ගත වූ වැදගත් කොන්දේසි දෙකකි.
ඉංග්‍රීසීන්ට පහරදීම
ගිවිසුම ක්‍රියාත්මක වීමට පෙර සැගවී සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජ කලඑළි බසිමින් ඉංග්‍රීසීන්ගේ අමාරු කම් ඉවෙන් මෙන් දැනගෙන 1803 ජූනි විසි හතර වෙනි දින උඩරැටියන්ගේ ද සහාය ඇතිව ඔවුන්ට පහර දීමට පටන් ගත්තේය. මේ වන විට රෝගාතුරව යටි මැඩෝවල් හේත්ත්වයන්ගෙන් කොටසක් රැගෙන කොළඹ බලා යමින් සිටියේය. මේජර් ඩේවි ප්‍රධාන කොට වූ දහනව වැනි රෙජිමේන්තුවේ භටයන් දහසක් පමණ නතර කරන ලදී. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ලෙඩරෝග වලින් හා ආහාර හිග කමින් පෙළුණහ. .
මෙහිදී පිළිමතලව්වේ පැමිණ රජුට සහයෝගය දැක් වූයේ රජු තමා කෙරෙහි සැක උපදවා ගැනීම දුරු කරනු සදහාය. ලෙව්කේ, කැප්පෙටිපොළ, පලිපාන, වෑත්තෑවේ ආදී රණ ශූරයන් දැක්වූ දස්කම් වලින් මහනුවර සිටි ඉංග්‍රීසි හමුදාව අන්ත පරාජයට පත්වුනි. අනතුරුව පරාජය පිළිගත් ව් සමාදාන වීමේ ලකුණක් දැක්වීමක් වශයෙන් සුදු කොඩියක් ඔසවා යටත් විය. ඉන් පසු ඔහු නූදින් නැමති ජා කපිතාන් තැන සමග සිංහල හමුදා කදවුරට පැමිණ සමාදාන ගිවිසුමක් ඇති කර ගත්තේය.
මුත්තුසාමිගේ මරණය
ඉංග්‍රීසීන්ට අයත් යුධෝපකරනත් අනතුරට පත්වූ ඉංග්‍රීසි හේවායනුත් හැර මුත්තුසාමි ඇතුළු ඉතිරි හමුදා බලඇණිය මහනුවරින් පිටත් වීමට ඉඩ ලබා ගැනීම එම ගිවිසුමට අයත් විය. ඒ අනුව මේජර් ඩේවි තම සේනාවද මුත්තුසාමි කුමාරයා ද කැටුව ත්‍රිකුණාමලයට යාමට තීරණය කොට වටපුළුවේ තොටුපොළ අසලට ළගා විය. එහෙත් මහවැලිගඟ පිටාර ගලා තිබුණෙන් ඔවුන්ට එයින් එතෙර වීමට නොහැකි විය. එදින රාත්‍රිය එහි ගත කිරිමට ඔවුන්ට සිදුවුනි. රජතුමාගේ අනුදැනුමක් නොමැතිව මෙසේ මුත්තුසාමි ඇතුළු ඉංග්‍රීසි බල ඇණියට මහනුවරින් පිටත් වීමට ඉඩ සැලසීම කෙරෙහි ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා බලවත් කෝපයට පත්විය.
මුත්තුසාමි ඇතුළු ඔහුගේ පිරිස ආපසු කැඳවා ගෙන එන ලෙස ආඥාවක් නිකුත් කරමින් මිල්ලව දිසාව ඒ සදහා පිටත් කර හැරියේය එහි දී අකමැත්තෙන් වුව ද ඩේවිට මුත්තුසාමි ඇතුළු ඔහුගේ පිරිස සිංහලයන්ට පාවා දීමට සිදුවිය. සිර භාරයට ගත් මුත්තුසාමි ඇතුළු පිරිස රජු ඉදිරියට ගෙන එන ලදුව රාජ්‍ය පැහැර ගැනීමට අදාළ චෝදනා එල්ල කරමින් ඔවුන්ට මරණ දඬුවම නියම කෙරිණ.
වාගොල්ලේ ඝාතනය
හදිසියේම වාගේ කන්ද උඩරට සිට පැමිණි සේනාංකයක් ක්‍රි.ව 1803 දී ජුනි විසි හය වෙනි දින අළුයම් කාලයේ දී මේජර්
, හම්පි හා රලි යන කපිතාන්වරු අත් අඩංගුවට ගත්හ. මේ සේනාංකයට ජා සහ කාපිරි සොල්දාදුවෝද ඇතුළත් වූහ. අත් අඩංගුවට ගත් ඉංග්‍රීසි භටයින් මහනුවර දෙසට ගෙන යන අතරතුර වාගොල්ලේ දී ඔවුන් දෙදෙනා බැගින් ගෙන ගොස් කාපිරි සොල්දාදුවන් ලවා ජීවිතක්ෂයට පත් කරන ලදහ.
මෙය පිළිමතලව්වේ මහ අදිකාරමගේ නියෝගය මත කර වන ලද්දක් විය. රජතුමා කෙරෙහි ඉංග්‍රීසීන් ප්‍රකෝප කරවනු පිණිස ඔහු මෙය කර වන ලද්දේය. මහනුවර නේවාසිකව සිට රෝගීවූ ඉංග්‍රීසි සොල්දාදුවන්ද මෙලෙස ම මරණයට පත් කරන ලදී. මෙම ක්‍රියාව සදාචාරයට පට හැනි නීති විරෝදී ක්‍රියාවක් ලෙස ඉතිහාස ගතව ඇත. මෙම අමානුෂික ඝාතනය ගැන අසන්නට ලැබීමෙන් නෝත් ආණ්ඩුකාරයා බලවත් කම්පනයට පත් විය.
ඩේවි සිරගත වෙයි
වටපුළුවේ දී සිරභාරයට ගන්නා ලද මෞර් ඩේවි මහ වාසල ගබඩා නිලමේගේ රැකවල් ඇතිව මහනුවර ඉස්මතේ පිහිටි මීගොන් අරඹ නම් ස්ථානයේ ජීවත් විය. කලක් එහි සිටි ඔහු පසුව කලින් කලට කන්ද උඩරට විවිධ ප්‍රදේශවලට ගෙන යන ලදී. හුරිකඩුව නාපාන ගමේ නතරව සිටිය දී දිනක මෞර් ඩේව්වට නපුරු හීනයක් පෙනිණි.
රජතුමාගේ සැතපෙන ගේ ගිනි ගෙන දැවෙනු සිහිනෙන් දුටු ඔහු වහා පිබිදී ඒ බැව් දැන්වීම සඳහා මහ වාසලට දූතයකු යැවේය. ඔහු සිහිනෙන් දුටු පරිදිම පසු දින රජුගේ සැතපෙන
ගෙය ගි න්නෙන් දැවුනි. ඩේවි සිහිනෙන් දුටු පරිදිම එය සිදු වූ වැබින් ශ්‍රී වික්‍රමරාජසිංහ රජු මහත් පුදුමයට පත් විය. ඔහුගේ එම සත් ක්‍රියාවට කෘත ගුණ දැක්වීමක් වශයෙන් රජු විසින් ඩේවි නාපානෙන් ගෙන්වා පලේස්වාහල අසල නිවාසයක නතර කර වන ලදී.
ඩේවි මෙම නිවසෙහි කල් ගත කරන කාලයේ දී රහසිගත ව ඉංග්‍රීසීන් සමග රහස් ලිපි ගනුදෙනුවක නිරත වීම නිසා නැවතත් රාජ උදහසට ලක් විය. බලන කඩවතේ දී රාජ පුරුෂයන්ට අසු වූ ඩේවි විසින් යවන ලද සංදේශය අනුව රජතුමා දැඩි ලෙස ඔහු කෙරෙහි සැක පහළ කොට ඒ පිළිබඳ විධිමත් පරීක්ෂණයක් පවත්වා ඔහුට මරණ දඬුවම නියම කළේය. එවකට ඉංග්‍රීසීන් අතර සිටි බුද්ධිමත් සිවිල් නිලධාරියෙකු වූත් ඔවුන්ගේ ඔත්තු සේවාවේ ප්‍රධානියා වූත් ජෝන් ඩොයිලි සමග ඔහු මෙම රහස් ලිපි ගනුදෙනුව පවත්වා ගෙන ගොස් තිබුණි.
ඩේවි මහනුවර ආසන්නයේ නැවතී සිටි අවදියේ මතු මහා විහාරයේ රාජගුරු කැස්බෑකඩුවේ නාහිමියන්ගේ සිත දිනාගෙන සිටියේය. මහ වාසල ගබඩා නිලමේ ද ඔහුගේ මිත්‍රයෙක් විය. ඔවුන් සමග ආචාර සම්පන්නව හැසිරුණු ඔහුට මරණ දඬුවම හිමි වීම කණගාටුදායක ප්‍රවෘත්තියක් වූයෙන් ඔවුහු ඩේවිට අභය දානය දෙන මෙන් රජුගෙන් ඉල්ලා සිටියේය.
රජු අකමැත්තෙන් වුව ද ඩේවිට අභය දානය දුන් නමුත් ජෝන් ඩොයිලිගේ ඔත්තුකරුවා වූ ලොන්ඩප්පුට ද ඩේවි නවාතැන් ගත් නිවාසයේ හිමිකරු වූ ගම්මෑහේ නැමැත්තාද රහස් සංදේශය පිළිබඳ පැවැත් වූ විනිශ්චයේ ලිපිය ගෙන ගිය ලාල නැමැත්තාද රාජ උදහසට ලක් වී දිවැස් හුලට කැප වූහ. රජුගේ සමාවට ලක් වූ ඩේවි ඉන් පසු රජුගේ හිතවතෙකු වූ මුද්දල් සාමි නැමැත්තා ළඟ දැඩි රැකවල් මධ්‍යයේ කෝරළවහකඩ විසීය.
ඉංග්‍රීසි විරෝධී කැරළි කෝලාහල
කන්ද උඩරට දී ඉංග්‍රීසීන්ට අත් වූ අන්ත පරාජයත් සමග බලවත් උද්දාමයට පත් වූ සිංහල හේවායෝ ඉංග්‍රීසීන්ට අයත් ව තිබුණු පහත රට ප්‍රදේශවලට ද පහර දෙමින් මහත් අලාභහානි සිදු කළහ. තත්වය කෙතරම් අවදානම් වී ද යත් ඉංග්‍රීසීන් සතු ව තිබූ ප්‍රදේශයන්හි යුද්ධ නීතිව පවා ප්‍රකාශ කිරීමට ඔවුන්ට සිදු විය.
ඉංග්‍රීසි විරෝධී කැරලි කෝලාහල මෙසේ උත්සන්න වෙමින් පවතිද්දී ඔවුන්ට ඉන්දියාවේ ඉංග්‍රීසි ආණ්ඩුවෙන් ආධාර ලැබුණි.
එයින් නැවතත් තරමක් ශක්තිමත් වූ ඔවුහු සතුරන් පලවා හර උඩරට රාජ්‍ය අවට ප්‍රදේශවලට පහර දෙමින් ගෙවල් දොරක කොල්ල කමින් ගම් වැසියන්ට නොයෙකුත් වද හිංසා පැමිණව මෙයින් ඉතා දරුණු අන්දමට අලාභ හානි සිදු වූයේ සබර.. පළාතට ය.
බලවත් සිංහල හමුදාවක්
කන්ද උඩරට ආක්‍රමණය කළ තම හමුදා සේනාංක නීති විරෝධී ලෙසත් යුද්ධ නීතියේ එන සදාචාර ධර්මවලට පටහැනි ලෙසත් අමානුෂික අන්දමින් ඝාතනය කර දැමීමේ සිද්ධිය පෙරික් නෝත් ආණ්ඩුකාරයාට ලෙහෙසියෙන් අමතක කළ නොහැක්කක් විය. කවදා හෝ එයට ඔවුන්ගේ ලේල පලිය ගැනීමට ඔහු මාන බැලුවේය. මේ අනුව ඔහු සේනාංකයක් උඩරටට යවා නැවතත් එහි ගම්බිම් පාලු කරන්නට විය. ඒ වන විට සාමකාමි ව රට පාලනය කරමින් සිටි ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මෙයින් බලවත් කෝපයට පත් විය.
– ඉංග්‍රීසීන්ගෙන් නිරන්තරයෙන් එල්ල වන මෙම තරජන වලින් නිදහස් වීමට නම් ඔවුන්ට පෙරලා පහර දීම යැයි සිතු එතුමා ඉතාමත් ශක්ති සම්පන්න යුද්ධ හමුදාවක් රැස්කිරීමට අවශ්‍යය. විධිවිධාන යෙදීය. මෙසේ සංවිධානය කරන ලද සේනාංකයට මුලදී ඉංග්‍රීසීන්ගෙන් අල්ලා ගන්නා ලද ජා, කාපිරි හා සිපයි යන කුලීකාර හේවායෝ ද ඇතුළත් වූහ.
හංවැල්ල කොටුවට පහරදීම
ඉංග්‍රීසිනුත් රජුත් කෙටවෙන අන්දමින් පසු බිම සකසා පිළිමතලව්වේ මහ අදිකාරම පසෙකට වී බලා ගෙන සිටියේය. එහෙත් තමා කෙරෙහි රජුගේ සැකයක් පහළ නොවීමට ඔහු ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමට වග බලා ගන්න. මාතලේ ඌව වෙල්ලස්න්සේ ආදී පළාත්වලින් පැමිණි රණශුර සෙබළුන්ගෙන් සැදුම් ලත් සිංහල සේනාංකය ඉංග්‍රීසි බල ප්‍රදේශය ආක්‍රමණය කළේ ශ්‍රී වික්‍රම රාජසිංහ කැටුවය. ඔවුන්ගේ යුද සැලසුම අනුව පළමුවෙන් ම හංවැල්ල බලකොටුවට පහර දීමට නියම වී තිබුණි.
මෙම ස්තාවෙහි ප්‍රධානත්වය දරණ ලද්දේ එවකට කන්ද උඩරට රාජ්‍යයේ අග්‍රසේනාධිපති ධූරය හෙබවූ මහා රණ ශුරයෙක්ලෙස නම් දරා සිටි ලෙකේ දිසාවය. එතුමා හතර කෝරළේ දිසාව වශයෙන් ද කටයුතු කළේය. ජාතිකාභිමානයෙන් ඔද වැඩී ගිය සිංහල භටයෝ වැයෙන රණබෙර හඩින් තව තවත් සිත් දිරිමත් කර ගෙන වෙන ද නැති ධෛර්යයකින් යුතුව සටන් කරමින් බලකොටුව වෙත ලන් වී වෙඩි තැබූහ. සතුරු පක්ෂයද එකෙනෙහිම ක්‍රියාත්මක වූයෙන් හටගත් මාරාන්තික සටන අති බිහිසුනු බවක් ඉසිලීය. ගිගුම් දුන් වෙඩි හඩින් පෙදෙසම හෙල්ලුම්කෑවේය.
ජා හේවායෝ ඉංග්‍රීසීන්ට එක්වෙති
රජුත් ඇහැළේප්පොල ආදී නිලමේවරුත් ඊට නුදුරින් ආරක්ෂක ස්ථානයක ඉදි කරන ලද තාවකාලික යුද කඳවුරක නැවතී සිටියහ. මුල දී ඉංග්‍රීසීන් යටතේ සේවය කළ පසුව උඩරට රාජ්‍යයේදී සිංහලයන් අතට පත් වී එහි සේවයට බැඳී සිටි ජා හේවාපන්නය නැවතත් ඉංග්‍රීසීන්ට එකතු වීමට රහසිගතව තීරණය කර තිබුණි. එබැවින් ඔවුන් නිසි ලෙස සටන් කළේ නැත. අන්තිමේ දී ඔවුන් ඉංග්‍රීසීන්ට එකතු වූහ. එයින් පසු සිංහලයන්ට අත් වීමට තිබුණු ජයග්‍රහණය කෙමෙන් ගිලිහී යන්නට විය.
ලෙව්කේ දිසාවේගේ අභාවය
මේ අතර රජුත් යුද්ධ මුලාදෑනියනුත් අතර බේදයක් ඇති කිරිමේ රහසිගත කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වෙමින් තිබිණ.ලෙ කේ දිසාව පලිපාන ලේකම් ආදීන් හරියාකාර ව සේනා සංවිධානය නොකරන බවට පනිවුඩ රජුවෙත ආවේය. එබැවින් තමාට සතුරු පිරිසක් මෙහි ඇති බවට රජුට සැක සිතුනි. රජු මේ පිළිබඳව විමසීමට ගිය විට ලෝකේ දිසාව වෙල්යායකට වී කුරුම්බා ගෙඩියක් බොමින් සිටිනු රජුට පෙනිණ. එකෙනෙහිම අහම්බෙන් මෙන් වෙඩි උණ්ඩයක් තමාගේ කන අසලින් ගිය බැවින් රජුගේ සැකය තව තවත් දෙගුණ තෙගුණ විය. “දේවයන් වහන්ස, මිනිත්තු පහකින් කොටුව අල්ලා දෙන්නම් ” යනුවෙන් එහි දී ලෙව්කේ සේනාධිපති තිරවම පැවසුවත් රජු එය ගණන් ගත්තේ නැත. පිළිමතලව්වේගේ නායක්කර් විරෝධී වැඩ පිළිවෙලින් ඒ වන විටත්
මද කිපුණු ඇතෙකු මෙන් සිටි රජතුමා විසින් එතුමාගේත් පලිපාන මොහොට්ටාලගේත් හිස් සිඳීමට අන කරන ලදි. වල්මය කොටුවැලේ වෙල්යායක් මැදදී මෙය සිදු විය.)
ලෙව්කේ දිසාව
වසර දෙදහස් පන්සියයකට වැඩි කලක පටන් ස්වකීය මාතෘ භූමියත් ඒකීය ආගමත් රැක ගැනීමට පර සතුරන් හමුවේ අභීතව සටන් කළ තේජෝබල පරාක්‍රමයෙන් ද අනභිබවනීය රණශූර සිංහල වීරවරයන්ගේ ශ්‍රී නාමයන් අතරට ලෙව්කේ දිසාවගේ නාමය ද එක් වී ඇත. ත්‍රි සිංහලේ අග්‍ර සේනාධිපති මෙන් ම සතර කෝරළේ දිසාවේ පදවියෙන් පුද ලැබූ ලෙව්කේ විජයසුන්දර රාජකරුණා සෙනෙවිරත්න හේරත් මුදියන්සේ නමින් හැදින්වූ මේ මහා යුග පුරුෂයා ළමා වියේ පටන් අවි සිප් පිළිබඳව දස්කම් විස්කම් පෑවෙක්විය.
මෙතුමා මුලින්ම මල්ලව පොර ශුරයෙක් හැටියට ශ්‍රී විජය රාජසිංහ රජු හමුවේ දස්කම් පෑවෙකි. අනතුරුව එම රජුටත් කීර්ති ශ්‍රී රාජසිංහ, රාජාධි රාජසිංහ යන නරේන්ද්‍රයන්ටත් රාජ්‍ය සේවයේයෙදුනි. මල්ලව පොර ශුරයෙක් ලෙස මෙතුමා කළ දස්කම් පිළිබඳ කථා අදත් කන්ද උඩරට ජනතාව අතර පරපුරෙන් පරපුරටනොමැකී පවතී. වසරක් පාසා රජ මාලිගය අසල මහ මළුවේ පැවැත්වුන මල්ලව පොර සදහා ඉදිරිපත් වීම මොවුන්ගේ සිරිතක් ව පැවතුනි. එවකට ලෙව්කේ රාළ නමින් ප්‍රකටව සිටි ඔහුට දඹදිව සිට පැමිණි මල්ලව පොර ශුරයෙක් සමග සටන් කිරීමට අවස්ථාව උදා විය.
සටනට නියමිත දිනයේ පෙරවරුවෙහි දී මහ මළුවට නුදුරින් පිහිටි කිතුල් ගස් දෙකකට පිට දී රැස් විහිදුවන රිවි මඩල දෙස බලා සිටින්නට දෙදෙනාට නියම විය. එවිට ලෙව්කේ රාළ පිට කරින් කිතුල් ගසක් උදුරා ඉදිරියට නවා ගෙන සෙවනෙහි සිටින්නට වූයේ තම ප්‍රතිමල්ලවයාට, භය සන්ත්‍රාසය පමුණුවමිනි. ලෝකේ රාලගේ කාය ශක්තිය දුටු ඔහු හොර රහසේම නැවතත් දඹදිවට පලා ගිය බව කියැවේ. තවත් අවස්ථාවකදී ඔහුට හා ප්‍රතිමල්ලවයාට කට්ට සහිත කොට්ට පොල් ගෙඩි දෙකකුත් සමග බත් පමණක් ආහාරයට ලැබුණි. ක්ලෙක් රාල කට්ට සහිත කොට්ට පොල් ගෙඩිය සුරකින්ලෙව්කේ දිසාව මිරිකා කිරි ගෙන ඒ සමගින් බත් අනුභව කළෙන් එය දුටු ප්‍රතිමල්ලවයා විස්මයට පත් විය. එවිට ලෙව්කේ රාළ ඔහුගේ පොල්ගෙඩියද තම වමතින් මිරිකා දුන්නේය. මෙවන් ශක්ති සම්පන්න කෙනෙකු සමග මොන සටනක් දැයි සිතූ ප්‍රතිමල්ලවයා බියෙන් පැන ගියේය.
– රාජ සේවයට බැදී කගේත් සිත් සතන් දිනා ගෙන කටයුතු කළ මොහු රාජාධි රාජසිංහ රජුගෙන් රටේ රාළ පදවිය ලැබ ක්‍රමයෙන් උසස් වී අනතුරුව සතර කෝරළේ දිසාපති පදවිය දක්වා උසස් විය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ රාජ සභාවේ අග්‍ර
ස්නාධි පදවිය ලබා ගැනීමට ඔහුට හැකි වූයේ යුද්ධ කටයුතුවලදී දැක් වූ දස්කම් විස්කම් නිසාය.
දැඩි ආගමික භක්තියකින් යුක්තව සිටි ලෙකේ දිසාව දැලිවල, දඹුලු ලෙන හා දනකිරිගල ආදී විහාර කර්මාන්ත කිරීමට මුල් තැනක් ගෙන ක්‍රියා කළ අතර දනකිරිගල විහාරස්ථානයට නගින ගල් පඩිපෙළ එතුමාගේ කාය ශක්තිය යොදවා තනිවම කළ බව ජන ප්‍රවාදයේ එයි. ආරෝහ පරිනාහ දේහ සම්පතයෙන්ද යුත්තව සිටි මොහු එදා සතර කෝරළේ ප්‍රදේශවාසීන්ගේ ඉමහත් ගෞරවාදරයට පත් විය. එතුමා පිළිබඳ ගෙතුණු ජනකවි රාශියකි.
ඉඳගත්තම පිළිමය තිබ්බාවාගෙයි
නැගිටපුවම වේත බැන්දාවාගෙයි.
යන එන ගමන් විදුලිය කෙටුවා වාගෙයි
ලෙව්කේ මැතිඳු ගල් අතරට කොත වාගෙයි
ලෙකේ දිසාව වාසය කළ සේකේ වලව මාවනැල්ලේ ගද්දීතර පාරේ සුදුගලේ බෝධිය අසළින් වමට හැරී ඉදිරියට ගිය විට අද ද දැක ගත හැකිය. අපක්ෂපාතී ලෙස තම රාජකාරිය අකුරට ම ඉටු කළ ලෝකේ දිසාව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සමග කළකිරි සිටියේ ඔහු විසින් තම ඥාතීන්වන නායක්කර් වංශිකයන්ට විශේෂ සැලකිලි දැක්වීමත් සිංහලයන් පෙළීමත් හේතු කොට ගෙනය. එහෙත් ඔහු රාජ්‍ය විරෝධී කටයුතුවලට අත ගැසුවේ නැත.
දේශීය නර්තන කලාව ඉතා අගේකොට සැලකූ මොහු වසරක් පාසා සිය වල වෙහි කොහොඹා කංකාරි උළෙලක් පැවැත්වූ අතර එහි පැමිණ සිය කුසලතා දැක්වූ ගල්අතර පරම්පරාවේ නර්තන ශිල්පීන්ට නොමසුරුව ත්‍යාග ප්‍රදානය කළේය. එවකට ලක්දිව සිටි ශ්‍රේෂ්ඨ පඬි රුවනක් වූ කරතොට ධර්මාරාම හිමි ලවා පිරුවානා පොත් වහන්සේ ලියවීම ලෙකේ දිසාව කළ එක් උදාර ශාසනික ක්‍රියාවකි. මීට ඉහත සදහන් කර ඇති පරිදි මොහු ඉංග්‍රීසීන් සමග කල හත්වැන්නේ සටනේ දී රාජ උදහසට ලක්ව හිස් ගැසුම් කෑවේය. එදා සිරිලක සිටි සියළුම දේශප්‍රේමී සිංහල ජනතාවට ශෝක දිනයක් විය. ඔහුට සිදුවූ විපත දුටු ජන කවියෙක් තම වේදනාව කවියකට මුසු කළේය.
පුන්සද සේම පායාලා රට මැද්දේ
රන් කෙදි සේ පීරාලා පිට මැද්දේ
මාර සෙනග වට කර ගෙන යම යුද්දේ
ලෙව් කේ මැතිඳු අද තනිවම වෙල මැද්දේ