මෙම හෙළ දෙරණට ඉතිහාසයේ නොයෙකුත් ආක්‍රමණ හින්දු දේශයෙන් සිදු වුව ද, ඒ කිසි දු ආක්‍රමණයක් වර්තමානයේ මෙ රටේ ජීවත් වන්නා වූ තමිල් ජනයා ගේ මුතුන් මිත්තන් විසින් කරන ලද ය යි සනාථ කිරීමට කිසි දු සාක්ෂියක් නොමැත. එවන් ආක්‍රමණවලින් මෙ රටේ ජනාවාස ඇති වූ බවට ද කිසි ම සාධකයක් නොමැති අතර, අවශේෂ ආක්‍රමනික ජනයා වී නම් ඔවුන් සිංහල බෞද්ධ සංස්කෘතිය තුළට අනුගතව සිංහලයන් බවට පත් වුනි. එසේ කිරීමට අප ගේ රජ දරුවන් වග බලාගත් බව ගජබා රජතුමා ගේ 12,000ක සොලීන් මෙ රටට ගෙනවිත් සිංහලයන් බවට පත් කිරීමේ ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වේ.

වර්ෂ 1505 දී පෘතුගීසින් මෙ රටට පැමිණෙන විට මෙ රටේ ජීවත්ව ඇත්තේ ජන කොට්ටාශ දෙකක් පමණක් බවට ඔවුන් සිංහලයන් හා වැදි ජනයා බවත් මුලාශ්‍ර මඟින් නිශ්චිත වී ඇත. එසේ ම, මෙහි සත්‍යතාව පෘතුගීසින් සමඟ ඇති වූ ගැටුම් පිළිබඳ වූ ඉතිහාස මුලාශ්‍රවලින් ද සනාථ කෙරේ. පෘතුගීසින්, ලන්දේසින් හා ඉංගිරිසින් මලබාර් ජනයා මෙරටට ආක්‍රමණිකයන් ගේ වහලුන් ලෙස රැගෙන එන්නට විය. එහෙත් බ්‍රිතාන්‍ය යුගය ඇරඹෙන තෙක් මේ මලබාරයන් හුදෙක් තාවකාලිකව රැ කියාවේ නියුතුව සංචාරක ශ්‍රමිකයන් පමණකි. මලබාර් ජනයා, 1818 නිදහස් අරගලයෙන් පසු මුලිකව යාපනයේත් 1848 නිදහස් අරගලයෙන් පසු නැඟෙනහිර ඇතුළු අනෙකුත් පෙදෙස්වලත් ස්ථිර ලෙස පදිංචි කර ජනාවාස පිහිටවන ලද්දේ නීති විරෝධී ඉංගිරිසින් ගේ පාලනය විසිනි.1818 කැරැල්ලෙන් පසු විනාශ කොට හා දිය කොට හැරි සිංහල ප්‍රභූ පාලක පංතියෙන් ඇති වූ පරිපාලන හිඩැස පිරවීම පිණිස ඉංගිරිසින් විසින් යාපනයේ පදිංචි කරවන ලද මලබාර් ජනයා අතරන් ඉංග්‍රීසි උගත් ප්‍රභූ පංතියක් බිහිකොට ඔවුන් මෙ රටේ රාජ්‍ය සේවයට හා පාලන තන්ත්‍රයට ඇතුළත් කරීමට කටයුතු යෙදවිය. මෙසේ උසස් පැලැන්තිය බිහි කිරීමේදී ලන්දේසි මුහුදුබඩ පෙදෙස් පාලන කාලයේ ඔවුන්ට යටත්ව තිබූ ප්‍රදේශවල මුදලිවරු ලෙස සේවය කළ ලන්දේසීන්ගේ වරප්‍රසාද ලත් බලබාර් ජනයාට මූලිකත්වය ලබාදුන්හ. ප්‍රථම මලබරයා පාලන තන්ත්‍රයට ගෙන එනු ලබන්නේ 1832 ව්‍යවස්ථාදායක සභාවට දෙමළ බස කථා කරන ජනයාට නියෝජිතයකු ඔවුන් අතරින් පත් කිරීමෙන් ය. ක්‍රමයෙන් ඉංගිරිසි අධ්‍යාපනය හරහා ලංකාවේ සිවිල් සේවයේ ආධිපත්‍ය ලබා ගන්නා මලබාරයන් 1907 ව්‍යවස්ථාදායක සභාවට පොන්නම්බලන් අරුනාචලම් පත් වීමත් සමඟම සිංහලයට එරෙහි ව මෙ රටේ පාලන බලය අල්ලා ගැනීමේ සිහිනය ඇති කරගන්නා ලදී.
ලංකාවේ පාලන බලය අල්ලා ගැනීමේ සිහිනයට සමගාමිව 20 වන සියවස මුල් භාගය වන විට ඉන්දියාවේ තමිල්නාඩුවේ වෙනම ‘ ස්වාධින තමිල් රාජ්‍යයක්’ සඳහා අඩිතාලම යොදන ලදී. ඉතා තීව්‍රර ලෙස වර්ධනය කරන ලද මෙම සංකල්පය හා එහි ක්‍රියාකාරිත්වය ජවහල්ලාල් නේරු පාලනය විසින් විනාශ කිරීමට යෙදින. මේ ක්‍රියාදාමයන්ට සමගාමි ව ලංකාවේ පාලන බලය අල්ලා ගැනීමට උත්සහ කරන ලද තමිල් අන්තවාදීන් ගේ සිහිනය මැනිං ප්‍රතිසංස්කරණ, ඩොනමෝර් ප්‍රතිසංස්කරණ හා සර්වජන ඡන්ද බලය පිරිනැමීම ආදිය හේතු කොට ක්‍රමානුකූලව බිඳ වැටීමකට ලක් විය. මේ බිඳ වැටීමත් සමඟ ම තම පාලන සිහිනයේ අභිප්‍රාය සපුරා ගැනීම පිණිස තව දුරටත් ඉදිරියට යෑමට මාර්ගයක් නොමැති වූ ලංකාවේ තමිල් බෙදුම්වාදීන් අසරණ තත්වයකට පත්වු හ. මීට සමගාමී ව, ස්වාධින තමිල් රාජ්‍යයක් ඉන්දියාවේ ඇති කිරීම සඳහා කරගෙන යන ලද අරගලය ද බිඳ වැටීම හේතු කොට ඉන්දියාවේ තමිල්නාඩුවේ ස්වාධින තමිල් රාජ්‍ය සංකල්පය ද ප්‍රතික්ෂේප වී අසරණ තත්වයකට ඉන්දියාවේ තමිල් අන්තවාදීද පත් විය. ලංකාවේ පාලන බලය අල්ලා ගැනීමට මාන බලමින් සිටි තමිල් බෙදුම්වාදීන්ට නව මාර්ගයක් විවර කර දෙන්නේ ඉන්දියාවේ බිඳ වැටුණු ස්වාධින තමිල් රාජ්‍ය සංකල්පය, ඉන්දියානු තමිල් යන්ගේ සැලසුමකට අනුව ලංකාවේ තමිල් බෙදුම්වාදීන් හා එක්ව ‘තමිල් ඊළම’ නමින් 1976 වඩ්ඩකොඩේ සම්මේලනය හරහා ලංකාවේ ස්ථාපිත කිරීම හරහා ය. මෙ සේ ඉන්දියාව බෙදීමට ඉපදී පසුව ලංකාවේ රෝපණය කරන ලද බෙදුම්වාදී සංකල්පය අවසානයේ වසර 23 අධික විනාශකාරි ත්‍රස්තවාදයකට රට ඇද දමනු ලැබීය.
1978 ජයවර්ධන පාලනය ආරම්භවීමත් සමඟ ම විවෘත ආර්ථිකය සඳහා රට විවර කිරීමත්, ජයවර්ධන පාලනයේ අමෙරිකානු, ඊශ්‍රායල් හා බටහිර ගැති විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන්, ආර්ථික වශයෙන්ම මෙන්ම ආරක්ෂක වශයෙනුත් තම රටට ලංකාව දැඩි තර්ජනයක් ලෙස ඉන්දියාව දක්නට විය. එසේ ම, එවකට ඉන්දියානු අගමැතිනි ඉන්දිරා ගාන්ධි ගේ හා සිරිමාවෝ බණ්ඩාරනායක ගේ දැඩි මිත්‍රත්වය හා ජයවර්ධන පාලනය විසින් බණ්ඩාරනායක මැතිනිය ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම වැනි වූ පෞද්ගලික කරුණුත් කිහිපයක්ම හේතුකොට ඉන්දිරා ගාන්ධි ආණ්ඩුව ලංකාවේ තමිල් බෙදුම්වාදය පෝෂණය කිරීමටත්, ශක්තිමත් ලෙස වර්ධනය වීමටත් යුධ අවි පුහුණුව, මිල මුදල් පහසුකම් ඇතුළු සෑම ආකාරයක ම සහයෝගයන් ලබා දුන්නාය. අවසානයේ රජිව් ගාන්ධි ආණ්ඩුව විසින් 1980 දසකයේ දී ජාත්‍යන්තර ගුවන් නීති, ජාත්‍යන්තර සම්මුතින් ද උල්ලංඝනය කරමින් ලංකා ආණ්ඩුවට නීති විරෝධි හා සදාචාර විරෝධී බලපෑම් කරමින්, කිසි දු ඔප්පු කොට සහතික කොට පෙන්වා දෙනු ලැබූ පදනමකින් තොර ව උතුරු නැගෙනහිර සම්ප්‍රදායික තමිල් නිජබිම් බවට පිළිගන්නා ලෙස ජයවර්ධන ජනාධිපතිවරයාට අනිසි බලපෑම් කරමින් ඒ වගන්තිය ඇතුළුව තමිල් බෙදුම්වාදී ත්‍රස්තවාදීන්හට පුර්ණ ලෙස ම වාසි වන ඉන්දු ලංකා ගිවිසුම බලහත්කාරයෙන් අත්සන් කරන ලදී. උතුරේ තමිල් බෙදුම්වාදීන් පවසා සිටින්නේ තමන් ශ්‍රී ලංකික තමිලයන් ලෙස අනන්‍ය බව හා ඔවුන් ඉන්දියාවේ වෙසෙන තමිල් ජනයා, ලංකාවේ වතුකරයේ හා අනෙකුත් පෙදෙස්වල වෙසෙන ඉන්දියානු සම්භවයක් සහිත තමිල් ජනයා ගෙන් වෙන් වූ අනන්‍ය ශ්‍රී ලංකික සම්භවයක් සහිත පිරිසක් ලෙස ය. එහෙත්, ලංකාවේ තමිල් බෙදුම්වාදී ප්‍රශ්නය අරභයා ඉන්දියාව හා ලංකාව අතර ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් තහවුරු වන්නේ මෙ රටේ වෙසෙන තමිල් ජනයා යනු තම රටට අයත් ජන කොටසක් ලෙස ඉන්දියාව පිළිගන්නා බව. (එය එසේ ම බව මුලාශ්‍ර සහිත ව පසුව ඔප්පු කර පෙන්වා සිටිමු). එසේ නොමැති නම්, ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්නයකට ඉන්දියාව ලංකාව හා ගිවිසුමක් අත්සන් කිරීමට කිසිදු අවශ්‍යතාවක් හෝ අදාළත්වයක් නොමැත.
චීනයේ ගොඩනැගෙන ආර්ථික හා යුධ අභියෝගය හමුවේ ඇමෙරිකාව ඇතුළු ඔවුන්ගේ මිත්‍ර පාර්ශවික රටවල් ලංකාවේ බෙදුම්වාදයට අත පෙවීම
මුලදී ඉන්දියාව තමනට අභියෝගයක් ලෙස දුටු ඇමෙරිකාව, කලාපය තුළ තම කටයුතු මෙහෙයවීමට ඉරණවිල ඇමෙරිකන් හඬ ගුවන් විදුලිය ස්ථාපිත කරන්නට යෙදින. එවකට ජයවර්ධන ආණ්ඩුව විසින් ගනු ලැබූ මෙවැනි අදුරදර්ශී තීරණ ඉන්දියාවේ ආරක්ෂාවට ලංකාව තර්ජනයක් ලෙස සැලකීමටත්, ඉන්දියාවේ හොඳ හිත පලුදු වීමටත් හේතු විය.
1978 වසරේ චීනයේ ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමෙන් පසු 20 වන සියවස අවසානයේ වන විට චීනයේ ඉහල ආර්ථික දියුණුව තමන්ට ඇති සැබෑ ම තර්ජනයක් බව ඇමෙරිකා එක්සත් ජනපදය අවබෝධ කරගන්නට විය. ඒ නිසා චීනයේ විදේශීය වෙළෙදාම පාලනය කළ හැකි මෙන් ම යුද උපක්‍රමික ව චීනය ඇතුළු කලාපය ම පාලනය කිරීමේ හැකියාව සහිත භූගෝලීය ව වැදගත් මරමස්ථානයක් ලෙස මේ දිවයිනේ ඇති වැදගත්කම එක්සත් ජනපදය ඇතුළු බටහිර රටවලට නැවත පසක් වන්නට විය. එ බැවින් තමිල් බෙදුම්වාදයට උදවු කොට ‘තමිල් ඊළම්’ ලෙස වෙනම රාජ්‍යයක් උතුරු නැගෙනහිර පිහිටීමට උදවු දීම මඟින් තම යුධ කඳවුරු ඒ ප්‍රදේශවල ඉදිකොට කලාපයේ පාලනය තමන් ගේ ග්‍රහණයට ගැනීමට මේ බටහිර බලවේගවල සැලසුම විය. 2009 වසරේ LTTE ය පරාජයත් සමඟ ම ඔවුන් ගේ මුලික සැලසුම අඩාල වුනි. එහෙත් ත්‍රස්තවාදයෙන් ඉටු කරගැනීමට නොහැකි වූ කර්තවය්‍ය (වත්මන් ආණ්ඩුව යටතේ) පාර්ලිමේන්තු ව්‍යවස්ථාව හරහා සිදු කිරීමට ඔවුන් විසින් මේ වන විට නව සැලැස්මකට අනුව කටයුතු සම්පාදනය කරමින් සිටිති.

බෙදුම්වාදීන් විසින් ව්‍යාජ ඉතිහාස කතාවක් ප්‍රබන්ධ කොට ඔවුන්ට මේ රටේ අයිතියක් ඇති බව මුළු ලොවට ම කියාපාති, එහෙත්, වසර 2500 එ පිටින් වූ ලිඛිත හා පුරා විධ්‍යාත්මක සාක්ෂිවලින් ඔප්පු වූ සුපිරිසිදු සිංහල ඉතිහාසයක් පවතින මේ රටේ ඒ ව්‍යාජ ඉතිහාසයට එරෙහි ව කිසිදු දේශපාලඥයකු, ඉතිහාසඥයන්, ඉතිහාස මහාචාරිය යයි කියා ගන්නා කිසිවකු ප්‍රශ්න කරන්නේ හෝ අභියෝගයට ලක් කරන්නේ හෝ නැත. ඔවුන් ඉංගිරිසින් විසින් ලියා දී ගිය විකෘති ඉතිහාසය ඔලුවේ උඩ තබාගෙන අන්ධ මුග්ධ රැලක් සේ එයම අදහමින් ඉදිරි පරපුරටත් දායාද කරමින් ඔවුන් ද මුලා කරමින් සිටිති. අද පවතින සියලු ම වාර්ගික, ආගමික, සාමජීය ගැටලුවල මුල් වන්නේ ඉතිහාසයේ දී අප රටටත් සිංහල ජාතියට හා උතුම් බුද්ධ සාසනයට එරෙහිව පර ජාතින් විසින් සිදු කරන ලද කුමන්ත්‍රණ වේ. ඉතිහාසය තුළින් පැන නැඟුනු ගැටලු සඳහා ඉතිහාසයෙන් ම පිළිතුරු සෙවිය යුතුය. එබැවින් රට ජාතිය සමය විනාශ කරමින් වැඩෙන පිළිලවළ අතු සිඳ පලක් නැත. වර්තමානයේ ඇති කරන ප්‍රශ්න වලට පිළිතුරු සපයමින්, අනාගතයේ දී ඒ ප්‍රශ්න පැන නැඟීම වලක්වාලීම පිණිස ගැටලුවේ මූලයට හෙවත් පිළිලයේ මුල සොයා එයට ප්‍රතිකාර කළ යුතුය. ඉතිහාසය අමතක කළ යුතු බව ඇතැමුන් තම වාසිය උදෙසා යෝජනා කර සිටියත්, කිසි විට ඉතිහාසයක් නොමැති ව වර්තමානයක් හෝ අනාගතයක් නොමැති ය. ඉතිහාසයේ සිංහලයාට එදිරිව කරන ලද කුමන්ත්‍රණ තුළින් වර්තමානයේ දී දැඩි ව්‍යසනයන්ට මුහුණ පා සිටී. ඉතිහාසයේ වැරැදි නිවැරැදි
නොකොට වර්තමානයේ ඒ වැරැදි තත්වයන් මත සිට ම ඉතිහාසය පසෙකලා තීරණ ගැනීම මෙයට වඩා ඉතා දරුණු ප්‍රතිවිපාක ඇතිකරවීමට කටයුතු යෙදෙනු ඇත. කිමද යත් වර්තමානය හා ආනගතය තීරණය වන්නේ ඉතිහාසය මත ය. එ බැවින් මේ කෘතිය තුළින් මේ රටේ තමිල්, මුස්ලිම් හා ආධිරාජයවාදී ක්‍රියාකාරකම් පිළිබඳ ඉතිහාසය, ඒවායේ අන්තර් සම්බන්ධතාව හා එයින් වර්ථමානයට සිදුවී ඇති තර්ජනය මෙන්ම එම ගැටළු නිරාකරණය කර ගැනීමේ ක්‍රම වේදයන්ද විශ්ලේෂණය කෙරේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s