සම්පුර්ණ ලිපියම කියවන්න එසේ නොහැකි නම් මෙම හඩ පටය අහන්න >>https://soundcloud.com/user-741571400-924960442/3wolkav44vno
ඉoග්‍රීසින් විසින් ලංකාව සමිපුර්ණයෙන්ම යටත් කර ගන්නා ලද්දේ 1815දී උඩරට රදලයින් විසින් අත්සන් කරදන ලද උඩරට ගිවිසුම මගින් යයි බොහෝ ඉතිහාසකරුවන් සඳහන් කරති. එහෙත් එම ගිවිසුම අත්සන් කරන ලද්දේ 1815 මාර්තු 2 දින සිට එම මාසය අවසන් සතිය වන තෙක් විටින් විට උඩරට රදලයින් විසින් අත්සන් තැබීම
මගිනි, රජතුමා අල්ලා දෙන ලද්දේ 1815 පෙබරවාරි 18 දින සවස් භාගයේ අඳුරු වැටීමට පැයක් පමණ තිබියදීය.
රජතුමා අල්ලා දීමෙන් පසුව ඊට සහයෝගය දුන් උඩරට රදලයින් සඳහා තනතුරු හා ගම්බිම් පවරාදීම අවසන් වූ පසු එසේ ඉංග්‍රීසින් විසින් පත් කරන ලද උඩරට රදල නෑයකයින් විසින් එය සිදු කරන ලදී. ඉතිහාසයේ ඇත්ත කතාව වන්නේ පෘතුගීසින්, ලන්දේසීන් මෙන්ම ඉංග්‍රීසින් ද උඩරට සිංහලයින් විසින් පරාජය කර පළවා හරින ලද බවයි.
නමුත් අපි කුඩා කාලයේ අසා තිබුණේ සුද්දාගේ අවි බලය හමුවේ සිංහලයාට සටන් කිරීමට නොහැකි වූ හෙයින් 1815 වසරේ දී ගිවිසුමක් මගින් සුද්දන්ට රට භාරදුන් බවයි. මෙය සම්පුර්ණයෙන්ම අසත්‍ය ප්‍රකාශයකි.
පෘතුගීසි හෝ ලන්දේසිකාරයන්ට වඩා දරුණු ලෙස ප්‍රහාරය කර ඇත්තේ ඉංග්‍රීසි කාරයාටය. එහෙත් ඔවුනට සිංහලයන් සමග සටන් කරන්නට නොහැකි විය. අපි සටන් වදින්නේ ඉංග්‍රීසි ජාතියේ ආත්ම ගවුරවය වෙනුවෙන්ය යනුවෙන් ඔවුන් තම මවුබිමට ලියා යැව්වේ එබැවිනි. උඩරට දී ඉංග්‍රීසින්ට විරුද්ධව කළ සටන්වලින් සිංහලයා සිය යුද ජග්‍රහණය සම්පුර්ණ කරන ලද්දේ 1803 ජුනි 26 දින දීය. මෙම වසරේ දී මහනුවර පිහිටි ඉංග්‍රීසි කඳවුර සම්පුර්ණයෙන්ම වට කරන ලද්දේ උඩරට සිංහල ගැමියන් විසිනි. ඔවුන් මාවිල්මඩු ,නිත්තවෙල, වාගොල්ල, සියඹලාගස්තැන්න හා වටපුළුව යන ගම්වල සිටි ගම්වැසියෝ වුහ. ඉංග්‍රීසි කඳවුර වටකළ මොවුන් කඳවුරට සිව් දිගින් ප්‍රහාර එල්ල කළහ. ඒ අතරතුර ඔවුන්ගෙන් පිරිසක් කඳවුරේ පිටුපස තාප්පය බිඳ දමා කඳවුර තුළට ගොස් කාලතුවක්කු නිහඩ කොට ඒවා අල්ලාගත්හ. තවත් පිරිසක් කඳවුරේ ආයුධ ගබඩාව අත්පත් කර ගති. තවත් පිරිසක් ඉංග්‍රීසි හමුදාව යටතේ සටන් වදිමින් සිටි සිපොයි, මැලේ සහ ජා හමුදා භටයින් ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගෙන රජතුමා වෙත භාර දුන්හ.
මෙහිදී සඳහන් කළ යුතු විශේෂ කරුණක් ඇත. එනම් සිංහලයින් මෙම සටන්වල නියුක්ත වූයේ ද්‍රවිඩ රජෙකු වූ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේය. සිංහල සොල්දාදුවන්ගේ එකම පරමාර්ථය වූයේ රට නායකයෙක් හා රජෙක් මිස ඔහුගේ ආගම හෝ ජාතිය සෙවීම නොවේ.
ජාතිවාදය ආගම්වාදය සහ වර්ගවාදය මෙරට සමාජය තුළ ඇති කරන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. ඒ ඔවුන්ගේ බෙදා වෙන්කොට පාලනය පවත්වා ගැනීමේ උපාය මාර්ගය නිසාය.
සටන පරාජය වන බව වටහාගත් ඉංග්‍රීසිහු සුදු කොඩි පෙරටු කොටගෙන කඳවුරෙන් එළියට අවුත් දෑත් ඔසවා ඔවුන් මරා නොදමන ලෙස ආයාචනය කළහ. ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට යාපනයට යාමට ඉඩ සලසා දෙන ලෙසටය. ඔවුන්ට කටුගස්තොට තොටුපොළ වෙත යාමට ඉඩ ලබාදෙන ලද්දේ ඉන් අනතුරුවය. මහනුවරින් ඉංග්‍රීසින් පළවා හැරි පසු රජතුමා විසින් යුද නීතිය ප්‍රකාශකොට ඉංග්‍රීසින් මෙරටින් එලවා දැමීමට කටයුතු යොදන ලදී.
ඒ අනුව ගලගෙදර ගිරිහාගම ඉංග්‍රීසින් සතු බලකොටුව ද අල්ලා ගන්නා ලදී. ඉන්පසු උඩරටට අයත්ව තිබූ එකම බළකොටුව වූයේ හත් කෝරළයේ දඹදෙණීය බළකොටුව පමණි. එහි සිටියේ ඉංග්‍රීසි සෙබළු දහනව දෙනකු සහ රෝගි මැලේ භටයින් විසි දෙදෙනකු පමණි, සිංහල සෙබළු 4000ක් එය වටකොට සිටි අතර එහි නායකත්වය දරන ලද්දේ මිගහැන්න අදිකාරම්භය. ඔහු කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යකඩ දෝළියක් වූ මාම්පිටිය දුක්ගන්නා උන්නාගේ පුතකු බව ඩොයිලි සඳහන් කරයි. මොහු ඉංග්‍රීසින් සමග කුමන්ත්‍රණයක් සිදුකොට තිබූ බව පසුව පැහැදිලි විය. දින හතරක් තිස්සේ බළකොටුව වටලා සිටිය ද එය යටත් කර ගැනීමට ඔහු අසමත් විය. ඉංග්‍රීසි කුඩා බළඇණි දෙකක් රැගෙන පැමිණ උඩරැටියන් සමග සටන් කරමින් බළකොටුව බේරාගති. එහෙත් අණ ලැබී ඇති පරිදි ඔවුහු රාත්‍රී කාලයේ දී සියලු භටපිරිස් රහසින් පළාගියහ. එන්සේ පළා ගියේ කඳවුර තුළ තිබූ ද්‍රව්‍යයන් ද විනාශ කර දැමීමෙනි.
මේ අනුව දින දහයක් ඇතුළත උඩරැටියෝ විසින් අන්තිම ඉංග්‍රීසි සෙබළාද පන්නා දැමීමට සමත්වී සිටියහ. ඉංග්‍රීසින්ම සඳහන් කරන පරිදි එය නැගෙනහිර ඉන්දියා දූපන්හි සිටි බ්‍රිතාන්‍යයන් ඉතාම කලාතුරකින් පමණක් අන්දුටු අන්දමේ විනාශයක් විය. මේ වනවිට ඉංග්‍රීසින් සතු හමුදා ශක්තිය දුර්වලව පැවති ආකාරය ඔවුන් සඳහන් කර ඇත්තේ මෙසේය. අවුරුද්ද ආරම්භයේ දී බ්‍රිතාන්‍ය බළඇණිය භටයින් පන්දහසක් පණ වන තෙක් වර්ධනය වී තිබිණි. එහෙත් ජුනි අවසාන වන විට ඉන් දෙදහසක්ම පමණ පිරිසක් මියගොස් හෝ සිරකරුවන් බවට පත්ව හෝ සිටියහ. කොළඹ රෝහල රෝගී හා මරණාසන්න
සෙබළුන්ගෙන් පිරී ගියේය. හමුදා නිවහන්හි ආබාධිතයෝ ද සුවය ලබනෝ සුළු පිරිසක් ද සිටියහ. පනස් එවැනි පාබල සේනාංකයත් හැටපස් වැනි සේනාංකයෙන් විශේෂ කාර්ය සඳහා වෙන් කෙරුණු කොටසක් සහමුලින්ම පාහේ වැනසී ගොස් තිබුණු අතර දකුණේ සහ බටහිර විසු බ්‍රිතාන්‍යයන්ගේ ආරක්ෂාවට එතෙක් සටන්වල නොයෙදී සිටි සෙබළුන්ගෙන් යුත් ලංකා ජාතික සේනාංකය මහග හා අලුතෙන් බඳවා ගනු ලැබ හදිසියේ පුහුණු කැරුණු නිදහස් මැලේ බළඇණි කීපයක් මත ද රැඳී තිබිණි. වෙරළ දිගට විසිරී තිබුණු බලකොටුවලට සීමා වී සිටි දුබල සේනා සහමුලින්ම වනසා දමන්නට කඳු ඉස්මත්තේ කුමන මොහොතක හෝ සිය දහස් ගණනින් නැගී එන උඩරැටියනට පිළිවන්කම තිබිණි.
Geoffrey Powell-Kandyan wars සිං/ප ප්‍රේමචන්ද්‍ අල්විස්ගේ කන්ද උඩරට සටන් – පිට 174‍
නෝර්ත් ආණ්ඩුකරු විසින් 1803 ජුලි 08 දින යන ලද ලිපියක් මගින් බෙංගාලයෙන් මදුරාසියෙන් සහ බොම්බායෙන් අමතර සේනා එවන මෙන් ඉල්ලීම් කරන ලදී. කන්ද උඩරට වැසියෝ පෙරහර කාලය අවසන්වන්ම ආයුධ සන්නද්ධව වෙරළබඩ පෙදෙස්වල පිහිටි ඉංග්‍රීසි බළකොටුවලට පහරදීම ආරම්භ කළහ. පහතරට සෑම පෙදෙසකම වැසියෝ උඩරැටියනට පක්ෂපාතීව කටයුතු කළහ.
උඩරැටියන් පළමුවෙන්ම පහර දෙන ලද්දේ මාතර පිහිටි ඉංග්‍රීසි බලකොටුවටය. ඉංග්‍රීසි භටයෝ ප්‍රතිප්‍රහාර එල්ල නොකොට සිටි අතර සිංහලයෝ පහසුවෙන්ම එම බල කොටුව අල්ලා ගත්හ. ඉන්පසු තංගල්ල බලකොටුවට පහර දුන් අතර එහි සිටි ඉංග්‍රීසි භටයෝ කොටුව අතහැර මාතරට පළා ගියහ. තත්වය බරපතළ බව වටහා ගත් නෝත් ආන්ඩුකාරයා ඔහුගේ සහායකයාව සිටි බීවර් සේනාවක් සහිතව මාතරට යැවීය. මෙම ගමනේ දී
සිංහලයින් බහුලව පදිංචි ප්‍රදේශ ඔවුන්ගෙන් ප්‍රහාර එල්ල විය හැකි තැන් එම ස්ථාන මගහරවා ගෙන යා හැකි ගමන් මාර්ග පසුබැසීමට සිදු වුවහොත් ඒ සඳහා සුදුසු කැලෑ ප්‍රදේශ උදව් සහ උපකාර ලබා ගැනීමට හැකි පුද්ගලයින් හා ගම් ප්‍රධානීන් පිළිබඳ විස්තර ආදිය ඉංග්‍රීසි හමුදාවට ලබාදෙන ලද්දේ තම්බි මුදියන්සේ විසිනි.
මොවුන් පැය හැටක් ගතකොට කොළඹ සිට සැතපුම් එකසිය තුනක මගක් ගෙවා පැමිණි නමුත් සිංහලයින්ගේ අවහිර කිරීම් නිසා ගමන්නේ අවසන් සැතපුම් 13 යාමට සිදුවූයේ කුඩා බෝට්ටු මගින් මුහුදු මාර්ගයෙනි. අතිරේක හමුදාවල සහාය ලබාගත් ඔවුන්ට දකුණු පළාත සන්සුන් කිරීමට සති ගණනාවක් ගත කිරීමට සිදුවිය. පවෙල් සඳහන් කරන පරිදි, බීවර් ඔහුගේ සේප්නව වෙරළ ඔස්සේ මාතර දෙසට මෙහෙයවද්දී කොළඹ නගරය දරුණු අවදානමකට ලක්වූයේය.
එහි සිට සැතපුම් විස්සක් දුරින් කැලණි ගඟට මුහුණලා හැබැල්ලෙහි වූ කුඩා බළකොටුව වෙත අගෝස්තු 20දා රාත්‍රියේ කඩාවැදුණු උඩරැටියෝ විශාල පිරිසක් එය අල්ලා ගත්හ. පසුදා ඔවුහු තවත් සැතපුම් පහක් ඉදිරියට ගියහ, මෙසේ වුවද මැක්ඩොවල් විසින් සපයා දෙන ලද අමතර සෙස්නාවන් සමග ලුතිනන් මර්ෂසර් හංවැල්ලට යවා බළකොටුව නැවත අල්ලා ගන්නා ලදී. සිංහලයින් විශාල පිරිසක් මරා දමන ලද අතර 40 දෙනකු සිරකරුවන් ලෙස අල්ලාගෙන තිබුණි.
මේ අතර හලාවත පුත්තලම සහ මිගමුවේ ඉංග්‍රීසින්ගේ යුද කඳවුරුවලට සිංහලයෝ එකවර පහර දුන්හ. මෙහිදී ද විශේෂ යමක් කිව යුතුය. උඩරැටියන් දොළොස් දහසක ස්නාවක් ද රජුගේ ආරක්ෂකයින් සහ මැලේ භටයින් ද මහනුවර දී ඉංග්‍රීසින්ගෙන් අල්ලාගත් කාලතුවක්කු දෙකක් හා අවි ආයුධ ද සහිතව කොළඹ සිටි ඉංග්‍රීසීන්ට එරෙහිව සටන් ආරම්භ කළහ. කොළඹ බලා යන සිංහල හමුදාවන්ට බාධාවක් වූයේ නගරය කරා යාමට පෙර හමුවන හංවැල්ල බළකොටුව විය. පැවැති සටන්වලින් අඩක් අබලන්ව තිබූ බළකොටුව තුළ සිටි සෙබළුන් ප්‍රමාණය සියයකට ද වඩා අඩුය. දින ගණනක් තිස්සේ උණ රෝගයෙන් පෙළෙමින් සිටි ඔවුන් අතර රෝගයේ බරපතළකම නිසා දණහිස් අමාරුවලින් පෙළෙනෝ ද වූහ. කඳවුරේ නායකත්වය දැරූ ලුතිනන් කර්සර් ඔහු යටත්තේ සිටි සෙබළුන් ප්‍රදේශයේ මුදලි කෙනෙකුගේ වලව්වක් තුළට රැගෙන ගොස් එහි රඳවන ලදී. එම වලව්ව තම්බි මුදියන්සේගේ හංවැල්ල වලව්ව විය.
ඉංග්‍රීසීන් කොළඹින් පළවා හැරීම සඳහා උඩරට හමුදාවේ 12,000ක් කොළඹ බලා ආවෝය. කොළඹ ජය ගැනීමට පෙර හංවැල්ල කොටුව යටත් කරගත යුතු විය. මසර් විසින් අතිරේක වශයෙන් රඳවන. ලද කුඩා භට කණ්ඩායම තම්බි මුදියන්සේ වලව්ව තුළ රඳවා තැබූ නිසා වලවේ තාපයෙන් ඔවුන් ආවරණය වී සිටියහ. බළකොටුව තුළ සිටි භටයින් අතුරින් තිස් දෙනෙකු රෝගීව දණහිස් අමාරුවලින් පෙළෙනෝ වූහ. රජුන්ගේ හමුදාවේ හමුදාපතිවරයා වූයේ සතර කෝරළයේ දිසාව වූ ලෙක්ය. ඔහුගේ සහායකයා පළිපාන නිලමේ විය.
සිංහල හමුදාව බලවේලා මුහුදට ද දහසකටම,
දින දෙකක් තිස්සේ ප්‍රහාර එල්ල කළහ. වලවේ තාප්පයට ආවරණය වෙමින් ඉංග්‍රීසි භටයින් ප්‍රහාර එල්ල කළ ද වැඩි දෙනෙකු තුවාල ලැබූහ.
යුද්ධයේ ජයග්‍රහණය අත ළඟවිය. ලංකාව තුළ ඉතිරිවී සිටි ඉංග්‍රීසින් ප්‍රමාණය දෙදහසකටත් වඩා අඩුවිය. ඔවුන් අල්ලා මුහුදට විසි කර දැමීමට තරම් සිංහල බලවේගයක් ගොඩනැගී තිබුණි. හංවැල්ල නාගරයේ අලංකාර ගමන් මාළිගාවක් ඉදි කර තිබුණි. එය ඉදිරිපිට යකඩ උල් සිටුවා තිබුණේ අල්ලා ගනු ලබන ඉංග්‍රීසි භටයින් උල තැබීමටය. ඉංග්‍රීසි භටයින් සුළු පිරිසක් සමග පැමිණි පොලොක්
හොර රහසින්ම බළකොටුවට ඇතුළු වී කඳවුරේ නායකත්වය භාරගත්, ඔහු පැමිණියේ දෙවැනි දින රාත්‍රියේය. මෙම වේවටම වාගේ උඩරට රජුද දහසක සේනාවක් සමග යුද භූමියට පැමිණියේය. ඉංග්‍රීසින් මෙරටින් තුරන් කර ලංකාව එක්සේසත් කර ගැනීමේ මහා ජයග්‍රහණය අත ළටගම පැමිණ තිබුණි.
එහෙත් එය කණපිට පෙරලුණේය. තම්බි මුදලි සහ දොන් සොලමන් ළඟටම පැමිණි ඔහුගේ පහතරට සේනාවෝ ජයග්‍රහණය සිංහලේ අවමගුලක් බවට පත් කළහ.
දේශද්‍රෝහී මෙම කුමන්ත්‍රණය ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම ලෙස සැලකිය හැකිය, සටන් පැවතෙමින් තිබෙන අතරවාරයේ දී රජුව විරුද්ධව සකස් වී තිබුණු කුමන්ත්‍රණය ක්‍රියාත්මක මවමින් තිබුණි. කුමන්ත්‍රණය වී තිබුණේ යුද භූමිය තුළ දී රජතුමා ජීවග්‍රහයන් අල්ලා ඉංග්‍රීසින්ට සභාරදීමටය.
මේ සඳහා මැලේ භටයින් 40 දෙනෙකුගේද සහාය ලබාගැනීමට නියමිතව තිබුණි. උඩරට දී ඉංග්‍රීසින් වෙතින් අල්ලා ගන්නාලද කාල තුවක්කු දෙක සවිකිරීමේ දී හංවැල්ල බලකොටුවේ තාප්පයට උඩින් උඩ යන ලෙස සවි කරන ලදී. මෙම තුවක්කු ක්‍රියාත්මක කරන ලද්දේ මහනුවර දී සිරකරුවන් ලෙස අත්අඩංගුවට ගත් මදුරාසි සහ බෙංගාල ලැස්කිරිඤ භයින් විසිනි. කුමන්ත්‍රණකරුවෝ මොවුන්ට උපදෙස් දී තිබුණේ විහිදී යන මුණිෂ්සම් වෙනුවට ෆවුන්ඩර් තුනේ සහ හයේ තනි උණ්ඩයක් භාවිත කරන ලෙසටය. එල්ලයට වඩා උසින් තිබූ එම තුවක්කු වලින් තබන ලද වෙඩි වලින් කොටු බැමීමට කිසිදු හානියක් සිදු නොවිය,
පොලොක්ගේ හමුදාවෙන් අඩක් ද සමග තම හමුදාව සමග හොර පාරකින් ගමන් කළ මසර් පිටුපස සිට සිංහල හමුදාවට වෙඩි තැබීය. ඒ සමගම ඉංග්‍රීසි සහ මුදලිවරුගේ ලැස්කිරිඤ්ඤ හමුදා සිංහල භටයින් වටකර වෙඩි තැබුහ. සිදුවන්නේ කුමක්ද? යන වග උඩරැටි හමුදාවට අවබෝධ කර ගැනීමට හැකි වුයේ පැයකට පමණ පසුවය. ඒ අනුව මෙය සටනක්
නොව හුදෙක්ම මිනිස් ඝාතනයක් බවට පත්විය. සටන අතරතුර රජුගේ හමුදාවේ සේවයේ යෙදී සිටි මැලේ හටයින් (කුලී හමුදාව) අවි බිම තබා හොර රහසේම ඉංග්‍රීසින් සමග එක්වූහ. රැය පහන්වී හිරු නැගී එද්දී දක්නට ලැබුණේ උඩරට භටයින් 270 දෙනෙකුගේ මළ සිරුරුය. ගං ඉවුර දිගට මළ කඳන් දහස් ගණනකි. හංවැල්ල නගරය තුළ ද මළ කඳන් දහස් ගණනක් වෙඩි වැදී දුව යාමේ දී ඔවුන් මරණයට පත්වී සිටි බව පැහැදිලි විය. උඩරට හමුදාවේ 80 දෙනකු ඉංග්‍රීසියේ අත්අඩංගුවට පත්වී තිබුණි, උඩරට දී සිංහලයින් විසින් අල්ලා ගන්නා ලද සහ ඉංග්‍රීසින් යටතේ සිටි මැලේ භටයින් 26 දෙනෙක් ද ඉන්දීය සිපොයි භටයින් 150ක් ද නැවත ඉංග්‍රීසි අත්අඩංගුවට පත්වී තිබුණ. සිංහල හමුදාව සතුව තිබූ අවි ආයුධ විශාල තොගයක් සහ උණ්ඩ රාශියකුත් ඉංග්‍රීසින් අතට පත්වී තිබුණි, එපමණක් නොව සිංහලයින්ගේ කොඩිය ද ඉංග්‍රීසින් අතට පත්වී තිබුණි. හවැල නගරය තුළ ඉදි කර තිබු අලංකාර ගමන් මාළිගය ඉංග්‍රීසින් විසින් ගිනි තබා විනාශ කළහ. මෙයින් අනතුරුව උඩරට හමුදාවේ හමුදාපති ලෙක් සහ ඔහුගේ දෙවැන්නා වූ පළිපාන නිලමේ කොහේදැයි සෙවීමට පටන් ගත්තා, ඔත්තුවක් ලැබුණි, ඩොයිලි සඳහන් කරන්නේ එම ඔත්තුකරුවා රත්වත්තේ බවයි. ඔවුන් දෙදෙනා පාළු කමතක වෑවර (කුරුම්බා) බොමින් සිටිය දී රජුගේ අත්අඩංගුවට පත්විය.එහිදී ලෙව්කේ දිසාව පවසා ඇත් තව අඩ හෝරාවකින් කඳවුර නැවත අත්පත් කරදෙන බවය.
රජතුමා ලෙව්කේ සහ පළිපාන නිලමේගේ හිස් ගසාදමන ලෙස සිය ආරක්ෂකයින්ට අණ කරන ලදී. රජුගේ ප්‍රධාන සේනාංකංයේ ආඥාපතිව සිටි ලෙව්කේ පිළිමතලාවගේ ප්‍රතිවාදියා බවත් බ්‍රිතාන්‍යයන් සමග එක්ව කුමන්ත්‍රවල
යෙදුණු බවත් දැන සිටි රජු ඔහුගේ සේනාවට අත්වුණු පරාජය ලෙව්කේ දිසාවගේ හිස කඳින් වෙන් කිරීමට හේතුවක් කොට ගත්තේය. “Geoffrey powell kandyan wars Bolo ජුවක්ලු අස් කන්ද උඩරට් සටන් 174′
ඉතිරිවූ උඩරට හමුදාව සමග රජතුමා මහනුවර බලා පිටත් විය. ඔවුන් පසුපස හඹත් රජු අල්ලා ගැනීමට තරම් ශක්තිමත් හමුදාවක් ඉංග්‍රීසි හමුදාව සතු නොවීය, උඩරට සෙබළු මහනුවර සීමාවට පැමිනීමත් සමග ක්‍රියාත්මක වූ ඉංග්‍රීසි හමුදාව රුවන්වැල්ල ට පැමිණ රජුගේ යුද මධ්‍යස්ථානය අත්පත් කරගෙන අනතුරුව එය ගිනි තබා විනාශ කළහ. “
ලංකා ඉතිහාසයේ නින්දිතම පාවාදීම
සම්පුර්ණ ලිපියම කියවන්න හෝ මෙම හඩ පටය අහන්න >>https://soundcloud.com/user-741571400-924960442/3wolkav44vno
මතු සම්බන්ධයි……………
විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එම්.කේ. ජයසේන

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s