දියුණුව යනු මිරිඟුවකි.තරගකරිත්වයකි. ඒ කෙළවර විනාශයයි.
ලෝකයේ වෙනස් වෙන්නේ යුග විදියටයි.
ක්‍රිස්තියානිය ආධිපත්තිය නැතුව එදා ධර්මාශෝක රජුගේ කාලේ වගේ ධර්ම රාජ්‍යය සංකල්පය වගේ එකක් ලෝකෙ තිබුනනං ලෝකෙ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. අපි නොහිතන වෙන පැත්තකට. කෙසේ වෙතත් ලෝකය යුද්ධ වලින් නැති ව තොරව පවතින්නේ නෑ. ගැටුම් සහ යුද්ධ ලෝකය විනාශ වෙනකන් තියෙනවා.
සිංහළ ජාතිය සසුන රකිනවා කියන්නෙත් මිත්‍ය ද්රුෂ්ටියක් යන කීම විදර්ශනා වාදය තුළ ආපු තර්කයක්. සිංහල ථෙරවාදී සාසනයට ඇති තර්ජන තුළ තවදුරටත් විදර්ශනාවෙන් වැඩක් නැත.
සසුන අප රකිනවා නොව සසුනෙන්ම අප රැකෙනවා යන තර්කයත් විදර්ශනාව මුල් කරගෙන ආපු තර්කයක්. සිල්වත් භික්ෂූන් ඇති තාක් කල් සසුන පවතිනවා යන තර්කයයි ඒ දෙකේම තියෙන්නෙත්.
ඔය සියලු තර්ක පරාජය වෙලා තමයි මුලින්ම පරියාප්ති සාසනය රැකෙන්න ඕන කියලා තීරණය කරලා තියෙන්නේ.
මේ මතවාදී ගැටුම මෙලෙසම එදා අනුරාධපුර යුගයේ අගභාගයේ දී ඇති වුණා.
ධර්මාශෝක රජුගේ කාලයේ ස්වර්ණමය යුගයෙන් බැබළුණු බුදුසසුන .
පසුව ගාන්ධාර දේශයේ දී යෝනක දේශයයේදී බුදුසසුන අතුගෑවිලා ගියා.
දකුණු ඉන්දියාව පළාතෙන් බුදු සසුන අතුගෑවිලා ගියා.
උතුරු ඉන්දියාව ප්‍රදේශයෙන් බුදු සසුන ඇති නැති වෙලා ගියා.
ඉන්දුනීසියාව පැත්තෙ තිබුන බුදු සසුන නැතිවෙලා ගියා.
මේ සියලු දේවල් ම වුණේ විදර්ශන වාදින් මාර්ගඵල ලාභීන් ද ඉඳිද්දි යි.
ඉන්දියාවෙන් සම්පූර්ණයෙන්ම බුදු සසුන වැනසෙන්න ප්‍රධානම හේතුව බ්‍රාහ්මණ යින් නැවත නැගී සිටීමයි. මුස්ලිම් බලපෑම එන්නේ දෙවනුවයි.
ප්රොක්සි යුද්ධය එනම් බළල් අත් යුද්ධය මුලින්ම ආවේ බ්‍රාහ්මණයින් සහ හින්දුන් විසින් මුස්ලිම්වරුන්ව එතෙක් අභියෝගයක්ව තිබූ බුදු දහම වෙනස් වැනසීමේ අරමුණු කරා යොදවා ගැනීමෙන් ය. එසේ බුදු දහම සම්පූර්ණයෙන්ම ඉන්දියාවෙන් නැත්තටම නැති වෙලා ගියා.
ඉන්දියාවටත් වඩා අභියෝග ආක්‍රමණ සියල්ලම සිදු වෙද්දීත්
සිංහල රටේ බුදු දහම ඉතුරු උනේ ඇයි ? කොහොමද ?
ඒකට හේතුව තමයි එදා භික්ෂූන් එක්ව කතිකාවත කින් ගත්තු තීරණය.
සෑම ආගමකටම තම ආගමේ පැවැත්ම වෙනුවෙන් සටන් කමයක් යුදමය පැත්තක් හඳුන්වා දීලා තියෙනවා. එසේ වුවත් බුදු දහමේ එහෙම දෙයක් නෑ.
බුදුන්වහන්සේ බුදු සසුන රැක ගැනීමේ පැත්තක් දේශනා කරල නෑ. බුදුන් වහන්සේගේ සියලුම දේශනා නිවන අරමුණු කරගෙන විතරයි තියෙන්නේ.කොයි පැත්තෙන් කැරකිලා වත් නිවන ගැනයි දේශනය යන්නේ. බුදුන් වහන්සේගේ දේශනා කොටස් වශයෙන් ගෙන අර්ථ කථන සැපයීමට බොහෝ දෙනා උත්සහ කලත් එය වැරදි විය හැක සමහර අවස්ථාවලදී .සමස්තයක් ලෙසයි බුද්ධ දේශනාව දකින්න ඕන. බොහෝ දේශනා තියෙන්නේ නිවන අරමුණු කරගෙන ම යි. මොකද වැඩිම ත් දේශනා කරලා තියෙන්නේ භික්ෂූන් වහන්සේලා ටයි.
ගිහියන්ට දේශනා කරලා තියෙන්නෙත් දැහැමි අල්පේච්ඡතාව යයි.
බුද්ධ දේශනාවේ සර්වාගමික කතාවක් දේශනා කරලා නෑ. වගේ?
ලංකාවේ පමණක් බුදුසසුන රැකුනේ සිංහල ජාතිය නිසයි. සිංහල යාන්ත්‍රණය සිංහල ක්‍රමවේද තුළයි.