හෙළ හවුල දේශපාලන සංවිධානයක් වුණේ නැහැ. එමෙන් ම එහි බෞද්ධකමට වඩා සිංහලකම තිබුණා. හෙළ හවුල කතෝලික ප්‍රදේශවල ජනප්‍රිය වීමටත් එය හේතුවක් වුණා. හෙළ හවුලේ ත්‍රිවිධ රත්නය වූයේ දෙස බස රැස යන්න යි. අයි එම් ආර් ඒ ඊරියගොල්ල මහතාගේ භාෂා පෙරමුණෙත් සිංහලකම තමයි ඉස්මතු වුණේ. ඒ මහතා බෞද්ධ පරම විඥානාර්ථ සමාගමත් සමග සම්බන්ධ වූ අතර ක්‍රිෂ්ණමූර්තිවාදියකු ලෙස ද ප්‍රසිද්ධියක් ලබා තිබුණා. බණ්ඩාරනායක මහතා අරුණාචලම් මහතාගේ හින්දු මහා සභාව අනුව යමින් සිංහල මහා සභාව පිහිටෙව්වත් එයට ජාතිකත්වයක් තිබුණේ නැහැ. 1946 දී සිංහල මහා සභාව තවත් සංවිධාන සමග  එක්සත් ජාතික පක්‍ෂයට එකතු වුණා.

 එහෙත් මෙරට සාමාන්‍ය සිංහල බෞද්ධ ජාතිකවාදීන්ට තමන්ගේ ම වූ දේශපාලන පක්‍ෂයක අවශ්‍යතාව තිබුණා. බණ්ඩාරනායක මහතාට එ ජා පක්‍ෂයෙන් කැඩෙන්න එයත් බල පෑවා. එහෙත් ශ්‍රී ල නි ප මුල දී ලිබරල් පක්‍ෂයක් වුණා. එය ජාතිකවාදී පක්‍ෂයක් බවට පත් වූයේ 1952 මින්නේරිය අතුරු මැතිවරණයත් සමග. මේ අතර පිලිප් ගුණවර්ධන මහතා ලංකා සමසමාජ පක්‍ෂයෙන් ඉවත් වී විප්ලවකාරී සමසමාජ පක්‍ෂය පිහිටුවා ගෙන තිබුණා. මෙරට මාක්ස්වාදයේ පියා ලෙස ප්‍රසිද්ධ වූ ඒ මහතා පුස් කෑ මාක්ස්වාදී පොත් ගැන කතා කළා.

 1956 මැතිවරණයට සුළු කාලයකට පෙර ශ්‍රී ල නි ප, වි ල ස ස ප, භාෂා පෙරමුණ හා තවත් පක්‍ෂ කිහිපයක් එකතු වී මහජන එක්සත් පෙරමුණ පිහිටුවා ගත්තා. වම ඒ සමග නැති වුණා. ජාතිකත්ව පක්‍ෂයක් නොමැති වීම නිසා අධිරාජ්‍ය විරෝධී හැඟීම් ඇති ඇතැමුන් වාමාංශික පක්‍ෂ සමග සම්බන්ධ වී සිටියත් ශ්‍රි ල නි පක්‍ෂය හා පසුව ම එ පෙරමුණ පිහිටුවීමත් සමග වාමාංශික පක්‍ෂවලින් ඉවත් වුණා. වම නැති වීමෙන් පසු වමාලාගේ විකාශය පසුව සාකච්ඡා කරමු.    

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s