ගයාන් සමරසිංහවර්තමානය වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැත්තටම නැති වී ගොසින්ය. ඔහුන් ක‍්‍රීඩා කළ ටෙස්ට් තරගාවලි දොළහෙන් 8 ක්ම පරාජය වී ඇත. එක්දින තරග 24න් ජයගෙන ඇත්තේ 10කි. පන්දුවාර 20 තරග 18න් ජයගෙන ඇත්තේ තරග 4කි.
දිගින් දිගටම ලබන මෙම පරාජයන් හේතුවෙන් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ ශ්‍රේණිගත කිරීම්වලට අනුව ටෙස්ට් කණ්ඩායම් අතර 6 වන ස්ථානයත්, එක්දින කණ්ඩායම් අතර 8 වන ස්ථානයත්, විස්සයි විස්ස කණ්ඩායම් අතර 7 වන ස්ථානයත් හිමිකරගෙන තිබේ. මින් පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම කිසිම දිනෙක මෙම අංශ තුනෙන් මෙවැනි ස්ථානවලට පත්ව නොමැත.
ලෝක ශුරතාවය පවා දිනූ අපේ ක‍්‍රිකට් කණ්ඩායමට අත්වූ මේ ඉරණම සම්බන්ධයෙන් අපේ රටේ බොහෝ ක‍්‍රීඩා ලෝලීන් සිටින්නේ ඉතාම කනස්සල්ලෙනි.
මෙලෙස ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව බිඳ වැටීමට අදාළ බලධාරීන් මෙන්ම ක‍්‍රීඩකයන්ද වගකිව යුතු යැයි බොහෝ අය පවසති.
ඉහළ ආදායම් හා වරප‍්‍රසාද හේතුවෙන් කැපවීම ගිලිහී යෑම, දුර්වල ශාරීරික පුහුණුව හා දරාගත නොහැකි මට්ටමේ අන්තර් සමාජ තරග හේතුවෙන් ක‍්‍රීඩකයන්ගේ ගුණාත්මක භාවය පිරිහී යෑම, පරිපාලනයේ දූෂණ, දේශපාලන මැදිහත්වීම්, තරග පාවාදීමේ චෝදනා, ක‍්‍රීඩක කළමනාකරණ මාෆියාව, ක‍්‍රීඩකයන් අල්ලස් ලබා ගැනීම, ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ, ක‍්‍රීඩකයන් තුළ එක්සත්කම හා කණ්ඩායම් හැඟීම නොමැති වීම සහ ආගම්වාදය ඇතිවීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව බිඳ වැටීමට හේතුවී ඇති ප‍්‍රධාන කාරණා වේ.
මෙම තත්ත්වයන් නිසා අවස්ථා කිහිපයකදී ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ඉතාමත් දූෂිත බවට ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලය පවා පැවසුවේය.
හිටපු ක‍්‍රීඩකයන්ගේ චෝදනාව වී තිබෙන්නේ එකළ ක‍්‍රීඩකයන් ක‍්‍රීඩාවට ආදරය නිසා ක‍්‍රීඩාවේ නියැලූණ බවත් වර්තමානය වන විට ක‍්‍රිකට් ක‍්‍රීඩාව හුදු ව්‍යාපාරයක් බවට පත්වී ඇති බවත්ය. එම නිසා වර්තමාන ක‍්‍රීඩකයන් රට ගැන හැඟීමකින් තොරව තමන් ගැන පමණක් සිතමින් කි‍්‍රකට් ක‍්‍රීඩාවේ නියැළෙන බවයි.
වත්මන් ක‍්‍රීඩකයෝ රැකියාවක් ලෙස ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ යෙදෙනවා විනා ක‍්‍රීඩාවට ඇල්මක් නොදක්වති. අතීතයේදී සිටි ක‍්‍රීඩකයන් වෙනත් රැකියාවල නියැළෙන අතරතුර ක‍්‍රීඩාවේ යෙදුණ ද ඔවුහු ඉතාම මහන්සියෙන් රට වෙනුවෙන් ක‍්‍රීඩා කළ අය වෙති.
එකළ පැරණි ක‍්‍රීඩකයන් තරග සඳහා මාස ගණන් පුහුණු වෙද්දී වර්තමාන ක‍්‍රීඩකයන් පුහුණු වන්නේ දින දෙක තුනක් පමණි. හිටපු තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් පවසා තිබුණේ දකුණු අපිකානු සංචාරය සඳහා පුහුණු වූයේ එක් දිනක් පමණක් බවයි.එලෙසම වර්තමාන බොහෝ ක‍්‍රීඩකයන්ගේ විනය පිළිබඳ එල්ලවන චෝදනා ද ඉතා බරපතළ ඒවා වේ. පසුගිය අවුරුදු කිහිපය දෙස බැලූ කල එය මනාව පැහැදිලි වේ.
පසුගිය මස පැවැත්වූ දකුණු අප‍්‍රිකානු සංචාරයේදී විනය කඩකිරීම පිළිබඳව ශ‍්‍රී ලංකා කණ්ඩායමට චෝදනා එල්ල විය. ඇතැම් ක‍්‍රීඩකයන් තරග අතරතුරදී දුම්පානය සහ මත්පැන් පානය කිරීම සඳහා යොමු වී සිටි බවට ද චෝදනා එල්ල විණි. ඒ අතර තවත් ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් කණ්ඩායමේ වෛද්‍යවරිය සමඟ ලිංගිකවද හැසිරී තිබේ.
එංගලන්ත සංචාරයේදී ද නවක තුන් ඉරියව් ක‍්‍රීඩකයෙක් එම වෛද්‍යවරිය සමඟ ලිංගික සම්බන්ධතා පැවැත් වූ බවට චෝදනා එල්ල විය. ඒ පිළිබඳව පරීක්ෂණයක් සිදුවන අතර දැනට වෛද්‍යවරිය එම තනතුරෙන් ඉවත් කර තිබේ. මේ අයුරින් සමහර ක‍්‍රීඩකයෝ කිසිදු බියක් සැකක් නොමැතිව තරග පවතින කාලය අතරතුර ද මෙවැනි ආකාරයේ විනය විරෝධී වැඩ සිදු කරති. එයට ප‍්‍රධානම හේතුව වන්නේ පරිපාලනයේ දුර්වලතාවයන්ය.
ක‍්‍රීඩකයන් එලෙස පිස්සු නටද්දී පරිපාලනය අතින්ද විවිධ වැරදි සිදු වුණි. ඒ මෙලෙසින්ය.
රට පුරා දක්ෂතා ඇති ක‍්‍රීඩකයන් සිටිද්දී ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලබා දුන්නේ නැත. සෑම විටම අසාර්ථක වන ක‍්‍රීඩකයන් යොදා ගනිමින් ක‍්‍රීඩා කරන්නට අපේ තේරීම් කමිටුව ක‍්‍රියා කළේය. එලෙස දිගටම සිදු කරද්දී ආණ්ඩු වෙනස් වුණත් තේරීම් කමිටුව වෙනස් වූයේ නැත.
කලක් ඥාති සම්බන්ධතා ගැන කියවුණු තේරීම් කමිටු ලොක්කන්ගේ අන්තවාදී ආගමික සම්බන්ධතා ගැනද මේ වන විට චෝදනා නැෙ`ගමින් තිබේ. ඒ කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ”බෝර්න් අගේන්” (Born Again) ආගමික අන්තවාදයයි.
දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.
”බෝර්න් අගේන්” යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩිකර ගැනීමයි.
මේ වන විට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. මෙම පිරිස ක‍්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි.
සිය බිරිඳගේ බලපෑමට 2007 වසරේදී බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.
අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.
ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වූයේ හිටපු ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්තද මෙල්ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩන`ගා ගත්තේ එලෙසින්ය.කණ්ඩායම අතර ආගම්වාදය එසේ පතුරුවද්දී තෝරා ගන්නා ලද කණ්ඩායම් අසාර්ථක වීම දිගින් දිගටම සිදුවන්නේ නම් තේරීම් කමිටුව ඉල්ලා අස්විය යුතුව තිබේ. ඒහෙත් මෙම තේරීම් කමිටුව කිසි දිනක ඉල්ලා අස් වූයේ නැත.
අවසානයේ දිගින් දිගටම ලද පරාජයන් හමුවේ අසන්ත ද මෙල් කණ්ඩායම් කළමනාකාර ධුරයෙන් ඉල්ලා අස්විය. එලෙසම තේරීම් කමිටුවේ වෙනසක්ද අත්‍යවශ්‍යවී තිබේ.
අනෙක් ප‍්‍රධාන ප‍්‍රශ්නය ක‍්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන්ට ගෙවන ගෙවීම්ය. මාසිකව මොවුන්ගේ දීමනාව රුපියල් ලක්ෂ ගණනකි. දීමනා සහ වෙනත් දැන්වීම් ආදියෙන් තවත් ලක්ෂ ගණනක මුදලක් උපයා ගනියි. එම නිසා හොඳින් ක‍්‍රීඩා කළත් නොකළත් ලක්ෂ ගණනින් වැටුප් ලැබෙන නිසා ක‍්‍රීඩකයන්ට ක‍්‍රිකට් ගැන වගකීමක් නොමැත. එම නිසා සමහර ක‍්‍රීඩකයන් කෙසේ හෝ කණ්ඩායමට රිංගා ගෙන කවර හෝ ක‍්‍රමයකින් ස්ථානය ආරක්ෂා කර ගැනීමට කටයුතු කරයි.
මෙම තත්ත්වය මත මාසික වැටුප් ක‍්‍රමය වෙනුවට සාමාන්‍ය වැටුප් ක‍්‍රමයක් සකස් කර දක්ෂතා මත අදාළ ගෙවීම් වැඩිවන ආකාරයේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය. එවිට ක‍්‍රීඩකයන් වගකීමකින් යුතුව කටයුතු කරනු ඇත.
සමහර ක‍්‍රීඩකයන් දිගින් දිගටම අසාර්ථක වෙද්දී කණ්ඩායමේ ස්ථානය ඔහුනට දිගටම හිමිවීම ගැටලූවකි. එසේම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් පවා දක්ෂතා නැති නම් තාවකාලිකව හෝ කණ්ඩායමෙන් ඉවත් කළ යුතුය.
මෙවැනි ආකාරයේ ක‍්‍රමවේදයක් අනුගමනය කළ විට ක‍්‍රීඩකයන් ලකුණු අතරට ඒමට හෝ කඩුලූ අතරට ඒමට වැඩි උත්සාහයක් ගනු ඇත. එසේම සෑම අසාර්ථක තරගාවලියක් අවසානයේම තේරීම් කමිටුවෙන් නිදහසට කරුණු විමසීමේ ක‍්‍රමවේදයක් ඇති කළ යුතුය.
තවත් එක් ගැටලූවක් වන්නේ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ ක‍්‍රියා කලාපයයි. මේ වන විට සමාජ ජාලා ඔස්සේ එම ප‍්‍රශ්නය එළියට පැමිණ තිබේ. ඒ ප‍්‍රශ්නය එළියට ආවේ ඇමෙරිකාවේ පදිංචියට ගිය ෂෙහාන් ජයසූරිය හෙළිකළ සිද්ධීයත් සමගයි.
මේ සමග වසර ගණනාවක් තිස්සේ මේ බිරින්දෑවරු ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට කර ඇති බලපෑම ඇති විශාලය. මේ නිසා වහාම කළ යුත්තේ ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරු ක‍්‍රිකට් සංචාරවලට රැගෙන යෑම හා මෙරට තරගවලදී පවා ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ගේ කාමරවලට යෑමට ඇති අවස්ථා තහනම් කිරීමය.
විදේශ සංචාරවලදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරු කල්ලි ගැසී කණ්ඩායම් තෝරා ගැනීමට පවා බලපෑම් කළ බව කියවේ. මේ නිසා දක්ෂ ක‍්‍රීඩකයන්ට ඇතැම් විට සිදුවූයේ කණ්ඩායමට වතුර අදින්නටය.එසේ ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ සම්බන්ධය මත ගැටුම් ඇතිවූ තරගාවලියක් වන්නේ 2018 වසරේ ආසියානු කුසලාන තරගාවලියයි. එහිදී බිරින්දෑවරුන්ගේ ගැටුම් නිසා ඇතිවූ ක‍්‍රීඩක ආරවුල් නිසා ශ‍්‍රී ලංකාව ඇෆ්ගනිස්ථානයටද පරාජය වී පළමු වටයෙන්ම තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. සමහර ක‍්‍රීඩකයන්ගේ බිරින්දෑවරුන්ගේ මෙම නොමනා හැසිරීම් ද වහාම නැවැත්විය යුතුය.
එළැඹෙන බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ඉලක්ක කර ගනිමින් පසුගියදා පවත්වනු ලැබූ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයේදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකු විවිධ බලපෑම් මගින් සිය වාර්තාව වෙනස්කර ඇතැයි ද චෝදනා එල්ල වේ. ඒ අනුව මෙම ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයා අදාළ වාර්තාවේ ප‍්‍රධාන කොටස් දෙකක් සම්බන්ධ අවසාන ලකුණු අගයන් එසේ තමාට වාසි වන අයුරින් වෙනස් කරගෙන ඇති බවයි පැවසෙන්නේ.
තවත් සමහර ක‍්‍රීඩකයන් තමාගේ ශරීර යෝග්‍යතා වාර්තා අදාළ පාර්ශ්ව වෙත විවිධ අල්ලස් ලබා දීමෙන් වෙනස් කරගනී. එලෙස වෙනස් කිරීමේ ක‍්‍රියාවලිය දීර්ඝ කාලයක් පුරා සිදුකරගෙන ගොස් තිබේ.
එලෙස බලන කල සමහර ක‍්‍රීඩකයන් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ක‍්‍රීඩා කර ඇත්තේ නියමිත ශරීර යෝග්‍යතාව නොමැතිවයි.
ලබන මස පැවැත්වෙන බටහිර ඉන්දීය සංචාරය වෙනුවෙන් ක‍්‍රීඩකයන් 20 දෙනකු පසුගියදා යෝග්‍යතා පරීක්ෂණයට පෙනී සිට ඇති අතර ඉන් 8 දෙනකු එහිදී අසමත් විය. එසේ අසමත්වූ ක‍්‍රීඩකයන් හට එළැඹෙන පෙබරවාරි 3 දා නැවත වරක් එකී පරීක්ෂණය සඳහා පෙනී සිටීමේ අවස්ථාව උදාවනු ඇත. එම පරීක්ෂණයෙන්ද ඔවුන් අසමත් වුවහොත් එකී සංචාරයට ඔවුන්ව සහභාගි කර නොගනී. එහෙත් ප‍්‍රශ්නය ඇත්තේ මේ පරීක්ෂණ නිසි පරිදි සිදුවේද යන්නයි.
මේ අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයන් රැසකගේ පුද්ගලික කළමනාකරු ලෙස කටයුතු කරමින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරන පිටස්තර කළමනාකරුවකු සම්බන්ධයෙන්ද බරපතළ ප‍්‍රශ්න පවතී. ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථානය ආරක්ෂා කර ගන්නට මේ කළමනාකරුට අයත් සමාගමට අදාළ සංචාර සඳහා ලැබෙන මුදලින් විශාල කොටසක් ගෙවිය යුතුව තිබේ.
හිටපු ක‍්‍රිකට් නායක කුමාර් සංගක්කාර ස්කයි රූපවාහිනිය සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාකච්ඡුාවකට එක් වෙමින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වැටී ඇති තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් පැවසුවේ ‘‘අර්බුදය ගැඹුරටම ගිලා බැහැලා. සහතික වශයෙන්ම මේක අහම්බයක් නෙමේ. මම කියන්නේ මේකට හේතුව වඩාත් උසස් තත්ත්වයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාවක් ශ‍්‍රී ලංකාවේ නොමැති වීමයි. අපි කාලයක් තිස්සේ ඉතාමත් දක්ෂ ක‍්‍රීඩකයන් රැසක්ම බිහි කළා. ඒත් හිටි හැටියේම ඒ වගේ අය නිර්මාණය වෙන්නේ නැත්නම්, මේ තියෙන ක‍්‍රමවේදයේ ගැටලූවක් දක්නට ලැබෙනවා. සෑහෙන කාලයක් අපි දක්ෂතා නිර්මාණය වන දිහා බලාගෙන හිටියා. ඒත් ඒවා වඩාත් දියුණු තත්ත්වයට පත් කළේ නෑ.” යනුවෙනි.
ක‍්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ.
‘‘ක‍්‍රීඩකයන්, වසරකට ආසන්න කාලයක් ටෙස්ට් ක‍්‍රිකට් හෝ එක්දින හෝ විස්සයි 20 ක‍්‍රීඩා කර නැත. එල්.පී.එල්. විස්සයි විස්ස ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ආරම්භය විය. එතැන් සිට ඔවුන් කෙලින්ම ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ගියා. ඒ නිසා ඔවුන් එයට හැඩගැසිය යුතුයි. නමුත් එය වෘත්තීය ක‍්‍රීඩකයන්ට නිදහසට කරුණක් නොවේ.”
‘‘කෙසේ වෙතත්, අපි ඉදිරියේදී ක‍්‍රිකට් සම්බන්ධයෙන් තීරණ කිහිපයක් ගන්න බලාපොරොත්තු වෙනවා.”
වළපල්ලට ගොස් තියෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් යළි ගොඩනැ`ගීමට වගකිව යුතු නිලධාරීන් දැන්වත් නිසි ක‍්‍රියාමාර්ග ගත යුතුය. එසේ නොවුණොත් නොබෝ දිනක දීම ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් නැත්තටම නැති වී යනු ඇත.