bormශ‍්‍රී ලංකාවේ ජාතික කි‍්‍රකට් කර්මාන්තය Born Again නමැති ආගමික නිකායක් විසින් අත්පත් කරගනු ලැබ ඇතැයි කියන පුවතක් නිසා සමාජය කැළඹී ඇත. ඒ පිළිබඳව පුවතක් පසුගිය සතියේදී මේ පුවත්පතේ පළ වූ අතර Born Again නමැති ආගමික නිකායට අයත් ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ මෙන්ම එයට අයත් නැති ක‍්‍රීඩකයෝ ද අප අමතා සාප කරන්නටත් හොඳ කියන්නටත් පටන් ගත්හ. කැමැති ආගමක් ඇදහීම සඳහා කෙනෙකු තුළ ඇති අයිතිය මේ පුවත්පත විසින් ඉතා ඉහළින් පිළිගනු ලබන බව මුලින්ම සඳහන් කළ යුතුය. කුසට ආහාර බත්, මාළු, එළවළු, මස්, පාන් ඇතුළු දේවල් ය. ඇතැම් පුද්ගලයකුගේ මනසට ආහාරය ආගමය. ඒ අනුව බත්, මාලූ, මස් කෑමට ඇති නිදහස හා සමානවම ආගම ඇදහීමට ඇති නිදහස ද මූලික අයිතිවාසිකමකි. මේ අතර අවබෝධය තුළින් ආගම පැතිරවීමට ඇති නිදහස Positive නිදහසක් හෙවත් ‘ධන’ නිදහසක් ලෙස හඳුන්වනු ලැබේ. බලාත්කාරයෙන් ආගම පැතිරවීමට ඇති නිදහස Negative නිදහසක් ලෙස හැඳින්වීමට පුළුවන. 1505 දී ලංකාවට පැමිණි පෘතුගීසි ආක‍්‍රමණිකයෝ පෘතුගීසි යුද සෙබළුන්ට ලෝගු අන්දවා ඔවුන් අතට බයිනෙත්තු සහ කිනිසි ලබා දී ඔවුන්ගේ ආගම වූ රෝමානු කතෝලික ආගම ලංකාවේ මුහුදුකරයේ පතුරුවනු පිණිස පිටත්කර හැරියාහ. කතෝලික සමය වැළඳ ගැනීම කැමැති වූ සිංහල බෞද්ධයන් සනීප ටොක්කක් ඇන ආගමට බඳවා ගන්නා ලදි. බෞතිස්ම කර, නම ද මාරු කර, සබයට ගන්නා ලදි. බ‍්‍රැන්ඩිද, සුරුට්ටුද පුරුදු කරන ලදි. ඒ අතර ආගම මාරු කිරීමට අකැමැති වූ සිංහල බෞද්ධයාට බයිනෙත්තුවෙන් එකක් ද, කිනිස්සෙන් එකක් ද දී වළපල්ලට යවන ලදි. මේ ආරංචිය පැතිර යන විට මැරුම්කෑමට බිය වූ සිංහල බෞද්ධයෝ නිකම්ම කතෝලික ආගම වැළඳ ගත්හ. අප මේ බව කියන්නේ කතෝලික ආගම කෙරෙහි ඇති විරෝධයක් නිසා නොව එය පතුරුවන ලද ආකාරය පැහැදිලි කර දෙනු පිණිස ය. කතෝලික ආගම ඉතා උසස් දර්ශනයකි. එහි මූලික හරය වූ කලි ආදරය හා කරුණාව ය. ජේසුතුමා තරම් දුක්වි`දි වෙනත් ආගමික නායකයෙක් ලොව නැත.

 පෘතුගීසි යුගයෙන් පසු මේ රටේ මුහුදුකරය අල්ලා ගත්තෝ ලන්දේසීහු ය. ඔවුහු ප්‍රොතෙස්තන්ත වරුය. කතෝලික සමයේ සහ ප්‍රොතෙස්තන්ත සමයේ මූලික වෙනස්කම් තිබේ. එය ඵ්රඑසබ ඛ්එයමර නමැති ජර්මන් ජාතික දේවධර්ම මහාචාර්යවරයාගේ අදහස් පදනම් කරගත් කි‍්‍රස්තියානි නිකායකි. 1690 දී ලංකාවේ මුහුදුකරය ආක‍්‍රමණය කළ ලන්දේසීහු ඒ වන විට, පෘතුගීසීන් වෙතින් රෝමානු කතෝලික වී සිටි සියලූ සිංහලයන් අල්ලා ඔවුන් ප්‍රොතෙස්තන්ත ආගමට හරවන්නට වූහ. එසේ හැරවීමට අකැමැති වූ කතෝලිකයන් පණපිටින් උල තබන ලදි. යකඩ කණුවල බැඳ පුළුස්සා මරණ ලදි. මෙය ආගම පැතිරවීමක් නොව ආගමික ත‍්‍රස්තවාදයකි. අල්කයිඩා සහ ISIS ඉස්ලාම් අන්තවාදීන් ආගම පතුරවන්නේ ද මෙලෙසම ය. අපේ ක‍්‍රිකට් කර්මාන්තය තුළ Born Again ආගමික හැසිරීම ද යම් ආකාරයක ත‍්‍රස්තවාදී ස්වරූපයක් ගන්නා බව පෙනෙයි. දැනට තිබෙන ප‍්‍රමුඛ චෝදනාව වන්නේ Born Again නිකායට ඇතුළත් නොවන ක‍්‍රීඩකයන් ඉතා ක‍්‍රමානුකූල ලෙස ක‍්‍රීඩා කණ්ඩායමෙන් කපා හරින බව ය. එය පෘතුගීසි සහ ලන්දේසි ක‍්‍රමයේ Negative ආගමික නිදහසක් බව අපගේ හැඟීමය. ආගම යනු සිත මුලික කරගත් ශුද්ධ වූ වස්තුවකි. එය ක‍්‍රිකට් කණ්ඩායමට, වෘත්තීය සමිතියට, කර්මාන්ත ශාලාවට හෝ කාර්යාලයට ගෙන ඒමෙන් සියලූ දෙනා වැළකිය යුතු ය. Born Again ආගමික නිකායේද කිසියම් හර පද්ධතියක් තිබීමට ඉඩ ඇත. එම හර පද්ධතිය වැරදියට පාවිච්චි කළොත්, එසේ කරන අය Dead For Ever තත්ත්වයට පත්වනවා ඇත.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s