පොළොන්නරුවේ පිහිටි විශාලත ම ආරාම සංකීර්ණය වන ආලාහන පිරිවෙන මෙහි සිට ගල්විහාරය දක්වා වූ හෙක්ටයාර් 35 ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වී තිබේ. මහා පරාක්‍රමබාහු රජු ( ක්‍රි.ව 1153-1186) විසින් පිහිටුවනු ලැබු මෙම පිරිවෙන එහි නම අනුව පැරණි ආදාහන භූමියක පිහිට වූවක් බව පෙනේ. එමෙන්ම මෙම භූමියේ විවිධ ස්ථානවල කළ පුරා විද්‍යා කැණීම්වලින් ද ඒ බව සනාථ වී තිබේ. මෙහි ඇතැම් ගොඩනැගිලි, ස්තූප සංඝනායකවරුන් හෝ රාජකීයන් ආදාහණය කළ ස්ථානවල ගොඩනගන්නට ඇති බව විශ්වාස කරනු ලැබේ. පිහිටි කඳු ගැටයක් මලක සැලැස්මකට අනුව සකසා ආරාමයක් බවට පරිවර්තනය කර ඇති මෙහි මධ්‍යගත ඉහළම මාළක දෙක මත බද්ධසීමා ප්‍රාසාදය, කිරිවෙහෙර, ලංකාතිලක පිළිමගෙය සහ ස්තූප ගොඩැලි (ආදාහණ ස්තූප) පිහිටා ඇති අතර පහත මාළකවල භික්ෂු ආරෝග්‍ය ශාලාවක්, පොකුණු ඇතුළු නේවාසික භික්ෂු කුටි සිය ගණනක් දක්නට ලැබේ.

මෙම ගොඩනැගිල්ල පැරණි රෝහලක් බව මෙහි කළ පුරාවිද්‍යා කැණීම්වලදී තහවුරු කරගෙන තිබේ. මෙහි එක් කුටියක ශෛලමය බෙහෙත් ඔරුවක් තවමත් දක්නට ලැබෙන අතර එය බෙහෙත් තෙලෙහි ගිල්වා රෝගියාට ප්‍රතිකාර කිරීම සඳහා භාවිත කර ඇත. එකල භාවිත කළ ශල්‍යකර්ම උපකරණ ඇතුළු වෛද්‍ය උපකරණ රැසක් මේ ස්ථානයේ කළ කැණීම්වලින් සොයාගෙන තිබේ. 12 වන සියවසේ දී ඉදි කර ඇති මෙම රෝහල, 08 වන සියවසේ ඉදිකළ මිහින්තලේ රෝහලේ මුල් ආකෘතිය ම බොහෝ දුරට අනුගමනය කර ඇත. නේවාසික කොටස සහ ප්‍රතිකාර කරන කොටස යනුවෙන් රෝහලේ ප්‍රධාන කොටස් දෙක එකට ඈදා ඉදිකර ඇති අතර මේ දෙකොටසෙහි ම මධ්‍යයේ විවෘත අංගනයක් පිහිටා තිබේ.

අපේ අභිමාණවත් ඉතිහාසය.ලොවක් මවිත කල අපේ හෙළ වෙදකම 

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s