
ප්‍රමිතිය
- තමන් ඉගෙන ගත් ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාල එකක්වත් ලෝක විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීමේදී, පළමු 2000ට වත් ඇතුලත්ව නැති බව මේ දොස්තරලා දන්නේ නැත.
- මේ රජයේ වෛද්‍ය විද්‍යාලවල හොඳ ආචාර්යවරු හිඟය,
- ලැබ්වල කෙමිකල් නැත,
- උපකරණ යල්පැන ගොස් කැඩීබිඳී ගොසින්ය.
- කිසිදු නව පර්යේෂණයක් කිරීමට ප්‍රතිපාදන නැත.
- ළමයින්ගේ හොස්ටල්, වැසිකිලි ගව ගාල් වැනිය.
- ඉතිං වෛද්‍ය විද්‍යාවේ ලෝකල් ප්‍රමිතිය ගැන කවර කතාද ?
- මේ කෑ ගහන දොස්තරලාගේ දරුවෝ…., බංගලිදේශයේ, ඉන්දියාවේ,මැලේසියාවේ, සිංගප්පුරුවේ, චීනයේ, පිලිපීනයේ, රුසියාවේ, ඕස්ට්‍රේලියාවේ වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලබති.
- දේශපාලුවන් තම දරුවන් දේශපාලුවන් කරන්නට දඟලන ඒකත් මේ වගේමය.
- බමුණු කුලය රැක ගත යුතුය.
- ලෙඩ්ඩුන්ට ආදරේට නොවේ.
- හොද්ද බොරවෙන බව දන්නා නිසාය .
- නමුත් දේශීය පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කරන්නට මළාට ඉඩ දෙන්නේ නැත.
- මේ නිසා විදෙස් ගතවී වෛද්‍ය අධ්‍යාපනය ලැබිය නොහැකි මධ්‍යම පන්තික දරුවන්ට අඩු මුදලක් ගෙවා වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමේ මග අහුරා තිබේ.
- පුද්ගලික වෛද්‍ය විද්‍යාල කිහිපයක් ඇති වුවහොත් තරඟ කිරීමට සිදුවන නිසා ගාස්තු පහළ යනු ඇත.
- මේවායේ ප්‍රමිතිය ඉහලම මට්ටමේ නොමැති නම්, ඒවාට කඩිමුඩියේ අනුමැතිය ලබා නොදිය යුතුය.
- කිසිම ප්‍රමිතියක් නැති සයිටම් එකේ ප්රශ්නය ඇතිවුනේ ඒ නිසාය.
- ප්‍රමිතියක් නැති සයිටම් එකට GMOA සාමාජික… රජයේ දොස්තරලා ගණනාවක්ම තමන්ගේ දරුවන් ඇතුලත්කර… ගලේ පැහැරූ බළලුන්සේ සිටීම හාස්‍ය ජනකය.
- ප්‍රමිතිගත පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙහි පටන් ගත් විට, විදෙස් සිසුන් වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය ලැබීමට මෙහි පැමිණෙනු ඇත…
- අපේ මුදල් ඉතිරිවී, රටට ආදායමක් ලැබෙනු ඇත.
- අපේ ළමයි මේ සඳහා බංගලාදේශයටත් යනවා ඒ උපාධිය මෙහේ පිලි ගන්නවාය.
- එහි ගිය ළමයින්ගෙන් ඒකෙ ප්‍රමිතිය ගැන දැනගත හැකිය…ලැජ්ජයි !
- රජයේ දොස්තරලා සමග එකතුවී ලෙඩුන් ගසාකන පුද්ගලික රෝහල් හරිම ශෝක්ය. ඔය කෑ ගසන්නේ වෙන මොකවත් නිසා නොවේ…
- දොස්තරලා වැඩි වී පුද්ගලික වෙදකමට කෙළවෙන නිසාය.
පිපි පිපි රේණු සළන පී පී
- හවස හතරටත් කලින් රෝහලෙන් පැනගොස් පුද්ගලික වෙදකම් කරන…. ලයිට් කණුවට එක ගානේ ඇති ලේ/ මූත්තරා….මෙඩිසින් & සර්ජරි කියා බෝඩ්ගසා ඇති පෙට්ටි කඩවලටත් ප්‍රමිතියක් තිබේද ?
- ගෙඩියක් පලා බෙහෙත් දැමීමට වඩා සර්ජරියක් මේවායේ කල නොහැකිය .
- පෙට්ටි කඩේ PP එක හරි ගියොත්, ඉන්නා රෝහලෙන් මාරු කරන්නට මළාට බැරිය…
- මාරු කළහොත් වැටෙන්නේ ගෙම්බෙකු මෙන් පෙට්ටි කඩේ දිහා බලාගෙනය…
- ළඟ ඇති වෙනත් රෝහලකට කෙසේ හෝ මාරුවීම හදාගනියි…
- ඔන්න දැන් කලින් සිටි රෝහලේ අලුත් දොස්තර ලෙඩේ අදිනවාය…
- පෙත්සම් ගහනවාය…
- වතුර ටැංකියට ග්‍රමොක්සෝන් දානවාය.
- වෙනදා දොස්තරලා හතර දෙනෙක් සිටි මහ රෝහල් වල OPD එකේ දැන් දොස්තරලා 30/40ක් සිටිති.
මෙන්න දොස්තරලාගේ අලුත්ම සෙල්ලම….
- තමන්ගේ ශිෆ්ට් එක පුද්ගලිකව වෙදකම් නොකරන ඩියුටි ඔෆ් දොස්තර කෙනෙකුට රුපියල් 2000කට (ලෙඩ්ඩු දෙන්නෙකුගේ ගාන) විකුනා, රෝහලෙන් පැනගොස්…තමන්ගේ පෙට්ටිකඩය රෑ 11වනතුරු ෆුල් ටයිම් රන්කිරීම.
- මෙසේ කරන්නේ ලෙඩ්ඩුන්ට ආදරේටය.
- ඔවුන් ඉඳහිට රෝහලට පැමිණෙන්නේ මූණ පෙන්වා ඩයරියේ බොරු OT ලියා… ඒකටත් මුදල් වංචාවෙන් ගැණීමට පමණකි.
- මේවා ඇල්ලීමට කඩාපනින හමුදාවක් ඇතත් කිසිම දොස්තර කෙනෙක් මේ ලියන මොහොත අල්ලා ගෙදර යවා නැත.
- ඒ සෞක්‍ය සේවා ජනරාල්ගේ සිට පහලට සියළුම පරිපාලන කටයුතු කරන්නේ දොස්තරලාම බැවිනි…
- පරිපාලන නිලධාරීන් නොවන නිසා දන්නා පරිපාලනයකුත්නැත…
- මෙඩිසින් ප්‍රැක්ටිස් නොකරන නිසා මෙඩිසින් දන්නෙත් නැත….
- ඉස්පිරිතාලවල වැදගත් අත්‍යාවශ්‍ය කිසිම බෙහෙතක් නැත්තේ, ලැබ්වල කෙමිකල් නැත්තෙත් මේ නිසාය.
- දොස්තර කුමන වරදක් කලත් තමන්ගේ එකා බේරාගැනීමට සංගමය පැනලා ඉදිරිපත්වෙයි.
- බේරෙන හැටි ගැන නීති උපදෙස් දෙයි.
- ඉතිං අයියන්ඩි කුමට බිය වන්නද ?
- ෆුල් ටයිම් කඩමු පොල් !.
- ඕනෑම මහරෝහලක තත්වේ ඕකය. . .
- බොරුයි කියනවා නම් ඔප්පුකර පෙන්වීමට සූදානම්ය.
දත් ගැලවීම
- දත් දොස්තරලා…හීන්නූල් කාරයෝය…
- එක්කෝ චෙයාර් එක කැඩිලාය…
- එක්කෝ ලයිට් නැත…
- නැත්නම් වතුර නැත…
- ෆිලින් මැටීරියල් නැත…
- එහෙමත් නැත්නම් උදව් කරන සුලු සේවකයා නිවාඩුය.
- දත් ගැලවීමට සූදානම් නමුත් කරන්න විදියක් නැත.
- ෆුල් ආතල් එකේ iPHONE එකේ ගේම් ගසමින්/ෆේස් බුකියේ කැරකෙමින් සිට දවල් 11වන විට පැනගනියි.
- ඩයරිය චෙක් කලොත් උදේ 8 සිට සවස 4 දක්වා වැඩකර තිබේ.
- කරන ඔන්කෝල් එකක් නැතත්, ඔන්කෝල් දීමනාවද නිරායාසයෙන්ම ලැබේ.
- පුදුමය නම් හවසට හොරෙන් පුද්ගලික වෙදකම් පමණක් කරන පරිපාලන දොස්තරලාද ඔන්කෝල් දීමනාව ලබා ගැනීමයි.
- මේ හැටහුටාමාරක් පරිපාලන දොස්තරලා කොයිම වෙලාවකවත් කාමරේ නැත. කොන්ෆරන්ස් ගිහින්ය.
- දත් දොස්තරලා වැඩ කරන්නේ උදය වරුව පමණකි.
- කඩා පනින හමුදාව චෙක් කලොත්, පෙන්නන්නට දිනය නොදැමූ හාෆ්ඩේ ලීව් චිට් එකක් ලොක්කා ගාව ස්ථිරවම තබා තිබේ.
- පුද්ගලික දත් කඩයේ ජෙනරේටර්, වතුර, ෆිලින් මැටීරියල් අලුත්ම ඩෙන්ටල් චෙයාර් එකක් තිබේ…
- හෝගාලා වැඩය.
- දත් එකදිගට ගලවමින් පනිට්ටුවට දමා පොකට්ටුවට විදිති.
- දොස්තරලා ස්ට්‍රයික් කර ලෙඩුන්ගේ ගෙලමිරිකා ලබාගන්නා සියළුම වරප්‍රසාද පඩි වැඩිවීම් දත් දොස්තරලාටත් ඉබේම ලැබේ.
- ෆුල් ආතල්ය.
- දොස්තරලා දෙදෙනෙක් හෝ තිදෙනෙක් ඇති කුඩා රෝහල් සහ ඩිස්පැන්සරිවල කොයි වෙලෙත් වැඩකරන්නේ එක්කෙනෙක් හෝ දෙන්නෙක් පමණකි.
- එත් වරුවක් පමණකි. (අර ලීව් චිට්එක ? ආ ඒක තියෙනවා)
- හවසට අනික් දෙදෙනාගෙන් එක් අයෙක් කවර් කරයි.
- තිදෙනෙකුට කරන්නට තරම් දෙයක් මේ ආයතනවල නැත.
- වෙනදා එක දොස්තර කෙනෙක් පමණක් සිටි MOH ඔෆිස් වල පවා, දොස්තරලා හතර පස් දෙනෙක් සිටිති.
- වරුවක් පමණක් වැඩකරන මේ ආයතන වල දොස්තරලා එකිනෙකා මුණ ගැසෙන්නේ පඩි දිනයට පමණකි.
- සියළු දෙනාම ෆීල්ඩ් එකේය.
- සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රයිවෙට් බස් එකක් මෙන් දොස්තරලාගෙන් පුරවා තිබේ. අතිරික්තයක් මිස කිසිදු දොස්තර හිගයක් නැත.
චැනල් ක්‍රීඩාව
- චැනල් ක්‍රීඩාවේ යෙදෙන විශේෂඥ දොස්තරලා ගැනද නොකියාම බැරිය.
- මේ බමුණු කුලයේ සුපිරිම එකය (සර් නොකියා ඩොක්ට කිව්වොත් බඩුම තමයි).
- හවස 4ට එන්න පොරොන්දුවූ මහා කාරුණික එතුමාණෝ…. රෑ අටවෙන තුරුත් පැමිණ නැත.
- රජයේ රෝහලේදී විනාඩි පහේ පරක්කුවට කෑ ගහන ලෙඩ්ඩු…, රෝගී මූණූ, හපුටු කරගෙන, මනා ඉවසීමෙන්… සීරුවෙන්… ප්ලාස්ටික් පුටු රත් කරමින් බලා සිතිති.
- ඔන්න…. චැනල් සෙන්ටර් කීපෙකට ගොස්… සල්ලි පොට්ටනිය කාර් එකේ තැබූ එතුමාණෝ…. නලාව කරකවමින්… පුකට මෝටරයක් හයිකළාසේ කඩාගෙන බිඳගෙන පැමිණෙයි….
- වෛද්‍ය පික්පොකට් මහතා හමුවීමට පැමිණි රෝගීන් 33 කාමරයට පැමිණෙන්න….
- ලවුස්පීකරේ කෑගසයි…
- ලෙඩ්ඩු දොර ගාව පොරකති.
- සෙරෙප්පු ගලවන්න, ෆෝන් ඔෆ් කරගන්න…හා ෂර්ට් එක ගලවන්න ඉක්මනට… ඉක්මනට… සුදු කොට ගවුම් ගැටිස්සී මොරදෙයි.
- පුදුම හදිසියකි.
- මොකද අමාරුව…වැල්වටාරං නැතුව ඉක්මනට කියන්න… තව 68දෙනෙක් ඉන්නවා…
- විනාඩි පහයි…
- ගේම ඉවරයි
- පුදුම රෝගී පරීක්ෂාවකි…
- කොලිටිම රෝගී පරීක්ෂාවකි….
- කොම්පියුටරයක් වගේය …
- හරි…හරි…මේ පරීක්ෂණ ටික කරගෙන ආයෙත් එන්න…දැනට මේක බොන්න. (දකුණු අතින් නලාව තබා වම් අතින් පොකට් එකට විද්දේය.)
- Proper history taking, inspection, palpation, percussion, and auscultation… differential diagnosis? side effects of drugs?
- එන්න එපා මාත් එක්ක පණ්ඩිතකං දොඩවන්න… මේව බොනව හරිද…
- නාන්නද සර්..?????
- හොඳට නාන්න…ඊළඟ එන්න…
- මොනවද සෑර් කන්න හොඳ…????
- ඇපල්, මිදී, චීස්,බේකන්,පිට්සා වගේ ඒව හොඳයි….මාමයිට් බොන්න…ඊළඟ එන්න.
- මේ කරන සෙල්ලම…තමන් ඉගෙනගත්, උසස් අධ්‍යාපනය ලැබූ ඉංගලන්තේදී කරානම්…,
- අවම වශයෙන් අවරුදු දහයකට හිරේ ගොස්….ලෙඩාට වන්දිත් ගෙවීමට සිදුවනවා සිකුරුය.
- සාමාන්‍ය චැනල් ගාස්තුව රුපියල් 1400යි (ලංකා හොස්පිටල්)
- දොස්තරට 1000යි.
- දිනකට 50 බැගින්(හුඟක් අය එයිට වැඩිය බලනවා)
- දවස් 330ක් (35ක් නිවාඩු කියමුකෝ) ලෙඩුන් බැලුවොත්
- වාර්ෂික ආදායම
- 50X 1000 X 330 = 16,500,000 +
- (වාර්ෂික වැටුප් )1,800,000
- = 18,300,000 (ලක්ෂ 183යි) (ලැබ්වලින්, බෙහෙත් වලින් එන කොමිස්, රට සවාරි, සම්මන්ත්රණ හැර )
- නෑ…කොහෙත්ම පාඩු නෑ! .
බෙහෙත් හිඟය
- දැන් කියන්නට යන්නේ, රෝහල් එකක වත් අත්‍යාවශ්‍ය බෙහෙත් වර්ග නොමැති වීමට හේතුවයි.
- ශ්‍රී ලංකාවට ගෙන්වන බෙහෙත් වර්ග අනුමත කිරීමට කොමිටියක් තිබේ.
- මේකේ සාමාජිකයෝ දොස්තරලාය.
- නියමෙටම හොද්ද බොර කරගෙන….කොළඹ ස්විමින්පූල් සහිත ගෙවල් දෙකතුනක් ඉක්මණටම හදාගතහැකි ජොබ් එකකි.
- කොම්පැණි (බොහෝවිට ඉන්දියන් ) කාරයින් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන… කිසිම ප්‍රමිතියක් නැති බෙහෙත් වර්ග (බෙහෙත් නිපදවීම ඉන්දියාවේ ගෘහ කර්මාන්තයකි)
- නිසි පරීක්ෂාවකින් තොරව අනුමත කිරීමට මේ දොස්තරලා සතයක් වත් පගාව ගන්නේ නැත.
- එක බෙහෙතක් අනුමත කරවා ගැනීමට අති විශාල මුදලක් වියදම් කිරීම…මේ සමාගම් වලට කජ්ජකි.
- තරුපහේ හෝටල්වල පවත්වන දොස්තරලාගේ සියලුම සම්මන්ත්රණ, ගෙට්ටු ගෙදර්, AGM වලට බරපැණ දරන්නේ දැවැන්ත ප්‍රකෝටිපති අන්තර්ජාතික ඹෞෂධ සමාගම්ය.
- කෝටි ගණන් වියදම් කර ගෙන්වන මේ ඉන්දියන් බාල බෙහෙත් වර්ග වලින් බොහොමයක් නියමිත දිනට කලින් නරක් වෙයි.
- ඉන්ජෙක්ෂන් වල පාට වෙනස් වෙයි…
- පෙතිවර්ග කුඩුවී දියවෙයි…
- එවිට කරනුයේ මෙම බෙහෙත් වලලා දැමීම පිණිස ආපසු එවන ලෙස දන්වා චක්‍රලේඛන සිය ගණනක් වසරකට නිකුත් කිරීමයි.
- මේ වන විට මේ බෙහෙත් වර්ග බොහොමයක් රෝගීන් වෙත නිකුත්කර හමාරය. (ඔවුන් සියළු දෙනාටම “ටෞකණ්ඩ” දෙවි පිහිටයි…”පට්ටෞත්ති” දේවතාවියගේ ආරක්ෂාවයි ).
- මේක බොරුවක්ද කියා ඕනෑම රජයේ දොස්තර කෙනෙකුගෙන් අහන්න.
- මේ තක්කඩි වැඩේ දිගින් දිගටම අනාදිමත් කාලයක සිට සිදුවන නමුත්, බෙහෙත් හිඟයේ වගකීම බාරගන්නා කෙනෙක් නැත.
- මේ කෝටි ගණන් වලලන්නේ මහජනයාගේ බොටුව මිරිකා ගන්නා බදු මුදල්ය. දොස්තරලාගේ ගෙට්ටුගෙදර් සියල්ලටම ස්පොන්සර් කරන්නේ ඔෞෂධ සමාගම්ය.
- උපදේශකයින් ලෙස පමණක් වෛද්‍ය මණ්ඩලයක් තබාගෙන,
- සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අරක් ගෙන ඇති,
- පෙන්ෂන් යන තුරුම මහජන මුදල් ගසා කමින් දෙපාර්තමෙන්තුවේ ලැග ඉන්නා (මොවුන්ට මාරුවීම් නැත)…. දොස්තර මාෆියා ඩිරෙක්ටර් නඩය එලවා දැමිය යුතුය.
- සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සිවිල් පරිපාලන නිලධාරීන්ට බාරදිය යුතුය.
- විසඳුම එයයි.
- මෙසේ කළහොත් දොස්තරලා මාස හයක් එක දිගට ස්ට්‍රයික් කරනු ඇත.
- කුහක බමුණුකුල GMOA එක… හෙදියක් වෙදනලාව පාවිච්චිකර BP බලනවාට විරුද්ධ විය…
නර්ස්ලාට, පාමසිස්ට් ලාට පැරා මෙඩිකල් අයට, RMO ලට, ඔක්කොටම ඩිග්‍රීයක් ගන්න නොදී කැපුවාය..
දැන් සපෝට් එකට කව්රුවත් නැත !
මේ සුපිරි බුද්ධිමතුන් තමන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි දොස්තර පුතුට කසාද බැඳීමට සොයන්නේ අඟහරු 7 නැති බොදු ගොවි කේන්දරය…
බෙන්ස් කාර් එකේ දෙහි ගෙඩි සහ මිරිස් කරල්ද එල්ලා ඇත !
The End