චාමින්ද සෙනෙවිරත්න



මහත් වූ උත්සව විලාශයෙන් ගාමා ඇතුළු නාවික පිරිස පෘතුගාල රජතුමා විසින් පිළිගන්නා ලද අතර ගාමාට ‘දොන්’ යන ගෞරව නාමය ප්‍රදානය කොට වාර්ෂික විශ්‍රාම වැටුපක්‌ ද ඉඩකඩම් ද ලබාදී තිබේ.

ලෝක ඉතිහාසය කණපිට පෙරළුE වස්‌කෝද ගාමාගේ භූමිකාව
මෙම ලිපියෙහි මුල්කොටස පසුගිය සතියේ පලවිය

මහත් වූ උත්සව විලාශයෙන් ගාමා ඇතුළු නාවික පිරිස පෘතුගාල රජතුමා විසින් පිළිගන්නා ලද අතර ගාමාට ‘දොන්’ යන ගෞරව නාමය ප්‍රදානය කොට වාර්ෂික විශ්‍රාම වැටුපක්‌ ද ඉඩකඩම් ද ලබාදී තිබේ.

ඉන්දීය ඉතිහාසඥ කේ. එම්. පනික්‌කාර් පෙන්වා දෙන අන්දමට වස්‌කෝද ගාමා කැලිකට්‌ නගරයට පැමිණීමත් සමඟ ආසියාවේ ආරම්භ වන යුරෝපා ආධිපත්‍යය අවසන් වන්නේ වසර 450 කින් පසුව 1947 වසරේ ඉන්දියාවෙන් බ්‍රිතාන්‍ය යුද හමුදා ඉවත්වීමෙන් සහ 1944 වසරේ චීනයෙන් යුරෝපීය නාවික හමුදාවන් ඉවත්ව යැමෙන් පසුවය.



ගාමා ලිස්‌බන් නගරයට පැමිණ ටික දිනකින් පෘතුගාල රජුගේ නියෝග මත යුද භටයන් 1200 කින් සමන්විත නෞකා 13 ක්‌ පෙෙඩ්‍රාa අල්වාරේස්‌ කබ්රාල් යටතේ ඉන්දියාවට පිටත් කළ ද සුළං ප්‍රවාහයකට හසුව ගසාගෙන ගිය අතර අප්‍රිකාවට දකුණෙන් යාත්‍රාකොට ඉන්දියාවට පැමිණ ඇත. ඔහු කැලිsකට්‌ හි හා කොචින්හි වෙළෙඳ මධ්‍යස්‌ථාන 2 ක්‌ පිහිටුවා භට කණ්‌ඩායමක්‌ ද නවතා ලිස්‌බන් බලා යාත්‍රා කර තිබේ. පෘතුගීසි නාවික කණ්‌ඩායම පිටත්ව ගිය වහාම මුස්‌ලිම් ජාතිකයන් හින්දු ජාතිකයන් ප්‍රකෝප කරවා මධ්‍යස්‌ථාන දෙකට පහරදී නවතා සිටි පෘතුගීසි භටයන් 40 දෙනා ද මරා දමා ඇත. ඔවුන්ට අත්වූ ඉරණම පෘතුගාලයට මඳක්‌ පමාවී ආරංචි විය. ඒ හා සමඟම නෞකා 10 කින් යුත් ප්‍රබල නාවික කණ්‌ඩායමක්‌ ක්‍රි. ව. 1502 ජනවාරි මාසයේ ලිස්‌බන් නගරයෙන් පිටත් වී කැලිsකට්‌ වෙත පැමිණ ඇත. මෙම කණ්‌ඩායමේ නායකත්වය හිමි වූයේද වස්‌කෝද ගාමාටය. ඔහු කිසිදු වග විභාගයකින් තොරව වෙරළබඩ ප්‍රදේශවලට කාලතුවක්‌කු ප්‍රහාර එල්ලකොට ස්‌වදේශීන් බිය ගැන්වූ බව වාර්තාවල සඳහන් වී තිබේ. ඔහු කැලිකට්‌ වෙත යාත්‍රා කරමින් සිටියදී අතරමග මැකාවලින් පිටත්ව යාත්‍රාකරමින් තිබූ ආයුධ සන්නද්ධ නොවූ යාත්‍රාවක්‌ හමු වූ අතර එය අල්ලාගත් ගාමා එහි වූ සියලු භාණ්‌ඩ අත්පත් කරගෙන එහි සිටි සියලු මගීන් සමඟ නෞකාව ගිනි තබා විනාශ කළ බව දැක්‌වේ. මේ බව (Lendos de India) කෘතියෙහි පැහැදිලිව සඳහන් කර තිබේ.

ක්‍රි. ව. 1599 සැමොරින් සමඟ (සැමොරින් යනු විරුනාමයකි) ගිවිසුමක්‌ ඇතිකරගන්නා තෙක්‌ම විශේෂයෙන් වෙරළබඩ ප්‍රදේශවලදී සැමොරින්ගේ නාවික හමුදා සමඟ පෘතුගීසීන් නිරන්තරයෙන් ගැටුන ද, විවෘත මුහුදේ ආධිපත්‍ය සියවස්‌ එකහමාරක කාලයක්‌ රඳවා ගැනීමට පෘතුගීසීන්ට හැකිවිය.ලන්දේසීන් ඉන්දීය සාගරයට අවතීර්ණ වනතෙක්‌ ඔවුන්ට අභියෝග කළ හැකි නාවික බලයක්‌ ඉන්දියානු සාගරයෙහි දැකගත නොහැකි විය. අරාබි වෙළෙඳුන් හුදෙක්‌ මූලිකවම වෙළෙ¹ම කෙරෙහි ඔවුන්ගේ අවධානය යොමු කළ බවක්‌ පෙනී යන අතර, මුස්‌ලිම් ආධිපත්‍ය පෙරදිග ආසියානු රටවල ඉස්‌ලාම් භක්‌තිය ව්‍යාප්තවීමට අවස්‌ථාවක්‌ හෝ ඉඩප්‍රස්‌ථා අහිමි කිරීමක්‌ වස්‌කෝද ගාමාගේ ආසියානු ප්‍රවිෂ්ටයෙන් තහවුරු වූ බවක්‌ පෙනී යයි. මුලින් බෞද්ධ රාජ්‍යය වශයෙන් පැවැති මාලදිවයින මෙන්ම බෝරෝ බුදූර් ද අයත්වන ඉන්දුනීසියාව ඉස්‌ලාම් ආධිපත්‍ය විසින් ගිල ගැනීම අපගේ අවධානයට යොමුවිය යුතුය. කෙසේ වුවද ලෙපැන්ටෝ සටනින් මුස්‌ලිම් ව්‍යාප්තියට එරෙහිව පෘතුගීසීන් අත්පත්කර ගත් නිසා ඉස්‌ලාම් ආධිපත්‍ය ව්‍යාප්ත කිරීමේ ව්‍යාපාරයට තිත තැබීමට පෘතුගාලයට හැකි විය. අනෙක්‌ අතින් ඉස්‌ලාම් ආධිපත්‍යයට එරෙහිව වසර 170 ක්‌ තිස්‌සේ දුක්‌ඛදායක සිද්ධීන්ට නිරන්තරයෙන් මුහුණ පාමින් ඉස්‌ලාමයට එරෙහිව සටන් කරමින් සිටි ඉන්දියාවේ විජයනගර් පාලකයන් සහ කොචින් පාලකයන් පෘතුගීසීන්ට සහය වූ අතර. දකුණේ සියලුම හින්දු රාජ්‍යවල සහය පෘතුගීසීන්ට ලැබීමත්, ඔවුන්ගේ ආයුධ ශක්‌තිය මෙන්ම කැපවීමත් මේ තත්ත්වය අහිමිවීමට හේතු සාධක විය. මෙම තත්ත්වය ඇතිවීමට බලපෑ ප්‍රබලම සාධකය වස්‌කෝද ගාමාගේ ඉන්දීයානු සම්ප්‍රාප්තියයි. එය තීරණාත්මක විය.

වස්‌කෝද ගාමා මෙන්ම ඇල්මුකර්ගේ හා පෘතුගීසි අධිකාරීන් මුස්‌ලිම් රාජ්‍යයන්ට එරෙහිව කටයුතු කිරීම බටහිර බලවතුන් සහ චීන අධිරාජ්‍යය අතර සබඳතා කෙරෙහිද ඉමහත් බලපෑමක්‌ කළ බව ඉතිහාසඥ කේ. එම්. පනික්‌කාර් පෙන්වා දෙයි.

පහළොස්‌වන සියවසේ පෘතුගීසි බලය ඉන්දීය සාගරයෙහි සක්‍රීය ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින සමයේ (ක්‍රි. ව. 1499-1690) ඉන්දියානු උප මහද්වීපයේ බලයකින් යුක්‌ත හින්දු රාජ්‍ය තම රාජ්‍යයන් තුළ ස්‌ථාවර බලයක්‌ ගොඩනගමින් සිටියෝය. ක්‍රි. ව. 1337 වසර වනවිට තුංගභද්‍රd ප්‍රදේශයේ දක්‌ෂිණ කොටස මුස්‌ලිම් ආදිපත්‍යයට එරෙහිව සංවිධානය වී තිබුණි. මේ හැර විජය නගර් අධිරාජ්‍යයේa බලය 2 දේවරාය රජු යටතේ කොමරීන් තුඩුව දක්‌වාම බලය පතුරුවා තිබුණි. ක්‍රි. ව. 1420 වසරේදී විජයනගර් අධිරාජ්‍යයට පැමිණි ඉතාලි දේශ සංචාරකයකු වූ නිකොලෝ කොන්ටි හා 1443 වසරේදී පැමිණි පර්සියානු තානාපති අබ්දුල් රසාක්‌ යන දෙදෙනාගේම වාර්තාවලින් පැහැදිලි වන්නේ විජයනගර් අධිරාජ්‍යය ධනය මෙන්ම බලය අතින්ද විශිෂ්ට තත්ත්වයක පැවැති බවයි. මේ කරුණු වැදගත් වන්නේ විජය නගර් පාලකයන් මෙන්ම පෘතුගීසින්ද මුස්‌ලිම් විරෝධීව ක්‍රියා කළ නිසා පෘතුගීසි ආධිපත්‍යය ඉන්දියානු සාගර කලාපයෙහි පවත්වා ගැනීමට මනා පසුබිමක්‌ සැකසූ නිසයි. පෘතුගීසීන් පැමිණෙනවිට නරසිංහ රායි යටතේ විජයනගර් අධිරාජ්‍යය රායිචූර්වලින් දකුණේ සියලුම ප්‍රදේශවල ආධිපත්‍යය පතුරුවා ගෙන තිබුණි.

බහමනි සුල්තාන් රාජ්‍යයේ ව්‍යාප්තිය සීමා කර ගැනීම දකුණු ඉන්දියාවේ හින්දු ආගමත්, හින්දු සංස්‌කෘතියත් ආරක්‌ෂාවීමට ප්‍රබල හේතුවක්‌ වූ අතර පෘතුගාල රජයත්, හින්දු රාජ්‍යයනුත් දෙගොල්ලම තම ප්‍රධාන සතුරා වශයෙන් අවබෝධකරගෙන තිබුණේත්. ඔවුන්ගේ පොදු සතුරා වූයේත් ඉස්‌ලාම් ආගම බව පැහැදිලිය.

ක්‍රි. ව. 1509 වසරේදී ක්‍රිෂ්ණ දේවරාය විජයනගර් රාජ්‍යයේ සිහසුනට පත් වූ විට ඔහු තම දීර්ඝකාලීන සතුරාවූ ඩෙකානයේ මුස්‌ලිම් ආධිපත්‍යයට එරෙහිව සටන් කිරීම සඳහා ගෝව පෘතුගීසීන් විසින් අල්ලා ගැනීම දුටුවේ පිට රටවලින් තමාට මුස්‌ලිම් ආදිපත්‍යයට එරෙහිව සටන් කිරීමට අවි ආයුධ ලබා ගැනීමට අතිශයින්ම වැදගත් තැනක්‌ වන බවයි. ඔහු ගෝව අල්ලා ගැනීම සතුටින් බාරගත්තා පමණක්‌ නොව පෘතුගීසීන් සමඟÊසම්බන්ධතා ද ඇතිකර ගත්තේය.

ඇල්බුකර්ක්‌ ගෝව අල්ලා ගැනීමේදී කිසිදු මුස්‌ලිම්වරයකු ඉතිරි නොකළ බවත් දේවස්‌ථාන ගින්නට ගොදුරු කළ බවත් පෘතුගාලයේ එම්මානුවෙල් රජුට ලියා යවා ඇත. ඉස්‌ලාම් දහම සහ කිතු සමය අතර පැවැති නිරන්තර වෛරය ඉන්දීය සාගරයෙහිද නිරනුකම්පිත ලෙස ක්‍රියාත්මක විය. වස්‌කෝද ගාමා මුහුදේදී හමුවූ සෑම නැවක්‌ම (පෘතුගාල නොවන) කිසිදු අනතුරු ඇඟවීමක්‌ හෝ නොකොට විනාශ කරන ලද අතර පෘතුගීසි ලේඛක ජුවන්බරෝස්‌ගේ කෘතියක ඒ සඳහා ඔවුන්ගේ ප්‍රතිපත්ති ය අනාවරණය වන සඳහන් දැකගත හැකිය. ඔහුගේ සටහනෙන් පැහැදිලි කරන්නේ මුහුදේ ගමනාගමනයට ඕනෑම ජාතියකට අයත් යාත්‍රාවලට ඉඩ කඩ ලැබෙන බවයි. ඒ අයිතිය තිබෙන්නේ යුරෝපයේදී පමණි. යුරෝපයෙන් පිටත මුහුදුවලට එය බලපාන්නේ නැත. එහෙයින් යුරෝපයෙන් පිටත මුහුදුවලදී හමුවන ඕනෑම නැවක්‌ අල්ලා ගැනීමට විනාශ කිරීමට මුහුදෙහි අධිපත්‍යයක්‌ වශයෙන් තමන්ට ඇති අයිතිය බරෝස්‌ අවධාරණය කරයි. මෙම පිළිවෙතම වස්‌කෝද ගාමාද අනුගමනය කළ බව පැහැදිලිය. වෙළෙඳාමට පහර ගැසීම සහ වෙළෙඳ බලය අල්ලා ගැනීමට මුස්‌ලිම් ආධිපත්‍යය නතර කිරීමටත් ඔවුන්ට ධනය සැපයෙන මාර්ග අසුරාලීම මගින් ඔවුන් විනාශ කළ හැකි බවත් ඇල්බුකර්ක්‌ පවසා තිබුණි. ගාමා අනුගමනය කළේද එම ප්‍රතිපත්තියයි.

මෙම ලිපිය වස්‌කෝද ගාමාගේ පෞද්ගලික තොරතුරු කෙටියෙන් හෝ විමසා නොබලන්නේ නම් එය අන්තර්ගතයට අඩුවක්‌ බව පෙනේ.

වස්‌කෝද ගාමා පෘතුගාල රාජ්‍ය සභාවේ රදල වංශිකයෙකි. ඔහු නිරිත දිග පෘතුගාලයේ සීනිස්‌ හිදී ක්‍රි. ව. 1460 දී උපත ලබා ඇත. ඔහු උපන් වසරේ නාවික හෙන්රි මියගොස්‌ ඇත. ඔහු ඉවෝරා (Eඩදර්) හි පාසලකින් අධ්‍යාපනය ලබාගෙන තිබේ. පෘතුගීසි ලේඛන අනුව අල්වාරේස්‌ ගාමා නමින් හැඳින්වුන පුද්ගලයාට ඇස්‌ටිවායෝ නමින් හැඳින්වෙන පුත්‍රයකු සිටි බවත් ඔහුගේ පුත්‍රයාද පෘතුගාල රාජ්‍ය සේවකයකු විය. ඔහු ලිස්‌බන් නගරයට දකුණු දිගින් පිහිටි සයින්ස්‌ නමැති මුහුදුබඩ ප්‍රදේශයෙහි ආණ්‌ඩුකාරයා වශයෙන් කටයුතු කර තිබේ. ඔහුගේ තුන්වන පුත්‍රයා වශයෙන් වස්‌කෝද ගාමා හඳුනාගෙන ඇත.

නිසි වයසට පැමිණි වස්‌කෝද ගාමා රාජ්‍ය සේවාවට බැඳී තිබේ. ඔහු ඉස්‌ලාම් ආධිපත්‍යයට එරෙහි ක්‍රියාකාරීව පෘතුගාල රජයට සහය දැක්‌වූ අතර, කැස්‌ටයිල් සටනේදී නිර්භීත භාවය පිළිබඳව නමක්‌ දිනාගෙන සිටියේය. මේ පසුබිම යටතේ ඔහු ගවේෂණ කටයුතු සඳහා රජය විසින් තෝරාගෙන තිබෙන්නේ දෙවන ඉන්දියා ගමනින් පසු රාජ්‍ය සේවාවෙන් ඉවත් වූ ගාමා ඉවෝරාවේම පදිංචි වී තිබේ. ගාමා රාජ්‍ය සේවාවෙන් ඉවත්වීමට නිශ්චිත හේතු දක්‌වා නැතත් පෘතුගීසි ලේඛන අනුව පෙනී යන්නේ ඔහු අපේක්‌ෂා කළ තරම් වරප්‍රසාද සහ ධනයක්‌ රාජ්‍යයෙන් නොලැබුන නිසා එසේ රාජ්‍ය සේවාවෙන් ඉවත්වූ බවයි. 

කෙසේ වුවත් එම්මානුවෙල් රජුගෙන් පසු පෘතුගාල සිහසුනට පත්වූ ෂෂෂ ජෝන් රජු වස්‌කෝද ගාමා ඉන්දියාවේ ප්‍රතිරාජයා වශයෙන් පත්කරන ලද නිසා ඔහු ක්‍රි. ව. 1524 සැප්තැම්බර් මාසයේ ගෝවට ගොස්‌ තිබේ.

මේ නව පත්වීමත් සමඟ ගෝව මූලස්‌ථානය කරගත් පෙරදිග පෘතුගීසි ආධිපත්‍ය පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් පරිපාලන දුර්වලතාද නිවැරදි කරන්නෙකු වශයෙන් පාලන කටයුතු ගෙන ගියේය. ගෝවේ ප්‍රතිරාජයා වශයෙන් කටයුතු කරමින් සිටි වස්‌කෝද ගාමා රෝගීව ක්‍රි. ව. 1526 වසරේදී මිය ගියේය. ඒ වනවිට ඔහුගේ වයස අවු. 54 ක්‌ විය. ක්‍රි. ව. 1961 වසරේදී ගෝව ඉන්දියානු රජය විසින් අත්පත් කර ගන්නා තෙක්‌ම පෘතුගාල පාලනයට නතුව පැවතුණි.

වස්‌කෝද ගාමාගේ සිරුර කොචින් නගරයේ භූමදාන කරන ලද නමුත් ක්‍රි. ව. 1538 වසරේදී ඔහුගේ සිරුර ගොඩගෙන “විඩිලගුවේරාවේ” මිහිදන් කරන ලදී. නැවතත් ක්‍රි. ව. 1880 වසරේදී ඔහුගේ සිරුරු කොටස්‌ ගොඩගෙන “බෙලම්හි” දේවස්‌ථාන භූමියේ මිහිදන් කොට තිබේ. ඔහුගේ සොහොන සමීපයේම පෘතුගීසි සොල්දාදුවෙකුවූද, එක්‌ ඇසක්‌ පමණක්‌ තිබු (එක්‌ ඇසින් සටනකදී අහිමිවිය) ලුවී වැස්‌ඩි කමෝයාන්ගේ සිරුර මිහිදන් කර තිබේ. කමෝයාන්, වස්‌කෝද ගමාගේ ඉන්දියා වීර චාරිකාව “ලුසියාද්” නමින් අමරණීය කාව්‍යයක්‌ කළ කවියා විය. ඔහු ගෝව “ලුසියාද් කාව්‍යයේදී හඳුන්වා තිබෙන්නේ පෙරදිග බැබිලෝනියාව වශයෙනි.

ගාමා සියවස්‌ ගණනාවක්‌ පෙරදිග පෘතුගීසි බලයත්. ඕලන්ද, ප්‍රංශ සහ ඉංග්‍රීසි ජාතිකයන්ට ඉන්දීය සාගරයෙහි ආධිපත්‍ය අත්කර ගැනීමටත් එම බලය ආරක්‌ෂා කර ගැනීමටත්, අවශ්‍ය පදනම නිර්මාණය කිරීමේ වැදගත් කොටසක්‌ ඉටුකළ නාවිකයාද වේ. එහි ගෞරවය හිමිවන්නේද ඔහුටය.

වස්‌කෝද ගාමා ඉතිහාසයෙහි නොමැකෙන ලෙස සටහන් වීමට හේතුවූ අනෙක්‌ කරුණ වන්නේ මුස්‌ලිම් ආධිපත්‍යයට පෙරදිග නතුවීමේ අවස්‌ථාව සහ ඉඩප්‍රස්‌ථා අහෝසි කළ නාවික අද්මිරාල්වරයා වශයෙනි. 

බලය සඳහා ඔහු අනුගමනය කළ ප්‍රතිපත්තිය අතිශය දරුණු ස්‌වරූපයක්‌ ගත්තද එකල එසේ නොවූයේ නම් ඔහුට සහ ඔහුගේ සහායකයන්ටද අත්වන්නේ එම ඉරණම බවට සැකයක්‌ නොවීය. ඔහුගේ ප්‍රතිපත්තිය වූයේ දුටු තැන ඉස්‌ලාම් ආධිපත්‍යයට, බලයට පහරදී විනාශ කිරීමයි. ගාමාගේ ප්‍රතිපත්තිය පසුව ගෝවට පැමිණි විසුරේවරුන් මෙන්ම පෘතුගාල අධිකාරීන්ද අනුගමනය කළ බව ඉතිහාසයෙන් පැහැදිළි වේ. පෙරදිග බටහිර ලෝකයට අනාවරණය කළ පුද්ගලයා වශයෙන් මෙන්ම ඔහුට හිමිවිය යුතු ඓතිහාසික ලකුණ පෘතුගාල ලේඛකයින් විසින් පමණක්‌ නොව අනෙකුත් විද්වතුන් විසින්ද වස්‌කෝද ගාමාට ලබාදී තිබේ.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s