බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්ව මාස දෙකකට පසු එළඹි ඇසළ පුර පසළොස්‌වක පොහෝ දින බරණැස ඉසිපතනයේ දී පස්‌වග මහණුන් අරඹයා සිය ප්‍රථම දේශනාව සිදු කළහ. එහි දී ප්‍රථමයෙන් ධර්මය අවබෝධ කරගත් කොණ්‌ඩඤ්ඤ තවුසාණන්ගේ පැවිදිවීමත් සම`ග ආරම්භ වූ බෞද්ධ සංඝ සමාජය වැඩිකල් නොගොස්‌ම මහා සංඝ සංස්‌ථාවක්‌ බවට පත් විය. මානව නිදහස මෙන්ම චින්තන වීමංසන නිදහස ද අගයන බුදුදහම තුළ වූ යථාර්ථවාදී බව මෙන්ම ඒ තුළ වූ නැවුම් බව නිසාම බොහෝ පිරිසක්‌ බුදුදහම වැළඳගත් අතර එයිනුදු වැඩි පිරිසක්‌ සංඝ සමාජයට ඇතුළත් විය. ඒ අනුව සංඝ සංස්‌ථාව තුළ විවිධ කුල, ගෝත්‍ර, ආගම්, වර්ගවලට අයත් වූවෝ වූ අතර විවිධ භාෂා කතා කළ අය මෙන්ම විවිධ සංස්‌කෘතික ලක්‍ෂණවලින් යුතු වූවෝ ද වූහ. මේ නිසා සංඝ සමාජය පුළුල් වත්ම එය වඩා සංකීර්ණත්වයට පත් විය.

මෙසේ වර්ධනය වූ බුද්ධකාලීන සංඝ සමාජය මුළුමනින්ම නිරර්බුදව නිරාකූලව පැවතියේ යෑයි පැවසිය හැකි නොවේ. ඊට හේතුව එකල්හි පවා සංඝ සමාජය තුළ මතු වූ විවිධ අර්බුද හා ගැටුම් දක්‌නට ලැබීමයි. ඒ අනුව සංඝ සමාජය තුළ මුල්ම බෙදීම ඇතිවන්නේ කොසඹෑනුවර ධර්මධර හා විනයධර භික්‍ෂුන් අතර ය. බුද්ධත්වයෙන් දසවන වර්ෂයේ සිදු වූ මෙම අරගලය බුද්ධකාලීන සංඝ සමාජය පැහැදිලි බෙදීමක්‌ ඇති කරන ලදී. අනතුරුව අපගේ අවධානය යොමුවන්නේ දෙව්දත් තෙරුන් විසින් සිදු කරන ලද සංඝභේදය යි. ගිහිකල ශාක්‍ය කුමාරයෙක්‌ වූ ද යශෝධරා දේවියගේ සහෝදරයා වූ ද දේවදත්ත පැවිදි වී ධ්‍යාන වඩා පඤ්චාභිඥා අෂ්ටසමාපත්ති ලාභියෙක්‌ විය. දිනක්‌ බුදුන්වහන්සේ වෙත ගොස්‌ සංඝයාගේ පාලනය තමන්ට පවරන ලෙස ඉල්ලා එය නොලැබුණු හෙයින් දෙව්දත් තෙරුන් බුදුන්වහන්සේ කෙරෙහි අමනාපයෙන් සංඝයා භේද කිරීම සඳහා කටයුතු කළේය. ඒ සඳහා ඔහු විසින් පංච වර නමැති ඉල්ලීම් පහක්‌ ඉදිරිපත් කර බුදුන්වහන්සේගේ අනුමැතිය ඉල්ලා සිටියේය. එහෙත් බුදුන් වහන්සේ එම ඉල්ලීම් පහ ද ප්‍රතික්‍ෂේප කළහ. ඉන් පසු තම මතය පිළිගත් තවත් භික්‍ෂුන් 500 ක්‌ සම`ග වෙන් වී සංඝ භේදය සිදු කළේය.

බුද්ධ කාලීන සංඝ සමාජය භේද වූ අවස්‌ථා ලෙස බොහෝ දෙනා දන්නා ඉහත කී සිදුවීම් දෙකට අමතරව තවත් බොහෝ සිදුවීම් එකල්හි සිදු විය. විශේෂයෙන් ඡබ්බග්ගිය, උපනන්ද, උදායී, ඡන්න ආදී කොටගත් විසිතුන් දෙනෙක්‌ වූ භික්‍ෂුන්ගේ ක්‍රියාකලාපයන් සංඝභේද ඇති කළ අවස්‌ථා ලෙස හැඳින්වීම යුක්‌තියුක්‌ත වේ. ඉන් පැහැදිලි වනුයේ විවිධ මත දැරූවන් බුදුන් දවස සිටින්නට ඇති බවත් ඔවුන් සංඝයාගේ සමඟියට බාධාවක්‌ වූ බව හා ඔවුන් නිසා සංඝභේද නිර්මාණය වූ බවත් ය. ඒ සියලූ අවස්‌ථාවන්හි දී බුදුන් වහන්සේ විසින් එම භේදයන් නිරාකරණය කරන්නට අවශ්‍ය පියවර ගන්නා ලද්දේ අවශ්‍ය අවස්‌ථාවන්හි දී විනය නීති පවා පනවමිනි. ”සුඛා සංඝ සාමගී්‍ර…” යනුවෙන් සංඝයාගේ සම`ගිය සැපතක්‌ බව පෙන්වා දුන් බුදුන් වහන්සේ එය සැමවිටම අගය කළ බව පෙනේ.

සංඝයාගේ භේදය පිණිස හේතුවන කරුණු මොනවාද යන්න බුදුන් රජාණන් වහන්සේ විසින් උපාලි හිමියන්ට සහ ආනන්ද හිමියන්ට අවස්‌ථා දෙකක දී පෙන්වා දී තිබේ. ඒ අවස්‌ථා දෙකේදී ම බුදුරදුන් ගෙන හැර දක්‌වන්නේ එකම කරුණු ය. ඒවා නම්, යමෙක්‌ ධර්මය අධර්මය ලෙසින් දක්‌වයි ද, අධර්මය ධර්මය ලෙසින් දක්‌වයි ද, විනය අවිනය ලෙසින් දක්‌වයි ද, අවිනය විනය ලෙසින් දක්‌වයි ද, බුදුරදුන් භාෂිත, ලාපිත දේ අභාෂිත, අලාපිත දේ ලෙසින් දක්‌වයි ද, අභාෂිත, අලාපිත දේ භාෂිත, ලාපිත දේ ලෙසින් දක්‌වයි ද, ආචීර්ණය අනාචීර්ණය ලෙසින් දක්‌වයි ද, අනාචීර්ණය ආචීර්ණය ලෙසින් දක්‌වයි ද, බුදුරදුන් නොපැනවූ දේ පැනවූ දේ ලෙසින් දක්‌වයි ද, පැනවූ දේ නොපැනවූ දේ ලෙසින් දක්‌වයි ද මේ කරුණු දහය හේතුවෙන් පිරිස ඇද ගන්නේ ද, අත්‍යාර්ථයෙන් ඇද ගන්නේ ද, වෙන්ව කර්ම කෙරේද, වෙන්ව පාමොක්‌ උදෙසා ද එකල්හි සංඝභේදය සිදු වෙයි.

ඒ අනුව වත්මන් ශ්‍රී ලාංකේය සංඝ සමාජය කෙතරම් භේද වී ඇත්දැයි යන්න වටහා ගත හැකි ය. වත්මන් ධර්ම දේශකයන් වහන්සේලා ධර්මය සිය අභිමතය පරිදි විකෘති කරමින් ධර්ම දේශනා සිදු කරති. ඇතැමෙක්‌ විද්‍යාව අනුව යමින් බුදුදහම විකෘති කරයි. තවත් සමහරුන් බෞද්ධ සම්ප්‍රදාය විවේචනය කරමින් බෞද්ධයා ක්‍ෂණිකව නිවනට පමුණුවන්නට ප්‍රයත්න දරන්නේ සංඝභේදය ද සිදු කරමිනි. තවත් අය ස්‌වකීය අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීම උදෙසා බුදුන් වහන්සේ විසින් දේශිත ධර්මය උපයෝගී කර ගනියි. ඔවුන් ධර්මය අධර්මය කරමින් අධර්මය ධර්මය කරමින් සිය අරමුණ වෙනුවෙන් බෞද්ධ සමාජයම නොම`ග යවයි. වාණිජ ප්‍රතිලාභ වැඩිකර ගැනීම උදෙසා ධර්මය ඡන්දසට නගන්නෝ ද සිටිති. අභිරූපණයන් දක්‌වමින් ජුගුප්සාජනක දේ පවසමින් ශ්‍රී සද්ධර්මය දේශනා කරන්නෝ ධර්ම දේශකයන් වහන්සේලා ලෙස හැඳින්විය හැකි ද? මේ සියල්ලේ ප්‍රතිඵලය බුදුරදුන් දැක්‌වූ පරිදි සංඝභේදය නොවේ ද?

විවිධ දේශපාලන මත කරපින්නාගෙන සිටින භික්‍ෂුන් වහන්සේලා වර්තමානයේ බහුල ය. ආගමේ නාමයෙන් ඔවුන් විසින් සිදු කරනුයේ සංඝභේදයකි. වීදි සටන්, උපවාස, කඨෝර අක්‍රෝශ පරිභව කිරීම් වත්මන් භික්‍ෂුන් වහන්සේලාගේ ජනප්‍රිය අංගයන් බවට පත්වෙමින් පවතී. ඉන් හානි කරනුයේ බුද්ධ චීවරයට පමණක්‌ නොව සමස්‌ත බෞද්ධ සමාජයටම ය. ඡන්දය හෙවත් කැමැත්ත දේශපාලනික වශයෙන් ගත් කල ද්වේශය, බිය, හා යථාර්ථය නොදැකීම අත්‍යන්තයෙන්ම ඇති කරවයි. භික්‍ෂුන් වහන්සේලා දේශපාලනික වශයෙන් ඡන්දය ඇති කරගත් කල්හි මුළුමහත් සමාජයම සතර අගතියට ඇද දමයි. ඇතැම් දේශපාලනඥයින් විසින් ස්‌වකීය අභිමතාර්ථ වෙනුවෙන් භික්‍ෂුව යොදා ගන්නේ දාම් ලෑල්ලක ඉත්තන් මෙනි. විවිධ වරදාන, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් දේශපාලනඥයන් පසුපස යන භික්‍ෂුව සිය ගෞරවය හා ප්‍රවෘජ්‍යාව කෙළෙසා ගැනීමෙන් නොනැවතී සංඝභේදය සිදුකරමින් මුළුමහත් බෞද්ධ සමාජයම පරිහානියට ලක්‌ කරයි.

අසපු නිර්මාණය ද, නිරන්තර විහාර කර්මාන්තය ද, සැමවිටම ආධාර එක්‌රැස්‌ කිරීම් ද අපට සිහිකරවන්නේ බුදුන් දවස විසූ ඡබ්බග්ගිය, මෙත්තිය ගුම්බජක, අලව්නුවර යනාදී භික්‍ෂුන් ය. එකී භික්‍ෂූන්ගේ ක්‍රියාකලාපය බුදුරදුන් දැඩිව ප්‍රතික්‍ෂේප කළ ආකාරය විනය පිටකය තුළින් අපට දැකගත හැකි ය. ඇතැම් භික්‍ෂුන් වහන්සේලා දියත් කරන පිණ්‌ඩපාත වැඩසටහන් ද හුදු ව්‍යාපාරික ක්‍රියාවලියකි. බුදුරදුන් තිරශ්චීන විද්‍යා ලෙසින් දැක්‌වූ නැකැත් ශාස්‌ත්‍රය, ජ්‍යෙdaතිශය වැනි ශාස්‌ත්‍රයන් තුළින් මුදල් උපයන භික්‍ෂුන් වහන්සේලා ගැන කිව හැක්‌කේ කුමක්‌ ද? පාරවල්වල, කුඩා ලොරි රථවල, වෑන්රථවල, ත්‍රීරෝද රථවල ශබ්ද විකාශන යන්ත්‍ර යොදා ගනිමින් පිරිත් විකාශය කරමින් ධාතු ප්‍රදර්ශනය කරමින් ආධාර මුදල් එක්‌ රැස්‌ කිරීම බෞද්ධ භික්‍ෂුවකට කෙතරම් උචිත වන්නේ දැයි සිතා බලන්න. ඔවුන්ගේ තත්ත්වය යාචකයන්ගේ තත්ත්වයෙන් වෙනස්‌ නොවේ. ඉන් සිදුවන්නේ සංඝයා කෙරේ ඇති පැහැදීම වෙනස්‌ වීම නොවේ ද? එයම සංඝභේදය වන්නේ ය.

සංඝභේදය සිදුවීම බොහෝ දෙනාගේ අහිත පිණිස, බොහෝ දෙනාගේ නොසැප පිණිස, බොහෝ දෙනාට අනර්ථය පිණිස, දෙව් මිනිසුන්ට අනර්ථය, දුක පිණිස හේතු වන බව බුදුරදුන් පෙන්වා දෙයි. එසේම සංඝයා බි`දුණු කල්හි ඔවුනොවුන් කලහයෝ වෙත්. තර්ජිතයෝ වෙත්. පිරිහෙළිම් ද වෙත්. අත්හැරීම් ද වෙත්. නොපහන් වූවෝ නොපහදිත්. පැහැදුණු අය ද වෙනස්‌ වෙයි යනුවෙන් සංඝභේදයේ ප්‍රතිවිපාකයන් බුදුරදුන් වැඩිදුරටත් දක්‌වයි. වත්මන් ශ්‍රී ලාංකේය බෞද්ධ සමාජය මෙම ප්‍රතිවිපාකයන් අත්විඳින බව ප්‍රත්‍යක්‍ෂ කරුණකි.

පසුගිය කාලය පුරාම අප අත් විඳින්නේ මෙම තත්ත්වය බව අප විසින් තේරුම්ගත යුතු කාලය එළඹ තිබේ. භික්‍ෂුන් වහන්සේලා භේද වීම තුළ ඔවුන් හා අනුගාමී බෞද්ධ උපාසක උපාසිකාවන් ද භේද වේ. ගිහි සමාජයේ ද ඔවුනොවුන් කෙරේ කලහයෝ වෙත්. තර්ජිතයෝ වෙත්. පිරිහෙළිම් ද වෙත්. අත්හැරීම් ද වෙත්. නොපහන් වූවෝ නොපහදිත්. පැහැදුණු අය ද වෙනස්‌ වෙයි. භික්‍ෂුන් වහන්සේලා හා ගිහියන් ඔවුනොවුන් කෙරේ කලහ කරමින් වාදවිවාද කරමින් එකිනෙකාට තර්ජනය කරමින්, පිරිහෙළීම් කරමින්, එකිනෙකා අත්හරිමින් බෞද්ධ සමාජයම සී සී කඩ විසිරී යන තත්ත්වයක්‌ වත්මනෙහි උදා වී තිබේ. මේ තත්ත්වයට මූලිකම හේතුව සංඝභේදය බව බුදුරදුන්ගේ දේශනාව තුළින් පැහැදිලි වේ.

සංඝභේදය හේතුවෙන් මෙලොව වශයෙන් ඇතිකරන මෙකී ප්‍රතිවිපාකයන්ට අමතරව පරලොව වශයෙන් ආයු කල්පයක්‌ නිරයේ දුක්‌ විඳින්නට සිදුවන බව බුද්ධ දේශනාවයි. ඊට සංඝභේදයට මුල් වූ භික්‍ෂුන් වහන්සේලාට පමණක්‌ නොව ඊට අනුග්‍රහය සපයන ගිහියන්ට ද අත්විඳින්නට සිදු වේ. එහෙයින් අප විසින් නොවළහා කළ යුතු වන්නේ වර්තමානයේ ඇති අහිතකර තත්ත්වයෙන් මිදීම ස`දහා මෙන්ම අනාගතයේදී ආයු කල්පයක්‌ අපාගත වීමෙන් ද වැළකීම උදෙසා සංඝ සාමග්ගිය ඇති කරලීමයි. සම්බුද්ධ දේශනාව අනුව වෙනත් විකල්පයක්‌ නොපවතින බව ඉඳුරාම කිව හැකි ය.

මේ ස`දහා අමුතුවෙන් ක්‍රියා කළ යුතු නොවේ. ධර්මය ධර්මය ලෙසින් දක්‌වයි ද, අධර්මය අධර්මය ලෙසින් දක්‌වයි ද, විනය විනය ලෙසින් දක්‌වයි ද, අවිනය අවිනය ලෙසින් දක්‌වයි ද, බුදුරදුන් භාෂිත, ලාපිත දේ භාෂිත, ලාපිත දේ ලෙසින් දක්‌වයි ද, අභාෂිත, අලාපිත දේ අභාෂිත, අලාපිත දේ ලෙසින් දක්‌වයි ද, ආචීර්ණය ආචීර්ණය ලෙසින් දක්‌වයි ද, අනාචීර්ණය අනාචීර්ණය ලෙසින් දක්‌වයි ද, බුදුරදුන් පැනවූ දේ පැනවූ දේ ලෙසින් දක්‌වයි ද, නොපැනවූ දේ නොපැන වූ දේ ලෙසින් දක්‌වයි ද එයම ප්‍රමාණවත් ය. ඒ ස`දහා භික්‍ෂුව මෙහෙයවීම මහාසංඝරත්නයට නායකත්වය දෙන සංඝ පීතෘවරයන්ගේ වගකීමයි. ඊට අකුල් නොහෙලා අවශ්‍ය අනුග්‍රහය සැපයීමට වගකිව යුතු පාලකයන් මෙන්ම පුරවැසි ගිහියන් ද පෙළ ගැසිය යුතු ය. එසේ නොවන්නේ නම් සියලු දෙනාම තව දුරටත් එකිනෙකා හා අසමගියෙන් හි`ද මෙලොවදී වැනසී යයි. පරලොව දී දුගතිගාමී වෙයි.

සංඝයා සමගි වූ කල්හි සම්බුද්ධ ශාසනය පරිහානියට ලක්‌ නොවේ. එවිට ශාසනය බේරා ගැනීම සඳහා අමුතුවෙන් සටන් වැදිය යුතු නොවේ. ඔවුනොවුන් කෙරේ වාද විවාද ඇති නොවේ. ගිහි සමාජය බෙදී වෙන් වී නොයයි. එවිට බෞද්ධ සමාජයම සමගි සම්පන්න ය. බාහිර උපද්‍රවවලින් ආරක්‍ෂිත ය. බෞද්ධයාගේ මෙලොව ජීවිතය සැපවත් ය. සංඝ සාමග්ගිය ඇති කරලීමේ ප්‍රතිවිපාත වශයෙන් පරලොව ජීවිතය ද ආයු කල්පයක්‌ සුගතියේ සැප විපාක විඳියි. ”සුඛා සංඝ සාමග්‍රී…” යනුවෙන් සංඝයාගේ සමඟිය සැපතක්‌ බව බුදුරදුන් පෙන්වා දුන්නේ එහෙයිනි. එම සැපත ළඟා කර ගැනීම අප කාගේත් දෙලොව හිතසුව පිණිසම හේතු වන්නේ ය

රංග බුද්ධික කංකානන්ගේ

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s