
☪️ සලාෆි ජිහාඞ් වාදය
සෝවියට් දේශයෙන් ඇෆ්ගනිස්ථානය බේරා ගැනීමට ආරම්භ කළ මතවාදයකි. ශුද්ධ වූ ඉස්ලාම් රාජ්‍යයක් ගැන කතා කරයි.
සලාෆි යනු මුස්ලිම් සමාජය මුහම්මද්තුමාගේ කාලයේ තිබූ අකාරයට අනුව සකස් විය යුතුය යන විශ්වාසය මත පදනම්වූ ආගමික ව්‍යාපාරයකි. ඔවුන් කුරාණය අකුරටම අනුගමනය කිරීම මත තම ව්‍යාපාරය පදනම් කරන අතර ඉස්ලාමීය සමාජයට බැහැරින් පැමිණෙන සංස්කෘතික බලපෑම් සම්පූර්ණයෙන්ම ඉවත හෙළිය යුතු බවට විශ්වාස කරති.
☪️ වහාබ් වාදය
සවුදි අරාබියේ මධ්‍යම ප්‍රදේශයට අයත් නජ්ඞ් නමැති කුඩා නගරයේදී 1703 දී උපන් මොහොමඞ් ඉබ්න් අබ්ඞ් අල් වහාබ් මෙහි ආරම්භකයාය. සෞදි අරාබියේ අගනුවර වන රියාද් පිහිටා ඇත්තේ ද නජ්ඞ් ප්‍රදේශයේය. නජ්ඞ් හි වැසියන් බොහොමයක් කාන්තාරයේ වාසය කරන සංචාරක අරාබි ගෝත්‍ර (බෙදුවියන්වරු) වන නමුත්, අල්වහබ් අයත් වූයේ බෙදුවියන් නොවන අරාබි ගෝත්‍රයක් වන බානු තමීම් ගෝත්‍රයටය.
ඔහු ඉරාකයේ ප්‍රධාන නගරයක් වූ බස්රාහි අධ්‍යාපනය ලැබූවෙකි. තරුණ වයසේ දී ඔහු අරාබි ලෝකය පුරා සංචාරය කරමින් ඉස්ලාමය හැදෑරීය. නමුත්, මක්කමෙහි සිටි ඔහුගේ ගුරුවරයා පැවසුයේ වහාබ් දුර්වල, උද්දච්ච සහ ගුරුවරුන්ට ගරු නොකළ සිසුවෙක් වූ බවය. ඔහු මෙම කාලයේ දී මක්කම, මදීනා, බස්රා සහ බැග්ඩෑග් වැනි අරාබි ලෝකයේ ප්‍රධාන නගරවලට ගියේය. ඔහු සවුදි අරාබියේ පළමුවන ශුද්ධ නගරය වන කාබා පල්ලිය පිහිටි මක්කමටත්, නබිතුමාගේ දේහය තැන්පත් කර ඇති මදීනාවටත් නිතර වන්දනාවේ ගියේය. (සවුදි අරාබියේම පිහිටි මදීනාව ඉස්ලාමයේ එන දෙවන ශුද්ධ නගරයයි) වහාබ් සලාෆි නමින් හැඳින්වෙන ඉස්ලාමීය ව්‍යාපාරයේ සාමාජිකයෙක් විය. මොහු වහාබ්වාදයේ පියා ලෙස සැලකේ.
1740 දී අරාබියේ ප්‍රධාන නගර සංචාරයෙන් පසු වහාබ් ගමට පැමිණියේය. ඔහු සලාෆිවාදී අදහස් අන්තයට ක්‍රියාවට නංවමින් ප්‍රාදේශීය අරාබිවරුන්ගේ වන්දනාවට ලක් වූ නබිතුමාගේ සහයකුගේ සොහොනක් කඩාබිඳ දැමීය. අනතුරුව අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් ගල් ගසා මැරීමේ නීතිය නැවත ස්ථාපිත කළේය. (අනාචාරයේ හැසිරෙන ස්ත්‍රීන් ගල් ගසා මරා දැමිය යුතු යැයි කුරාණයේ කිසිම තැනක සඳහන් නොවේ). අසල්වැසි අරාබි ගෝත්‍ර මෙම සිද්ධීන්ගෙන් කලබලයට පත් වී අල් වහාබ්ව මරා දමන ලෙස බානු තමීම් ගෝත්‍රයේ පාලකයාට බලපෑම් කළහ. විශේෂයෙන් මෙම බලපෑම් එල්ල වූයේ වෙරළබඩ නාගරිකයන්ගෙනි. එබැවින් අල් වහාබ් හට තාවකාලිකව තම ගම අතහැර පලා යන්නටද සිදු විය.
වහාබ්තුමා සෑම කාලයක දීම විශ්වාස කළ කාරණයක් විය. එනම් ලොව සිටින්නේ එකම දෙවියකු බවත් ඒ අල්ලා දෙවියන් වහන්සේ බවත් ය. මෙය ඒකදේවවාදයයි. වහාබ්තුමා ජීවත්වූ කාලයේ දී අරාබිය පුරා බහුදේවවාදයන් ව්‍යාප්ත වෙමින් පැවතිණි. මිනිසුන් විවිධ දෙවිවරුන් කෙරෙහි විශ්වාසය තැබුවා පමණක් නොව එකවර දෙවිවරුන් කිහිපදෙනෙකු අදහමින් පිහිට පැතූහ. ලොව සිටින එකම දෙවියන් අල්ලා පමණක්ය යන මතය ප්‍රචලිත කිරීම උදෙසා වහාබ් තුමා ඉස්ලාම් ආගම තුළ ප්‍රතිසංස්කරණ රාශියක් කළේය. කුරාණයේ එන එම ඉගැන්වීම් එලෙසම අනුගමනය කරන ලෙස තම ශ්‍රාවකයන්ට බලකළ ඔහු නබිතුමා අනුගමනය කළ සම්ප්‍රදායය සහ නීතිරීති කෙරෙහි කැපවන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටියේය.
වහාබ් තවදුරටත් අරාබි අර්ධද්වීපයේ අභ්‍යන්තරයට පලා යමින් දිරියා නගරයට පැමිණියේය. දිරියාහි ප්‍රාදේශීය පාලකයා වූ මොහොමඞ් බින් සවුද් එමීර්වරයා සමඟ මිත්‍රත්වයක් ඇතිකර ගැනීමටත්, ඔහු සමඟ එක්ව එවකට පැවැති ඉස්ලාමය ප්‍රතිසංස්කරණය කිරීමටත් දෙදෙනා අතර 1744දී ගිවිසුමක් ඇතිකර ගැනීමට වහාබ්ට හැකිවිය. එයින් අල් වහාබ්, සවුද්ට අරාබිය පුරා තම බලය පැතිරවීමට සහය දෙන බවටත්, සාවුද්, අල් වහාබ්ට තමාගේ බලප්‍රදේශය තුළ අල් වහාබ්ගේ ආගමික අදහස් පැතිරවීමට ඉඩදෙන බවටත් ගිවිස ගැනිණි.
☪️ පළමු සවුද් රාජ්‍යය
1744දී බින් සවුද් පවුල සහ වහාබ් පවුල අතර සමීප නෑකමක් ද ඇතිවිය. ඒ බින් සව්ද්ගේ පුත්‍රයාවූ අබ්දුල් අසීස් සහ වහාබ් තුමාගේ දියණිය විවාහ වීමෙනි. එම වසරේ දී බින් සවුද් එමීර් තුමා පළමුවන සවුදි රාජ්‍යය ඔහුගේ නමින් සවුදි අරාබිය ලෙස පිහිටුවීය. සවුද් සහ ඔහුගේ පුත් අබ්දුල් අසීස් බින් සවුද් යටතේ දිරියා හි හමුදා දකුණු සහ බටහිර වෙරළ හැරුණු විට මුළු අරාබි අර්ධද්වීපයම ඔවුන් යටතට ගත් අතර 1792දී අල් වහාබ් මිය යන විට දිරියා එමිර් රාජ්‍යය (සවුදි අරාබිය) ඉතා බලසම්පන්න තත්ත්වයක පැවැතිණි. අල් වහාබ් මියගිය පසුව ද දිරියා එමිර් රාජ්‍යයේ පැතිරීම දිගටම සිදු වූ අතර, 1801දී ඔවුහු වර්තමාන ඉරාකයේ ඇති ෂියාවරුන්ගේ වඩාත්ම පූජනීය නගරය වන කර්බාලා නගරයට පහර දී එහි තිබූ ෂියා ඉමාම්වරුන්ගේ සොහොන් කොත් රාශියක් විනාශ කළහ. 1840දී මුස්ලිම්වරුන්ගේ පූජනීය නගර වන මක්කම සහ මදීනා පිහිටි හෙජාස් (අරාබි අර්ධද්වීපයේ බටහිර වෙරළ) ප්‍රදේශයට පහර දුන් දිරියා එමිර් රාජ්‍යයේ හමුදා ඒවා එතෙක් පාලනය කළ තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යයෙන් අල්ලා ගත්හ. මේ හේතුවෙන් බලවත් තුර්කි ඔටෝමාන් අධිරාජ්‍යය සහ දිරියා එමීර් රාජ්‍යය අතර යුද්ධයක් ඇති වූ අතර තුර්කි හමුදා 1818 දී දිරියා නගරයට පහර දී එය අල්ලා ගත්හ. දිරියා හි එමීර්වරයා සහ වහාබ් ආගමික නායකයන් ගණනාවක් මරණයට පත් කරන ලද අතර, මුළු අරාබි අර්ධද්වීපයේම තුර්කි බලයට නතු විණි. පළමුවන සවුද් රාජ්‍යයේ අවසානය එසේ සිදු විය.
☪️ දෙවන සවුද් රාජ්‍යය
1824දී සවුද් පෙළපතට අයත් අබ්දුල්ලා බින් මොහොමඞ් විසින් තුර්කි හමුදා පලවා හැර රියාද් නගරයේ බලය අල්ලා ගැනීමත් සමඟම දෙවන සවුද් රාජ්‍යය ආරම්භ විය. එය නජ්ද් එමීර් රාජ්‍යය ලෙස හැඳින්වුණු අතර, අගනුවර වූයේ රියාද් නගරයයි. නජ්ද් එමීර් රාජ්‍යයේ පැතිරීම නැඟෙනහිර දෙසට වූ අතර, 1890 වන විට එය මධ්‍යම අරාබි අර්ධද්වීපය සහ පර්සියානු බොක්ක අවට ප්‍රදේශ වසා පැතිරිණි. 1891දී අල් රසීඞ් පෙලපත විසින් පාලනය කළ උතුරු අරාබි නගරයක් වූ හෛල් අගනුවර කරගත් ජබල් ෂමාර් එමිර් රාජ්‍යය සහ නජ්ද් එමීර් රාජ්‍යය අතර ආගමික ප්‍රශ්න සම්බන්ධයෙන් ගැටුමක් ඇති විය. තුර්කිවරුන්ගේ සහය අල් රසීඞ්වරුන්ට ලැබුණ අතර, ඔවුහු 1891දී රියාද් නගරයත්, නජ්ද් එමීර් රාජ්‍යයෙන් වැඩි කොටසකුත් අල්ලා ගත්හ. මෙය දෙවන සවුද් රාජ්‍යයේ අවසානයයි.
ජබල් සමාර් එමීර් රාජ්‍යය තුර්කිවරුන්ගේ සහයෙන් අරාබි අර්ධද්වීපයේ වැඩි කොටසක සිය බලය පැතිරවූහ. වහාබ්වරුන්ට සහ ඔවුන්ගේ අනුග්‍රාහකයා වූ සවුද්වරුන්ට පසුබසින්නට සිදු විය.
සාන්තුවරයන්ට යාඥා කිරීම, දේවාල සහ සොහොන් කොත්වලට වන්දනා ගමන් යාම, ගස්වලට, ගල්ගුහාවලට සහ ගල්වලට වැඳීම සවුද් රාජ්‍යය තුළ සපුරා තහනම් විය. සවුදි රජ පවුල සහ වහාබ්තුමාගේ පවුල අතර සම්බන්ධය අදටත් පවතී.
☪️ වහාබ්වාදී මූලික ඉගැන්වීම්වලින් කොටසක් පහත දැක්වේ.
“””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””””
1. සොහොන් සහ වෙනත් ස්මාරක වන්දනාව තහනම් ය.
2. කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුය.
3. සාන්තුවරයන්ට යාඥා කිරීම තහනම් ය.
4. දේවාලවලට වන්දනා කිරීම සහ දේවාල සඳහා වන්දනා ගමන් යෑම තහනම්ය.
5. ගස්වලට, ගල් ගුහාවලට හා ගල්වලට වන්දනා කිරීම තහනම්ය.
6. සංගීත වාදනය හා නර්තනය තහනම් ය.
7. කාඞ් ක්‍රීඩා, චෙස්, බ්ලැක්ගැමොන් වැනි ක්‍රීඩා තහනම් ය.
8. දුම්පානය තහනම් වේ.
9. මිනිස් හෝ සත්ත්ව රූප චිත්‍රයට නැඟීම තහනම් වේ.
10. නාට්‍ය රඟදැක්වීම හෝ ප්‍රබන්ධ ලිවීම තහනම් වේ.
11. මළ සිරුරක් විච්ඡේදනය කිරීම (අපරාධ පරීක්ෂණයක් හෝ වෛද්‍ය හේතු මත පවා තහනම්ය
12. නබිතුමාගේ උපන්දිනය සැමරීම තහනම්ය.
13. කාන්තාවන් රැකියා කිරීම හා අධ්‍යාපනය ලැබීම තහනම්ය.
14. කඩදාසි මුදල් භාවිතය තහනම්ය.
15. වහල් සේවය නීත්‍යානුකූලය.
16. පිරිමින් සහ කාන්තාවන් එකට එක්රැස් වීම තහනම්ය.
17. ෂරියා නීතිය ක්‍රියාත්මක කිරීම.
වහාබ්වාදය සුන්නි ඉස්ලාම් නිකායේම උපකුලකයක් ලෙස සැලකිය හැකි වුවත් ඔවුන්ගේ සමහර ඉගැන්වීම් සම්ප්‍රදායික සුන්නි මුස්ලිම් වරුන්ගේ දැඩි විවේචනයට ලක් වේ. ෂියා සහ සුෆී මුස්ලිම්වරු වහාබ්වාදය දැඩි ලෙස ප්‍රතික්ෂේප කරති.
උපුටාගත්තේ,
left library යෙන්.
Pushpalal Perer